01. පිස්සු නංගි

364 59 36
                                    

මෙවන්ම -

'අදත් අර පිස්සු නංගි උඹේ පස්සෙන් ආවාද බං?' සෙසත් අහද්දි මම ඔළුව වැනුවා. 

'අදත් බලන් හිටියා බං මම එනකන් ගේට්ටුව ගාව.' මම කිව්වේ බෑග් එක පැත්තකට විසි කරන ගමන්. මම ඒ නංගි ගැන වැරැද්දක් කතා කරන්නත් කැමති වුණේ නෑ. ඒත් මේ යන විදිහට ඒ නංගිට නොබැන්නොත් මුන් ටික මට තියෙන කතා උඩින් ඒ නංගිව සෙට් කරලා තවත් කතාවක් හදයි.

මට ඕන වුණ අන්තිම දේ ඒක තමයි.

සෙහස්නාරාත් එක්ක් කතාවක් හදාගන්න එක?

නෝ තෑන්ක්ස්.

අයි ප්‍රිෆර් ටු ඩයි.

එයා මට වඩා අවුරුදු දෙකක් තුනක් විතර බාල නංගි කෙනෙක්. මීට මාස හතකට විතර කලින් එයා කිව්වා එයා මට කැමතියි කියලා. මම මීට ගොඩක් කලින් ඉඳන් බලන් ඉඳලා තියෙනවා එයා මං දිහා බලන් ඉන්න විදිහ. ඒත් මම කවදාවත් එයා ඒ විදිහට මං ගැන හිතයි කියලා නම් කල්පනා කළේ නෑ.

කැරලි කොණ්ඩයක් තිබුණ එයාගේ කොණ්ඩේ මූණෙන් බාගයක් වැහෙන විදිහට වැටිලා තිබුණා. ඒක නිසාම වෙන්න ඇති අපෙන් ගොඩක් අය එයාට කිව්වේ පිස්සු නංගි කියලා.

තවත් සමහරු එයාට නපුරු නංගි කියලා කිව්වා. මොකද අපි ගොඩක් අය දැකපු දෙයක් තමයි පොඩ්ඩ ඇත්තම් එයා ගිනි අරගත්තු කිකිළි වගේ හැමෝටම කඩන් පනින හැටි.

තවත් සමහරු එයාට කිව්වේ කොල්ලා කියලා. ඒ තරම්ම විසයක්, මුරණ්ඩුකම වගේම දාහකට ගහන්න වගේ ඇවිදින ගතියත් එයාට තිබ්බා.

දැන් ඔයාලා බලනවා ඇති මේ මොන මගුලක්ද මේ මනුස්සයා ඒ කෙල්ලට කැමති නෑ කිව්වත් ඒ කෙල්ල ගැන සේරම දන්නවනේ කියලා.

මම සේරම දන්නවා තමයි. ඒත් ඒ හැම දේම පස්සේ තිබ්බේ වෙනත් කතාවක්.

ඒ කතාවෙන් ඔයාලට වැඩක් නෑනේ...

ඕපදූප හොයන් නැතුව මම කියන එකක් අහගෙන තමන්ගේ වැඩක් බලාගන්න ළමයි.

ආහ්! මගේ නම මෙවන්ම ශෙහාන්. දැනට නම් වයස අවුරුදු දහ අටයි.

නේද? මට දහ අටයි නේද?

ඔව් මට දහ අටයි දැනට. ළඟදිම දහ නවයක් වෙන්නයි යන්නේ.

ඉතින් ඔන්න ඔය පිස්සු නංගිට පහළවක් විතර ඇති. අපි දෙන්නා ගොඩක් කල් තිස්සේ දැනන් හිටියා එකිනෙකාව ඔය එක එක සංගම් වලට ගිහින්. ඒත් ඉතින් ළඟින් නම් ආශ්‍රය කරලා තිබුණේ නෑ.

එක පාරටම දවසක් මෙන්න මෙයා මං ගාවට ඇවිත් කියපි 'අයියේ මම වසර දසදහස් ගණනක සිට ඔබට කැමතියි' කියා.

නෑ එහෙම නෙවෙයි ඒක එයා කිව්වේ. ඒත් ඉතින් සංක්ෂිප්තයක් වශයෙන් එහෙම තමා කිව්වේ.

මම එදා ඉඳන් ට්‍රයි කරනවා මෙයාව මග අරින්න.

මොන!

මම කොතනද එතන මල හොල්මන වගේ මේ නංගි ඉන්නවා බලාගෙන.

ඒ මූණයි ලොකු ඇස් දෙකයි බලාගෙන බනින්න හිතෙන්නෙත් නෑ.

එහෙමයි කියලා ළං කරගන්නත් බෑ.

මම අසරණයි යාළුවනේ.

මම දැන් mk?


___________

_පිස්සු නංගිගේ වැඩ දරාගන්න බැරි මෙවන්ම බී ලයික්_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_පිස්සු නංගිගේ වැඩ දරාගන්න බැරි මෙවන්ම බී ලයික්_

2022/01/11


Photograph | A BL story?Where stories live. Discover now