07. පයින් ගැසීම

198 47 35
                                    

සෙසත් ජනේලෙන් රිංගලා එද්දිත් මම හිටියේ කාමරේ සෙහස්නාරා එක්ක බලාගත්ත අතක් බලාගෙන. සෙසත්ගේ අතේ තිබ්බ ඇඳුම් මල්ල බිම අත ඇරුණේ මගේ ඇ‍ඳේ ඉඳගෙන හිටපු සෙහස්නාරාව එයාගේ ඇස් ගැටුණට පස්සේ.

'මෙයා මොකද‍ මෙහෙ කරන්නේ?' එයා ඇහුවා.

මම ඇස් කැරකුවේ මේ වෙලාවේ තියෙන වැදගත්ම ප්‍රශ්නේ ඒක නෙවෙයි කියලා එයාට හඟවන්නයි.

'ලොකු කතාවක්. දැන් මට ඔය ඇඳුම් ටික දෙන්න...'

සෙසත් උරහිස් අකුළුවලා ඇඳුම් බෑග් එක මගේ අතට දික් කළා. ඒකත් ගත්තු මම සෙහස්නාරා ගාවින් දණ ගහගත්තේ එයාගේ උකුලෙන් බෑග් එකත් තියන ගමන්.

'ඔයාට පුළුවන් නේද ඇඳුම් මාරු කරන් එන්න හොඳ ළමයා වගේ? හැමදේම හොඳ අතට හැරෙයි නංගා...'

එයාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන එකම මහා මෝඩකමක් වෙන්න ඇති. එයාගේ උරහිසට තට්ටුවක් දාපු මම සෙසත්ගේ අතකින් ඇදගෙන එතනින් එළියට ඇවිත් වහලෙට නැග්ගේ සෙහස්නාරාට කාමරේ තනිවෙන්න ඉඩ අරිමින්.

'මොකක්ද බං මේ හරුපේ.' මම වහලෙන් වාඩි වෙලා කකුල් දෙකත් දිග ඇර ගත්තට පස්සේ සෙසත් ඇහුවා.

මම ලොකු හුස්මක් ඇදගත්තා. 'එයා මගේ නංගි බං. මම ඒකයි මෙච්චර කල් වචනයක්වත් නොකියා හිටියේ.'

'මොකක් කිව්වා? ඩයිනෝසරයෙක් පණ පිටින් දැක්කා වගේ කතා කියන්න එපා මෙවන්ම.'

මම රැව්වා. ඊළඟ විනාඩි කීපයෙදි මගේ මුළු පවුලෙම විස්තරේ මම සෙසත්ට කියලා ඉවරයි.

සෙසත් මටත් වඩා ලොකු හුස්මක් ගත්තා. 'ඩයිනසෝරයෙක් දැක්කා නම් නම්බුයි කියලා හිතෙනවා බං...' එයා කියද්දි මට හිනාවක් නැගුණා.

'මම දන්නෑ මොනවා කරන්නද කියලා දැන්. තාත්තා කැමති නෑ සෙහස්නාරා ගෙදර ඉන්නවට... හේතුව තමයි සෙහස්නාරා එයාගේ අම්මා වගේ වුණ එකයි... එයා ඉපදෙද්දි අම්මා මැරුණ එකයි... ඊට පස්සේ මගේ අම්මා පවුල දාලා ගියා වගේ සේරම වුණේ නංගි නිසා කියලයි තාත්තා හිතන්නේ.' මම සෙසත්ගේ උරහිසෙන් ඔළුව තියාගත්තා.

එයා එයාගේ දිග ඇඟිලි වලින් මගේ බෙල්ල කිති කැවුවා. 'මොකක් හරි වෙන දෙයක් වෙන්න කියලා බලන් ඉමු. අයියට කතා කරලා මොකක්ද කරන්නේ කියලා අහලා බලන්න මෙවන්ම... එයාට සමහරවිට අපිට වඩා හොඳ විසඳුමක් තියේවි.'

'අයියට කතා කරන්න ඕන...' මාත් අනික් පැත්තට කිව්වා.

'ම්ම්...'

අපි දෙන්නා ටිකක් වෙලා හිස් බැල්මකින් එකිනෙකා දිහා බලන් හිටියා.

සෙසත් ඉස්සරහට නැවිලා එයාගේ තොල් මගේ තොල් උඩින් යන්තමට තද කළා.

මම වැඩිපුරම ආස කරපු දෙයක් තමයි එයාගේ මේ වගේ හදිස්සි සිප ගැනීම්. ඒවා හරිම උණුසුම් වුණ නිසා මට දැනුණේ හරිම සනීපදායක බවක්.

සෙසත් මගේ පිටට තට්ටු කළා. 'ජීවිතේ කටුකයි බ්‍රෝ...'

________

හායි,

බායි.

Photograph | A BL story?Where stories live. Discover now