-HIKIZ 23-

1.7K 216 56
                                    

'' මං දන්නෑ ඇයි මට මෙහෙටම එන්න හිතුනේ කියලා... '' සහන්ස අන්තිමට නිශ්ශබ්දතාවේ බින්දේ , ඉස්තෝප්පු කාමරේ දොර කෙයාන්ට ඇරලා දෙන ගමන්... රැයක් දවාලක් නැතුව , වෙනස් වෙන්නැති සේපාලිකා සුවදින් කාමරේ පිරිලා... කෙයාන් ලොකු හුස්මක් ගත්තේ , කාමරේ වටේ වටයක් කැරකැවෙන ගමන්... සහන්ස මෙහේ ඉදපු සති ටිකට කාමරේ පිළිවෙලක් කරගෙන... කලින් සහන්ස පාඩම් කරපු මේසේ ඒ විදියටම , එයාගේ ලොකුම ලොකු පොත් ටික තියලා... එක අතකට නිවාඩුව කියලා නෑ සහන්සකාරයා අතරින්නැතුවම පාඩම් කරලා වගේ....

'' කෙයාන්.... '' සහන්ස කතා කළේ කෙයාන්ගේ එහා පැත්තෙන් ඇද උඩින් වාඩි වෙන ගමන්... ම්ම් ඔය කියන්න එක අහන්න තමයි මාත් බලන් ඉන්නේ හහ්... ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියන්නේ නිකන් ද ... ඔන්න බලන්න දැන් අහිංසක මූණක් දැම්මම - අහුවෙන්න නරකයි කෙයාන්... තෙත බරියො දෙන්නා වගේ , තාම ඊයේ රැ තිස්සේ තෙමුන ඇදුම්වලින් තෙත අයින් වෙලා නෑ....

'' අසනීප වෙන්න කලින් නාගමු ද ? '' සහන්ස ඇහුවේ කෙයාන්ගේ තෙත කොන්ඩේ දිහා ඔළුව උස්සලා බලන ගමන්... අනේ ඉතින් හැමදේම කෙලින් කතා කරන මහ ලොකු දොස්තර අය්යා.. දැන් මගේ මූණ දිහා බලාගන්න බැරුව නේද මේ ? එක්කො කමක් ඤැහ්.. තව රත් වෙද්දෙන්... කට පියන්ම ඉන්නවා.... කෙයාන් තොල් දෙක තද කරගත්තේ , ගස්සලා අහක බලාගන්න ගමන්.. දෙපා මුල , මල් තියලා වැදලා සොරි කියන කං යාලු වෙන්නෑ ඔන්න බලන්නකෝ හහ්.... මේ කෙයාන් අධිකාරී....ඒම යාලු වෙන්න ??? හිතන් ඇති මේ හිපාට්ටා....

'' මාත් එක්ක මෙහේ ආවේ කැමැත්තෙන් නෙවේ ද ම්ම්මම්............ කෙයාන්  ?  '' සහන්ස ඇහුවේ , ඇදේම වාඩි වුන කෙයාන්ගෙන්....අනේ අම්නේ ඔන්න ඉතින් අහන රටක් වටින ප්‍රශ්න.... කෙයාන් ගස්සගෙන නැගිට්ටේ ආයේ සහන්ස ඉස්සරහින් හිටගන්න ගමන්... පුදුම අසාධාරණ ලෝකයක් යකු මේක... තරහා වුනාම යාලු කරගන්න දන්නැති බෝයි පෙන් කෙනෙක් ඉන්නෙ... වෙන වෙන හාල් කෑලි නං යාළු කරගන්න දන්නවා... අර පරෙයි රැජිනයි.. කළුකුං රැජිනයි...පිළිහුඩුවොයි , කෑදැත්තොයි -  හහ්... මේ මල් කැකුළව යාළු කරන්න බෑ ???

'' එහාට... '' කෙයාන් කමාන්ඩ් කලේ සහන්සගේ කකුල් දෙකෙන් අල්ලලා දෙපැත්තට කරන ගමන්... කෙයාන් එහෙමම සහන්සගේ කකුල් දෙක උස්සට රිංගලා , එයාගේ එක කකුලක් උඩින් වාඩි වුනේ සහන්සගේ හොදට තිබ්බ අත පුරුද්දටම වගේ කෙයාන්ගේ ඉණ වටේ එතෙද්දි... අහ් යමක් කමක් මතකයි තාම හිපාට්ටාට.... හුහ්... නැත්තන් බලාගන්න තිබ්බා.... අනිත් අතේ දිග බැන්ඩේජ් එක අහක් වුනාට මොක ද , තාම අල්ල හරියට බැන්ඩේජ් එකක් දාලා තිබුණා... මොනා කරන්න ගිහින් අඩු කඩාගත්තද කියලා තමා තාම හිතාගන්න බැරි...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now