HIKIZ 19

1.6K 289 67
                                    

අනේ අම්මේ... මේකාගේ බර.. ඩිෂුම් ඩිෂුම් බලනවා කියලා පැනගෙන ඇවිත් දැන් නිදි උරහිස උඩම සැපට.. අල ගෙඩිය වගේනේ ඉතින්.. යෝගට් මිල්ක් එකයි, ලොලිපොප්නුයි ඕන ඕන හැමජාතියම අරන් දෙන්නත් උනා මේ නසරාණි පොඩ්ඩාට... පොඩ්ඩාට කියලා කිව්වට ඉතින් ලොකු බබාත් ඒ ගැම්මටම ලොලිපොප් දහයක් විතර ගත්තේ සශෙන්යගේ පිටින් දාලා... කෙයාන්ගෙයි ලොලිපොප්වලයි සත්ත ප්‍රේමය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... කොහොමත් සහන්ස නං ගල් ගිලලා වගේ සයිලන්ට් නිසා කෙයාන් කම්මැලිකම යන්නත් එක්ක පොඩි එකා එක්ක කය්ය දදා ඉදියේ.. දැන් ඒකත් නෑ දොයිනේ උරහිස උඩ හොදට.... කමක් නෑ මොනවා උනත් සතීශ් එයාට අරන් දෙන්න බැ කියලා වෙනස්කම් කරපු කොත්තුව අන්තිමේදි එයාට ලැබුණානේ.. වැදගත්ම දේ ඒක...

සහන්ස සැරින් සැරේ හැරිලා පිටිපස්ස බැලුවේ කෙයාන් හැමතිස්සේම අඩි පහක් හයක් පරක්කු නිසා.. සශෙන්යව උස්සනවා.. ආයේ මේ උරහිසින් අනිත් එකට මාරු කරනවා.. එයා නිද්ද බලනවා.. ඔළුව ඉඹිනවා... ආයේ උරහිසට බර වැඩි උනාම අනිකට මාරු කරනවා... අවුරුදු හතරක ළමයෙක් වඩන් යනවා කියන්නේ සෙල්ලමක්ද ඉතින්... සහන්ස මුකුත් නොකිය හිතලාම හිමින් අඩිය තිබ්බේ මේ බරගෝනිය උස්සන් දුවන්න ගිහින් අන්තිමට කෙයාන් අඩු කඩාගන්න විත්තිය හොදට දන්න නිසා... එයැයි අණ්ඩ කඩාගෙනනේ කොහොමත්...

කෙයාන්ගේ කම්මුල් එහෙම පිම්බිලා....චුට්ටක් මහත් වෙලාද මන්දා... එක්කො ඇදුමට පේන විදිය ද... කොහොමත් මිනිහාට ලස්සන ඇගක් තිබ්බා... හැම එකම අඩුත් නෑ.. වැඩිත් නෑ ගානට... ඩාක් කලර් ස්කින් එකත් එක්ක නියම ඒෂියන් කොල්ලෙක්ගේ පෙනුම කෙයාන්ට තිබුනා.. සහන්ස මේ විශ්ලේෂණය කරන්නේ කෙයාන්ගේ වෙනස්කම් ටික තමයි.. හොරෙන් බලන පුරුදු නැති නිසා මිනිහා නැවතිලා කෙලින්ම බලාගෙන ඉදියේ කෙයාන් මූණත් ඇල කරලා සහන්ස දිහා බලද්දි... ලොලි පොප් එක කටේ ගහන් නිසා කතා කරන්නත් බෑ.. අත් දෙකින්ම සශෙන්යව වඩාගෙන නේ...

'' බස් නෑ... '' සහන්ස කිව්වේ ස්ලො එකේ ආපු බස් එක දැක්කේ නැ වගේ අනිත් පැත්ත හැරෙන ගමන්.... කෙයාන් ලොලිපොප් එක කටේ ගහගෙනම බලාගෙන ඉදියේ එක්කො බස් එක සහන්සට අදෘශ්‍යමානද කියලා හිතාගන්න බැරුව...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now