03. ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා

209 53 24
                                    

සෙහස්නාරා -

මම උදේ ඉස්කෝලේ යද්දි මෙවන්ම අයියා ඉන්නවා ගේට්ටුව ගාව ඩියුටි. මොකක් හරි කුපාඩි විහිළුවක් කරන් යන්න ආසාවක් ආවත් මම එයා දිහා නොබලම ඉස්කෝලේ ඇතුළට ගියා.

'සෙහස්නාරා!' මම යද්දිම බොසා ආවා මගේ ඉස්සරහට.

බොසා කියන්නේ මගේ හොඳම යාළුවා. ඇත්ත නම තිවිඳු. එයා පිරිමි ළමයෙක් වුණත් අපි දෙන්නට තිබ්බේ අමුතු යාළුකමක්. ඒ ⁣යාළුකම ගැන අපි කතා නොකර ඉමු.

මම බොසාගේ කකුලට පාරක් ගැහුවා. 'බොසා! අද ඩියුටි නැද්ද?'

'මොකද බං ඩියුටි නැත්තේ. ඔයා ⁣මෙඩිකල් යුනිට් එකේ වැඩ ටික බලන්න. මම යනවා පන්තියට ලිහන්සාගේ එහා පැත්තෙන් සීට් එකක් අල්ලගන්න.'

මූ කට්ටඩි මූණක් දාලා මාව පහු කරලා යද්දි මම හිනාවුණා.

ලිහන්සා කියන්නේ බොසා ට්‍රයි කරන කෙල්ල.

බොසා විතරක් නෙවෙයි හැබැයි මාත් කාලයක් ලිහන්සාට ට්‍රයි කළා.

ඉස්මයිල් ඉන් පෙයින් හරහට.

කමක් නෑ දුකක් නෑ. බොසා මොකද මම මොකද.

හැබැයි එහෙමයි කියලා මම බොසාට මෙවන්ම අයියව නම් දෙන්නෑ.

මම මෙවන්ම අයියව සෙට් කරගන්න විඳින දුක දන්නවා නම් ඔහෙලා මට කීයක් හරි දෙනවා.

එයාට තිබුණේ අමුතු හිනාවක්.
ලස්සන අත් දෙකක්.
ලස්සන ෆිගර් එකක්.

හිල් තියෙන දත් සෙට් එකකුත් තිබුණා හැබැයි.

ගාණක් නෑ.

එයා මාව මග අරින්න කොච්චර උත්සාහා කළත් මගේ රේඩාර් වලින් බේරෙන්න නම් එයාට ඉඩක් ලැබුණේ නෑ. ඒ තරම් මම එයාට ඇලිලා ගැලිලා හිටියා.

ඉස්කෝලේ යන එකෙත් අමුතු ආතල් එකක් තියෙන්න එපැයි ඉටිම්.

හැමදාම පන්තියේ පිටි පස්සෙන් වාඩි වෙන මම එහා පැත්තේ තියෙන ප්‍රිෆෙක්ට් රූම් එක දිහා බලන් ඉන්නේ මෙවන්ම අයියා එතන ඉන්න නිසයි. එයා හැමදාම එතන දොර ගාවට වෙලා කාත් එක්ක හරි මලක් කඩ කඩ හිටියා.

විශේෂයෙන් අර අක්කා එක්ක.

මනුල්‍යා අක්කා. :/

හැමෝම කිව්වේ මනුල්‍යා අක්කයි මෙවන්ම අයියයි කපල් එකක් කියලා.

එහෙමයි කියලා මම අත අරිනවද?

නෑනේ නෑනේ. :)

ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා
ගල උඩ තියලා වෙඩි තිබ්බා

වගේ තමයි.

මම හැම වෙලේම මෙවන්ම අයියව ඉලක්ක කරගෙන මගේ ඇස් දෙකෙන් එයාට ප්‍රහාර එල්ල කළා.

මම තමයි හොඳටම කරන්නේ.

ආ නැද්ද?

_______

_______

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Photograph | A BL story?Where stories live. Discover now