හවස් වෙද්දි සෙසත් ආපු විදිහටම තාප්පෙන් බැහැලා යන්න ගියා. මමයි සෙහස්නාරායි දෙන්නා කාමරේට වෙලා ඔහේ බලන් හිටියේ රෑට කන්න කලින් කරන්න වෙන කිසිම දෙයක් නොතිබුණ නිසයි.
මගේ අනික් නංගි, පොඩි එක්කෙනා පහළ තට්ටුවේ මාව හොයනවා මට ඇහුණා. ඒත් එයාව හොයාගෙන යන්න මට පුළුවන් කමක් නොතිබුණේ මගේ ඇඟට හේත්තු වෙලා නිදාගෙන හිටපු සෙහස්නාරා නිසයි.
'මෙවන්ම!' රෑ හතහමාරට විතර අම්මා කෑ ගැහුවා. (කුඩම්මා)
මම සෙහස්නාරාගේ උරහිසට තට්ටුවක් දැම්මා. 'නැගිටින්න... අපි යන්න ඕන කන්න.'
එයා අඩ පණ වෙලා වගේ මගේ අතට බර වෙලා හිට ගත්තා. දෙයියන්ගේ නාමෙට එයා මගේ නංගි වුණේ. වැරදිලා හරි කෙල්ල වුණා නම් එහෙම මට යන එන මං නැති වෙනවා.
අපි පහළට යද්දි මේසේ වටේට තිබුණු පුටු හයෙන් පුටු දෙකක් අයින් කරලා තිබුණා. ඒක කරලා තියෙන්නේ උවමනාවෙන්ම බව මට පැහැදිලි වෙන්න තප්පරයක්වත් ගියේ නෑ.
අයියගේ පුටුවයි, අමතර පුටුවයි අයින් කළහම සෙහස්නාරාට ඉඳගන්න තැනක් ඉබේම නැති වෙලා යනවා.
ඒක නිකන් පල නොකියා පලා බෙදනවා වගේ ජරා වැඩක්.
එයා තාත්තගෙම වැඩ නිසා ඉපදුණ ළමයෙක් මිසක් එයාගේ තනි උවමනාවට ඉපදුණ ළමයෙක් නෙවෙයිනේ.
මම කිසිම දෙයක් නොකියා සෙහස්නාරාව ගෙනිහින් මගේ පුටුවෙන් වාඩි කෙරෙව්වා. අනික් පැත්තට හරවලා තිබුණ අයියගේ පුටුව අරගත්තු මම ඒකෙන් වාඩි වෙලා පිඟාන අතට ගත්තා.
එතනත් නංගිට පිඟානක් නෑ කියලා මට බැලූ බැල්මට පෙනුණත් මම ඒක දැක්කේ නෑ වගේ මගේ පිඟාන පිරෙන්න කෑම බෙදාගත්තා.
ඊළඟට. මම. සෙහස්නාරාට. කවන්න. ගත්තා.
......
මගේ චූටි නංගි පුදුම වෙලා වගේ මං දිහා බලන් හිටියා. එයාට ඉතින් ගෙදර තියෙන දරුණු තත්වේ තේරෙන්නේ නැහැනේ. එයා හිතන්න ඇති එයාට සලකන්නේ නැතුව අයියා වෙන කෙල්ලෙක්ට කවනවා කියලා.
'මටත් කවල්ල... අයියේ...' එයා පුටුවෙන් මගේ පැත්තට බර වෙන ගමන් කිව්වා.
මම සෙහස්නාරාගේ නිකට අතින් පිහදාලා පුංචි බත් කටක් අරන් මියුරුගේ කටින් තිබ්බේ එයාට ලොකු කටවල් හපන්න තරම් හයියක් නැති නිසයි.
ඒ අස්සේ තාත්තගෙයි කුඩම්මගෙයි යක්ෂාරූඪ බැල්මවල් මගේ මොළය පසාරු කරමින් තිබුණා.
මම. කවන්නේ. මගේම. නංගිලා. දෙන්නට.
යාළු වෙලා ඉන්න කෙල්ලට කවනවා නෙවෙයිනේ කියලා කියන්න හැදුවත් එහෙම කියන්න බෑ මොකද මම යාළුවෙලා ඉන්නේ කොල්ලෙක් එක්ක නිසා.
සෙසත්ට කවන්න ගියොත් අපි බත් නෙවෙයි වෙන වෙන ඒවා කයි කියලා සාධාරණ සැකයක් මට තිබුණ නිසා අපි දැනට ඒක ගැන කතා නොකර ඉමු.
දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සෙහස්නාරාට වෙනස්කමක් වෙන්න නොදී බලාගන්න එක.
හැබැයි තාත්තගේ බැල්ම යටතේ නම් ඒක මට කරන්න අමාරු දෙයක් වගේ දැනුණා.
උත්සාහාවන්තයා ජයගනී කියලා කියන නිසා මාත් උත්සාහා කරලම බලනවා.
මම තමයි හොඳටම කරන්නේ.
________
YOU ARE READING
Photograph | A BL story?
Short Story'මාව මග අරින්න එපා. ඔයා නොදන්වා වුණාට මට ඔයාව ගොඩක් වටිනවා අයියේ.' 'නංගි! එක සැරයක් කිව්වහම අහන්න. අපිට බෑ මේ විදිහට ළං වෙන්න. මම කියන්නේ ඔයාගේ හොඳටමයි!' 2022 - 01 - 11 ?