-HIKIZ 6-

1.9K 353 86
                                    

''මොනාද ඇත්තටම මේ කරන්නේ ළමයෝ..? '' සහන්ස ඇහුවේ පදුරක් පිටිපස්සේ හැංගිලා මහා බරපතළ CID මෙහෙයුමක් කරන කෙයාන්ගෙන්.. 

'' තවුසේ කටවහන් ඉන්නවකො ඒයි..'' කෙයාන් පුරුදු විදියටම නහයෙන් පිඹලා කිව්වේ පදුරු ගොඩ අස්සේ හැංගෙන ගමන්.. හොස්පිටල් ඉදලා ඇවිත් දවසයි.. රෙස්ට් කරන්න කියලා කොච්චර කියලා තිබ්බාත් මිනිහා සහන්සවත් ඇදගෙන පේරාදෙණි මල්වත්ත අස්සට රිංගලා..

'' ඒහ්.. අන්න.. අරුන් දෙන්නා නැගිට්ටා.. කො යමං යමං.. ඒයි හාල්හිපාටුවො... පහත් වෙනවා පහත් වෙලා යනවා.. අය්යො !!!.. '' කෙයාන් කිව්වේ ඉවක් බවක් නැතුව නැගිට්ට සහන්සගේ අතින් ඇදලා එයාව තණකොල බිස්සට ඇදලා දාලා... අනිත් කපල්ස් අතින් අල්ලගෙන අගර දගර පපා පේරාදෙණිය පුරා ඇවිද්දිදි පදුරු අස්සෙන් බඩගගා , ගස්වලට මුවාවෙවී , රණ්ඩු කර කර ඇවිදින මේ අමුතු ජෝඩුව නම් හොදට කැපිලා පෙනුනා...

'' අර.. අර අර.. බලනවාකො උට ගිය කළ... හුහ්.. මූ නේද අර ගෙදරට වෙලා බත් ගිල ගිල අහිංසකයා වගේ ඉන්න පිංගුත්තරයා.. බලහන්කො අපි නැති ටිකට චූටිට හල පැණි මුට්ටිය.. හුහ්.. '' කෙයාන් මේ මුමුණ මුමුණ බනින්නේ වෙනකාටවත් නෙවේ... උද්භිද උද්‍යානයේ විශේෂ පැළවර්ග බලන්න කියලා චූටිව එක්කගෙන ආපු සතීශ්ට... මොකට කියනවද ඉතින්..

'' චූටි දැන් ලොකුයිනේ සුදු මැණික.. ඔයායි මායි යාළු උනෙත් ඔයා දොළහෙදි. '' සහන්ස කිව්වේ දූවිලි ගොඩේ හැංගිලා ඉදලා සුදුපාට ෂර්ට් එකම සර්ෆෙක්ස්එල් දාලාවත් යවන්න බැරි විදියට දුඹුරුපාට කරගෙන ඉදපු කෙයාන්ට..

'' ඒ ටවුසේයි මායිනේ.. මේ අපි දෙන්නා නෙවේනේ.. අනික බලනවා චූටිට චූටි කියන්නේ චූටි නිසා නෙවේ නං ටූචිට ටූචි ... මං කිව්වේ චූටිට චූටි කියන්නේ අහවල් එකටද ? '' කෙයාන් වචනත් පටළව පටළව කිව්වේ සහන්ස හිනාවෙලා මේ පිස්සු කෝලම කියන දේවල්වලට ඔළුව වනද්දි.. එයා කියනවා නම් හා කියලා ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ නෙව..

'' හරි හරි.. ටූචිට ටූටි කියන නිසා අපි ටිකක් බලමුකො.. '' සහන්ස නෝන්ඩියට කිව්වේ කෙයාන්ගේ හයේ හතරේ පහර එයාගේ අනාගතේ අදුරු වෙන ස්ථානයකට වැදෙද්දි..

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now