HIKIZ 12

1.4K 292 61
                                    

ඇගට පුරුදු මුහුද හුළග සහන්සව පිළිගත්තේ ගොඩක් උණුසුම් විදියට... ඒ නහය විනිවිදන කරදිය සුවදත් එක්ක එකතු උන යකඩ යකාගේ මලකඩ සුවද... ස්ටේෂන් එකේ වඩේ බැදෙන සුවද.. ඔහේ ගලාගෙන ගිහින් මුහුදට එකතු වෙන මෝඩ ඇළ....මේ හැම දෙයක්ම  ලෝකේ එකම එක තැනකට විතරක් ආවේණික උණ අමුතුම හුරුපුරුදු උණුසුමක්... තුන් පැත්තකින්ම මුහුදන්ම වටවෙලා තියෙන හුරු පුරුදු නගරේ උදේ පාන්දරට තාමත් නැගිටින ගමන්.. ස්ටේෂන් එකෙන් එළියට ඇවිදගෙන ආවාම සහන්සට මුලින්ම පේන්නේ පැහැදිලිවම වෙනස් වෙලා තිබුණ ධර්මපාල පාක් එක... ඊළගට ලෝකේම අදුරන ලෝක උරුමය... ඒවා කොච්චර හිත නිවනවාද කියන්න දන්නේ ඒ නගරේ උණුහුමේම හැදුන කෙනෙක් විතරමයි...

ලොකු ගමනක් ගිහින් ගෙදර ආවාම හිතට දැනෙන සැනසිම එක්ක සහන්ස ටවුන්හෝල් එක පැත්තට හැරුනත් එයා ආයේත් නැවතුනේ අම්මා හම්බුවෙන්න ගිහින් කියන්න දෙයක් එයාට නැති නිසා... එයා කේන්ති අරගෙන අම්මව හම්බුවෙන්න යන්නේ නෑ කියලා සහන්ස එයාටම කියාගත්තා.... සහන්ස හිතුවේ සුනාමි ස්මරණ බුදු පිළිමේ දිහා බලාගෙන... බුදු පිළිමෙට එහා පැත්තේ කෝවිලත් , කෝවිලට එහා පැත්තේ පල්ලියත් , ඒත් එක්කම පාරෙන් එහා පැත්තේ මස්ජිදයත් තියන හරිම සහෘද තැනක් තමයි ටවුන් හෝල් එක හරිය... ආයේත් බෑග් එක කරට දාගෙන කැප් එකින් මූණත් වැහෙන්නම හදාගත්ත සහන්ස ඊළගට හැරුනේ අනිත් පැත්තට.. මෝඩ ඇළ පාර ගාවින් හැරෙන්න ගිහින් උදේ පාන්දරම ක්ලාස් ආපු ඒලෙවල් ළමයි දැකලා ආයේම බ්රේක් ගහපු සහන්ස බස්ස්ටෑන්ඩ් දිහාවට ගියේ පුරුද්දට වගේ බස් එකක් අල්ලගන්න...

තාම සහන්සගේ කේන්තිය නං තාම දශමෙකින් නිවිලා නෑ. ඒත් ඔළුව කැක්කුම හොද කරන්න නම් ඒ මුහුදු හුළගට තියෙන්නේ හරි අමුතුම බලයක්... අනිත් අය උදේට කන වෙලාව උනත් ඊයේ දවල් කෑවාට පස්සේ මොකක්වත් කටේ තියලා නැති උනත් කන්න තරම් පිරියක් නැති තැන සහන්ස ප්ලේන්ටියකින් සැනසුනා..

අවුරුදු තුනක්ම වහලා තිබ්බ එයාලාගේ පරණ ගෙදර දැන් මොන තත්වේක තියෙනවද කියන්න සහන්ස දන්නෙත් නැහැ... ගෙදර ගාවට ඇවිදන් එනකං එයාට ඒක හිතන්න ඕනි උනෙත් නැහැ... කඩුල්ල හරියෙන් වටපිටාවේ පාරක් හොයන්න  බැරි තරමට වන වැදිලා... ගෙදර බිත්ති දිගේත් වතුපාලුවැල් ගිහින් එයාව වහගන්න ඕන්න මෙන්න... හොරු පැනලා නෑ.. පැන්නට ගන්න දෙයකුත් නැහැනේ කෙහොමත්.. සහන්ස සැහැල්ලුවෙන් හිතුවේ වත්තේ උසට තිබ්බ තණකොල මැද්දෙන් එයාටම කියලා අලුත්ම පාරක් හදාගන්න  ගමන්.. කලින් තිබ්බ වැලි පොළවේ තැන තැන ලොකු පදුරු.. ගෙදර වටේට වටයක් ඇවිදලා බැලුවම එළියේ කුස්සියේ තිබුණ බඩු ටික ඇර ගේ ඇතුළට නං කිසිම ආපදාවක් වෙලා නෑ කියලා සහන්සට පෙනුනා... එක අතකට මොනා කියලාද මේක ඇතුලේ...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now