-HIKIZ 8-

1.6K 317 56
                                    

බිස්නස් පාටියක් උනා කියලා මොකො මං යන්නේ මට ඕන විදියට.. සුදුපාට ට්‍රවුසර් එකයි , කළුපාට බැගී හයිනෙක් ටීෂර්ට් එකයි ඇදලා කළුපාට ඇන්කල් බූට් ෂූස් දැම්මම කෙයාන්ට ආවේ බිස්නස්මන් කෙනෙක්ගේ ලුක් එකකට වඩා යුනික් ප්ලේබෝයි ලුක් එකක්.. දිග කොණ්ඩේ යාන්තමින් ටීෂර්ට් එකේ කරේ ගැවෙන තරම්...උඩින් දාපු සිල්වර් ක්‍රොස් ප්‍රෙන්ඩන්ට් එකත් එක්ක එක කනකට දාපු කළු මැග්නටික් ඉයරින් එක කැපිලා පෙනුනා...

කෙයාන් විසි වෙනි වතාවට විතර කණ්ණාඩියෙන් බලලා ටීෂර්ට් එකේ කර හැදුවා.. අර හාල් හිපාටුවා බෙල්ලට කරලා තියන විනාසේ හැටියට ආයේ දවස් දෙකක් විතර යනකං බෙල්ල පේන්න අදිනවා බොරු... හොද වෙලාවට හයිනෙක් කියලා ටීෂර්ට්ස් තියෙන්නේ නැද්ද ... කෙයාන් එයාගේ කාක් කූඩුව වගේ කොණ්ඩේ ටිකක් පිළිවෙලක් කරගත්තා.. බෙල්ල ගාවින් පිටිපස්ස දිගටත් , ඉස්සරහින් නළලට වැටෙන ගානටත් තියෙන ටිකක් දිග කොණ්ඩයක් කෙයාන්ට තිබ්බා.. මිනිහාට ඇනිමි පිස්සුව කොච්චරද කියන්න සාක්ෂි තමා කොයාන් කොණ්ඩේ කපපු විදිය.. සහන්ස නං මිලිටරිය වගේ කොටටම බූ ගානකොට කෙයාන් මහ බරගානක ෂැම්පු පාවිච්චි කළා එයාගේ මහා ලොකුවට නැතත් පොඩියට හරි තියෙන කේස කළ්‍යාණිය රැක ගම්න..

සහන්ස වගේ මහා ලොකුවට සුදුත් නැතත් , කෙයාන්ගේ ඩාක් කලර් ස්කින් එකට එයා අදින විදියත් හොදටම මැච් උනා.. ඔන්න ඔහේ සහන්සයා ළග පාතක නැති වෙලෙ කැල්ලක් දෙකක් ටෝක් කළා කියලා මුකුත් වෙනවැයි ...හහ්.. මං බොටම් කිව්වානේ.. ඉන්නකො මං හොදටම කරලා පෙන්නන්න.. වැඩේ දුරදිග ගිහින් සහන්සයා බැනගෙන හරි ගහන්න හරි ආවොත් කියන්න බැරිය මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කියලා... ඕ.. තනිකර සහන්සයා තමා කට වරද්ද ගත්තේ මට යට තට්ටුව කියලා අපහාස කරලා...

රාජපිහිල්ල පාරේ උඩ තිබ්බ ලොවරේනො එකේ ලස්සනට ඕගනයිස් කරලා තිබ්බ පාටි එක තියෙන්නේ බිස්නස් වර්ල්ඩ් එකේ ප්‍රබල කණුවක් උන එක්නැළිගොඩ ෆැමිලි එකේ ලොකු පුතා වුනු මිස්ට ආදිතු එක්නැළිගොඩගේ පළවෙනි ප්‍රොඩක්ට් ලෝන්ච් එකේ සක්සෙස් එක සෙලිබ්‍රේට් කරන්න.. මිස්ට උදය නැත්තන් ආදිතුගේ ඩැඩී , එයාගේ ඩැඩී එක්ක බිස්නස් පාර්ට්නර්ස්ලා විදියට වැඩ කළා කියන්න කෙයාන් දන්නවා.. එයා පොඩි කාලේ දෙතුන් පාරක් අාදිතුව හම්බුවෙලාත් තියෙනවා.. අවුරුදු හතරෙදි පහේදි... කෙයාන්ට මතක හැටියට ආදිතු අය්යා කියන්නේ ඇති සැටියෙන්ම ඔළුවක් නැතත් , ඔළුව තියනවා වගේ පුම්බං හිටපු හාදයෙක්.. දැන් කෙයාන්ට තියන දැවෙන ප්‍රශ්නේ තමා එයාට මේ මල මගුලට ඉන්වයිට් කරපු එක.. හරි ඉතින් මමීගේ ප්‍රොපටිස් හැන්ඩ්ල් කරයි කියලා මේ මගුලට අඩගහන්න ඕනෙයි.. ? කෙයාන් පාටිස්වලට අකමැති නෙවේ.. පාටි කොහෙද මිනිහා එතන , මිනිහා කොතනද පාටි එතන ටයිප් මනුස්සයෙක් තමා කෙයාන්.. සහන්සයාට ලෙක් ඉවර වෙන්න පරක්කු වෙන්නැත්තන් එයාව ඇදගෙන එන්න තිබ්බා.. එහෙම ආවා නං කෙයාන්ගේ තියන ප්ලේ බෝයි ලුක් එක පෑල දොරෙන් පලා යනවා...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now