-HIKIZ 7-

1.7K 340 35
                                    

එයාගේ ආසම සුදුපාට ටී ෂර්ට් එක ඇදපු සහන්ස කණ්ණාඩිය ඉස්සරහා හිටගත්තේ රබර් සෙරෙප්පු දෙක අස්සට කකුල ඔබාගන්න ගමන්.. ඕක සහන්සගේ ජාතික සෙරෙප්පු දෙක.. එහා පැත්තේ රැක් එකේ තනිකරම තියෙන්නේ කෙයාන්ගේ සපත්තු ... රැක් එක පුරවලා තියන කෙයාන්ගේ සපත්තු තොගේ දැක්කම සහන්සගේ මුණට හිනාවක් ආවා..

කෙයාන්ට ඕන නම් රස්තියාදුකාර විදියට , නැත්තන් ඕනම මීටින් එකකට ගැළපෙන විදියට වැදගත් විදියට , සරල විදියට හැම විදියටම අදින්න පුළුවන්කම තිබ්බා... ඔෆිස් යනවා නම් සුදුපාට ෂර්ට් එක .. හැබැයි ගෙදර එනකොට යට කරපු ෂර්ට් එක කලිසමෙන් පිට පැනලා උඩ බොත්තම් ටිකම ගැලවිලා දුඹුරු පාට වෙන එක නම් අතිශය සාමාන්‍යයි... සහන්ස එක්ක කොහේ හරි යනවා නම් කෙයාන්ගේ ඇදුම් සේරම සරලයි.. නිකන් රබර් සෙරෙප්පු දෙක දාලා ටීෂර්ට් එකක් දාගන්නවා.. ඇදුම් නැතුව යන්න කිව්වාත් , මිනිහා ඒකටත් කැමති වෙයි හැබැයි...

එ්ත් සහන්ස නැතුව යනවා නම් දිග කොන්ඩේට බෙල්ල හරියෙන් චූටි පෝනිටේල් එකක් දාලා , වම් කනට කළු පාට මැග්නෙටික් ඉයරින් එකකුත් දාල ,  ඇන්කල් ෂූස් දාලා තියන තරමක් බෑන්ගල් සේරමයි , වොච් එකයි අතට දාගෙන , ඔළුවට කැප් එකත් දාගෙන , අමතක නොකර ලෙදර් ජැකට් එකත් දාගෙන තමා කොල්ලා එළියට බහින්නේ... අතේ රයිඩින් ග්ලවුස් දෙකත් තියේ නම් කොල්ලා අනිවා යන්නේ බයික් එකේම තමා..

දැන් මේ කියන කොල්ලා හොද සැපට දොයි කියලා සහන්සට මතක් උනේ කෙයාන් පොරවන එකත් හොදට ඇගවටේ ඔතාගෙන නින්දෙන්ම ඇදේ අරහෙට මෙහෙට හැරෙද්දි.. මේකා ඉතින් උදෙන් නැගිටිනවා නම් බැරිය... දහවල ඇවදිවිම කලාවක් නම් කෙයාන්  තමා එහි පිකාසො... අද නම් මිනිහාට බිස්නස් පාටියක් නිසා තමා ඔය දවල් වෙනකං හොදට දොයි..

'' ඒ... නැගිටින්න සුදුමැණික....'' සහන්ස ඇදේ පැත්තකින් වාඩි වෙලා කිව්වේ කෙයාන්ගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන්.. ඔය කිව්වට ඇහැරෙනවා නං බැරිය.. තා ටිකකින් කුචි කවලා මිසක් කෙයාන්ව ඇහැරවනවා බොරු.. කෙයාන් කම්මැලි කමෙන්ම කුනු කුනු ගගා අනිත් පැත්ත හැරුනේ එයා සුරදූත නින්ද කඩන්න ආපු සහන්සට හිතෙන් ජාතිය අමතන ගමන්.. ඊයේ රෑ නිදාගන්න දුන්නෙත් නෑ , දැන් නිදාගන්න දෙන්නෙත් නෑ මෙතන.. හුම්...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now