-HIKIZ 2 -

2.2K 395 81
                                    

සහන්ස අඩියට දෙකට පාලම මැද්දෙන් දුවගෙන ගියේ ආට් ෆැකල්ටිස් පැත්තට.. මිනිහාගේ මූණ පුරා තියෙන්නේ තාමත් අයින් වෙච්ච නැති නෝන්ඩි හිනාවක්... දැන් කෙයාන් පුපුර පුපුර බයික් එකේ යන විදිය සහන්සට මැවිලා පේනවා.. ඇයි ඉතින් කිස් එකක් වෙනුවාට ඔළුවට ටොක්කක් ඇනලා යැව්වාම කොහොමට පුපුරනවා ඇද්ද ඉතින්...

'' චානු... චානුඌ... '' සහන්ස ශාස්ත්‍ර පීඨේ පැත්තට අඩිය තියන්නත් කලින්ම හතර වටේ යුනි එක දෙදරමින් ඇහුනේ උච්ච සංඛ්‍යාත කෑගැහිල්ලක්... ලොකු අරලිය මල් දෙකක් වැටුන කහ පාට ගවුම ඇදගෙන ඉදපු කෙල්ලෙක් සහන්සට දමාගෙන අත වනනවා... මෙයාව හොයාගන්න තමා සහන්ස මේ දුර කතර ගෙවාගෙන ආට් එක පැත්තට ගෑටුවේ... සහන්ස අඩියට දෙකට කෙල්ල පැත්තට දුවගෙන ගියේ මුණේ තිබ්බ දාඩියත් පිහිදාන ගමන්...

'' කොහේද ගියේ ? හැමතැනම හෙව්වා.. '' කෙල්ලගෙන් සහන්සට පිටට එල්ල උනේ එසේ මෙසේ ප්‍රහාරයක් නෙවේ... ඒ වෙන කවුරුත් නෙවේ සහන්සගේ බොක්කි.. මිනායා එක්නැලිගේ.. ඔව්.. නුවර මැණිකේ කෙනෙක්...

'' මල්ලියා හම්බුවෙන්න ගියා. '' සහන්ස ගානක් නැතුව කිව්වේ මිනායා එනකම්වත් ඉන්නැතුව රත්මල් ගස් පේළිය පහුකරගෙන අනිත් පැත්තට ඇවිදගෙන යන ගමන්.. තැන තැන එක එක විදියේ දේවල් ගොඩක් මිනිහාට පේනවා දැන්..අත් අල්ලගෙන යන කප්ල්ස්.. පිකටින් කරන්න ප්ලෑන් කරන අන්තරේ සෙට් එක... අලුතින් ආපු ෆස්ට් යර් එකේ අය රැග් කොරන්න දත කන සීනියර්ස්ලා...

'' මොකාද අනේ ඔය මල්ලියා ? අපේ ෆැකල්ටියේ ද ?  හැමදාම කියවනවා ... අර නංගිගේ බෝයි ද ? නැතුව ඔයාට මල්ලිලා නෑනේ ? '' මිනායාගේ කච බචේට සහන්ස දුන්න උත්තර සන්සුන් හිනාවක් විතරයි.. අවශ්‍ය දේකට ඇරුණාම කොහොමත් සහන්ස කතා කරන්නේත් නැතිම තරම්නේ... අනික කෙයාන් ගැන මෙතන කියවන්න ගත්තොත් එළියට යනකම්ම ඒක ගැන කියවලා ඉවර කරගන්න බෑ කියලා මිනිහාට ෂුවර්...

කොච්චරක් දේවල් කියලා කියන්න ද ? ඉස්කොලේ ගාවදී දාගෙන නෙළුව හැටි. කකුල් දෙක ලෙලිත් යවාගෙන පාර මැද්දෑවේ වැටීගෙන ගුටි කාලා , අන්තිමට වැනි වැනි එයාව මරනවා කියලා ගියපු හැටි... ඒ එකකින්වත් මට්ටු වෙන්නැතුව කුණුඇළ පාරේ දී කැප් එකක් දාගෙන ලොලිපොප් කූර කටේ ගහගෙන ඇවිත් ආයේ මීයා වගේ ගියපු හැටි...  මැච් එක මැද්දෑවේ මුළු ටෙන්ට් දෙකටම ඇහෙන්න පෙප්සි බෝතලයක් තියාගෙන අනවුන්සින් කර කර ගිරිය යටින් කෑගහපු හැටි... චණ්ඩියා වගේ සද්දේ දාලා සතීශ්ගේ අතේ කොළ කැල්ල්ක කුරුටු ගී ලියලා එවලා හොරෙන් බලාගෙන ඉදපු හැටි... දෙල් කොළේ , බංගලාවේ කෙල්ලෝ ගාවින් බැල්මට් එක දාගෙන ගමන් ඉදහිටලා අසික්කිත කතාවක් කියාගෙන යන හැටි...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now