- HIKIZ 1 -

5.1K 464 229
                                    

'' සම ආරෝපණ දරන අංශු කවදාවත් එකිනෙකට ආකර්ෂණය වෙන්නේ නැති නිසා විද්‍යාඥයෝ තීරණය කළා ............'' මිස් රෙඩොක්ස් බරටම පාඩම කියලා දෙනවා.. ඒ අස්සේ කෙම් ක්ලාස් එකෙ කොල්ලෝ දෙන්නෙක් බර කතාවක...

'' උබ දැන් කියන්නේ උබ එදා කුණුඇළ ගාවදී ඌට නෙළුවා කියලා ද ? ...'' යුගීත් මෙලෝ සතේ ෂුවර් එකක් නැතුව ඇහුවේ දහ අතේ දිවුරලා තමන් සහන්සට නෙළුවා කියලා කියන කෙයාන්ගෙන්... 

'' නෙළුවාද අහන්නේ යකෝ.නෙළුවා ඇටි හැලෙන්න.. දන්නැ මගේ හැටි..අනේ බුදු මල්ලි ගහන්න එපා ගගා පස්සත් අත ගගා දිව්වේ ඌ.. '' කෙයාන් යන්තං කොලර් එකත් උස්සලා කිව්වේ එයාගේ කෙම් ක්ලාස් එකේ අපාය සහයකයාට.. 

'' ළමයෙක්ට මේවා කියලා දෙන්න ඕන ද ? රිසෝස් බුක් එකක් තියෙන්නේ ඒකට තමා.. ඕවා දරුවෝ ඔය රජයෙන් දීලා තියෙන්නේ නිකන්ද? පේපර්ස් හදන්නේ මිස්ලා ද ? නෑ රිසෝස් බුක් එක හදපු ප්‍රොෆෙසර්ස්ලා...ඒකයි කියන්නේ ළමයෙක්ට රිසෝස් බුක් එක හොදටම ඇති..... ඒක කියවලා පාස්ට් පේපර්ස් කරන්න ඕන...'' මිස් රෙඩොක්ස්ගේ සුපුරුදු දේශනය... 

'' අනේ ඇත්තට... වෙන මුකුත් උනේම නැද්ද ?  '' ඔන්න කොහේවත් ඉදපු සතීශ්ගේ කිණ්ඩි වර්සොන් එක පැනලා කතාවට.. අනේ අම්මපා මූටත් මිස් රෙඩොක්ස් කියන දෙයක් අහගෙන පාඩුවේ ඉන්න බැරි හැටි..කෙයාන් බැන බැන හිතුවේ සතීශයා පැන්නොත් නං වැඩේ අල නෙවේ දෙල්ම වෙනවා කියලා ඇති සැටියෙන්දැනගෙන..පොඩි මුසාවාදයක්වත් දිගඅරින්න දෙන්නැති කැත මේකා.. 

හිත ගිය තැන මාළිගාව වගේ, නොකිව්වට කෙයාන්ටත් කොංජම් කොංජම් මාළිගාවක් සහන්සයාගේ ඔළුව උඩම හදන ගමන් ඉදියේ.. ... ඇත්තම කිව්වොත් මිනිහා සතීශ්ට කියලා බරසාර තිරසාර අත්තිවාරමකුත් දාලා අහවර වෙලාම තමා වැඩේට බැස්සේ... දැන් සහන්සගේ පැත්තෙන් වැඩේ ගොඩ කියලා කෙයාන් දන්නවා.. ඒ උනාට මිනිහාගේ උත්තරීතර ආදර්ශ පාඨ තමා

 '' කෙයානයෙනි නැගිට්ව් , අර නැට්ටිච්චි අක්කලාගෙන් සහන්සය්යාව බේරාගනිව්... '' , 

'' හාල් හිපාටුවාේ ,  චොක්ලට් නොගනු , චොක්ලට් නොකනු.. ''... 

'' මගේ සහන්ස ,මගේ හාල් හිපාටුවා , මගේ සුදු අය්යා , මගේ පිපිඤ්ඤා යනුවෙන් වටිනා රත්න හතරින් ඕනෑම මොහොතක ආපදා පැමිණිය හැක. එබැවින් තුන්දොර + භයානකම දොර යනාදී සතර දොර ආරක්ෂා කරගැනීම මගේ පරම වගකීමකි '' 

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now