08. ඉල්ලන් කෑම

204 44 39
                                    

මෙවන්ම -

මම සෙහස්නාරාගේ අතකින් අල්ලගෙන ගෙදරට යද්දිම ගෙදර සාලේ වාඩි වෙලා හිටියේ තාත්තා. මම හුස්මක් ගත්තා. මම දැනන් හිටියේ නෑ තාත්ත‍ගේ අති විශේෂ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා. 

'තාත්තේ.' මම හෙමින් කියද්දි තාත්තා ඔළුව උස්සලා බැලුවා.

සෙහස්නාරාව දැක්කට පස්සේ එයාගේ මූණ වෙනස් වුණා. 'මේ කෙල්ල මෙතන මොකක්ද කරන්නේ!'

'ඔයාගේ දුව? ඔයාගේ ගෙදර?' මම අනික් පැත්තට ප්‍රශ්න කළා.

තාත්තා එක පාරට මගේ දිහාට කඩන් පැන්නේ මාව කන්න වගේ. 'කවුද තමුන්ට කිව්වේ මේකිව මේ ගෙදරට අරන් එන්න කියලා?' 

මම කෙළ ගිලින ගමන් සෙහස්නාරාව මගේ ඇඟ පිටිපස්සට කර ගත්තේ එයා පරිස්සමින් කියලා එයාට දැනෙන්න අරින්නයි. 

'මගේ නංගිව ගෙදර ගේන්න මම කාගෙන්වත් අහන්න ඕන නැහැනේ?' 

මම තාත්තගේ ඇ‍ඟේ හැප්පෙන ගමන් අනික් පැත්තට උඩ තට්ටුවට දුවගෙන ගියා. 

කළ දේ මොකක් වුණත් අද කුඩම්මා නම් සෙහස්නාරාට හොඳ විදිහක ප්‍රතිචාරයක් දක්වන එකක් නැති වෙයි කියලා මට තේරුණා.

මගේ අතේ ගුලි වෙලා තිබුණ සෙහස්නාරාගේ අත දිහා බලන් මම කල්පනා කළේ එයාට දැන් මොනවා කරන්නද කියලයි. මගේ ඉටි ගෙඩි ඔළුව එයාව ගෙදරට අරන් ආවට ඇඳුමක් කියලා දෙයක්වත් ගෙනාවේ නෑනේ.

සෙසත්???

සෙසත්ට නංගි කෙනෙක් ඉන්නවා නේද කියලා මතක් වුණ මම සෙසත්ට කෝල් එකක් ගත්තා. 

'ඒයි...' මම සෙසත්ට කඩන් පැන්නේ එයා හෙලෝ කියන්නත් කලින්.

'මොකද බං කඩන් පනින්නේ. අද පෙත්ත ගහන්න අමතක වුණාද?'

'පුළුවන් ඉක්මනට ඔයාගේ නංගිගේ ඇඳුම් ටිකක් අරන් මෙහෙ එන්නකෝ...' මම කියලා දැම්මා.

'නංගිගේ ඇඳුම්? ඇයි ඔයාට ගවුම් අඳින්න ආසාවක් ආවද? හැබැයි හ‍ලෝ මම නම් ගොඩ කාලයක් තිස්සේ බලන් හිටියා ඔයා ගවුමක් අඳිනකන්... ඔයාගේ කකුල්-'

'සෙසත් මගෙන් දෙකක් නාහා වරෙන් බං! හදිස්සියක්. ජනේලෙන් එන්න! හොරෙන් කරන වැඩක් මේක.'

'හිටහන් ඉතින්. නංගිගෙන් දෙයක් ගන්න එකටත් මොනවා හරි දෙන්න මතක ඇතුව.' 

'වරෙන් *^&%&^' මම නොසරුප් වචනයක් කියන ගමන් කෝල් එක කට් කළා. 

මූ මගුලක් කතා කරනවා මම මෙතන අන්ත අසරණ වෙලා ඉඳිද්දි. 

ෆෝන් එක ඇඳට විසි කරපු මම සෙහස්නාරාවත් අරන් ගිහින් ඇ‍ඳෙන් වාඩි කළා. 'ඒයි...'‍

මම කිව්වේ එයාගේ හිස් බැල්මක් පිරිලා තිබුණ මූණ ඇඟිලි දෙකකින් උස්සන ගමන්. 'අවුලින් ඉන්න එපා. හාද? ‍හැමදේම හරියයි.'

එයා ප්‍රතිචාරයක් දුන්නේ නෑ. එයා කියලත් ඉතින් මොනවා කියන්නද. මම එයාව අනාථ කරලා දැම්මා වගේ හැඟීමක් මට ආවා.

බලමු.

වෙන දෙයක් වෙන්න අරිනවා.


_____________ 

_____________ 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ක.ලි.බූ ට හායි කියන් යන්නකෝ හැමෝම.

ක.ලි.බූ මේක ලියන්නේ යම් සත්‍ය සිදුවීම් ටිකක් වටා මවාගත් ටිකකුත් ඈඳලයි.

එහෙනම් ක.ලි.බූ ගියා.

බායි!


Photograph | A BL story?Where stories live. Discover now