HIKIZ 21

1.1K 240 52
                                    

තමන් බිව්වේ නැති බව සහන්සට හොදටම ෂුවර්. කොහොමත් මිනිහාගේ තියෙන්නේ අමද්‍යප ප්‍රතිපත්තියක්.. ඒ වුනාට මිනිහාට දැන් තියෙන්නේ පාවෙන ෆීලින් එකක්... කැම්පස් ගෙනිච්ච බැග් එක ඔළුව උඩ තියාගෙන මහ රෑ පිනිබාන ගමන් සහන්ස රාජපිහිල්ල පාර දිගේ උඩට ඇදේට ඇදේට ඇවිදගෙන ගියා... අද රැට කොහේ ඉන්නද කියන්න මිනිහා හිතිලා තිබ්බේ නැතත් , හෙට උදේම ගාලු යන්න සහන්ස හිතන් ඉදියා.. මොනාවුනත් වත්මන් තත්වය කියනවා නං , බකට් පාටියෙන් පස්සේ රොබරෝසියන් පෙති අස්සේ පිනිබාලාම සහන්සයාගේ හිත අවුට් ඔප් කොන්ටෝල්... එයාගේ ෆෝන් එකට ඇවිල්ල තිබ්බ කෝල්ස් නොසලකා ඇරපු සහන්ස , ඒ වෙනකොට ස්ක්‍රින් එක උඩ වැටුන සතීශ්ගේ ඉන්කමින් කෝල් එක ආන්ස කලෙත් ඕනවට එපාවට..

'' හ්ම් ? ''

'' කොහේද ඉන්නේ ? '' සතීශ්ගේ කටහඩ වෙනුවට පැන්නේ පුපුරන කෙයාන්ගේ කටහඩ.. ඒ කටහඩ සහන්සගේ කන් දෙක හරහා මොළයට ගිහින් ප්‍රොසෙස් කරගන්නම සහන්ස විනාඩියක් ගත්තා... ඊළග විනාඩියේ එක පාර චාජ් වුනා වගේ ඔළුව උඩ තිබ්බ බැග් එක උස්සලා පැත්තකින් තියපු සහන්ස පිස්සෙක් වගේ කට පුරා හිනාවෙන ගමන් පාර අයිනේ කණ්ඩිය උඩින් වාඩි උනේ පොඩි ළමයෙක් වගේ...

'' තවුසේට ඇහෙනවද මං කියන එක ? හලො ?? මේ මං කෙයාන්.. ''

'' කෙ- -යාාා න් ??? .. '' සහන්ස පොඩි ළමයෙක් වගේ තාලේට ඇහුවේ තොලත් නොපිටට පෙරලන ගමන්... තනිකරම ට්‍රැක් පැනපු එකෙක් ගානට තමයි මුගේ හැසිරිම දැන්...

'' ඇහ් ? '' සහන්සද මොකාද මේ කියලා හිතාගන්න බැරි උන කෙයාන් ආයේ ෆෝන් එක අරන් නම බැලුවේ සතීශ් මොන යකාගේ නම සහන්ස කියලා සේව් කරලාද කියලා හිතාගන්න බැරුව...

'' මාව ගන්නකො කෙයාන්....... '' සහන්ස කිව්වේ වටපිට බලන ගමන්... මේ වෙලාවේ පාරේ කවුරුත් නැ , ඒ මදිවට මොළය උට ඕන විදියටත් නෙවේ වැඩ කරන්නේ දැන්...

'' කොහෙද ඉන්නේ ? '' කෙයාන් ඇහුවේ බයික් එක ස්ටාට් කරන ගමන්..

'' අතරමං වෙලා... '' සහන්ස කිව්වේ පොඩි ළමයෙක් වගේ...

'' බිව්වද තවුසේ ? '' කෙයාන් ෂුවර් නැති පිට ඇහුවේ , සහන්ස කවදාවත් බොන්නේ නැති නිසා... ඇයි යකු , මෙච්චර ට්‍රැක් වෙන්න මොනාද උනේ...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now