05. සුක්කානමේ නළා සද්දේ

192 47 7
                                    

මෙවන්ම -

මම එයා කාඩ් එක දිහා බලන් ඉන්න හැටි දිහා බලන් හිටියේ දැන් තාප්පෙක හැප්පුන මෝඩයෙක් වගේ.

'ඔයා කවුද?'

එයා ඇහුවට මම උත්තරයක් දුන්නේ නෑ.

'ඔයාට කොහෙන්ද මේක?' එයා ආයෙත් ඇහුවා.

මම සද්ද නැතුව මගේ පර්ස් එක අතට අරන් එයාට තව කොලයක් දුන්නා. 

සෙහස්නාරා මම බලාපොරොත්තු වුණ විදිහටම අඬන්න  ගත්තා. 'මේ කවුද?'

මම ෆොටෝ එක දිහා බැලුවා. ඒක දෙකට ඉරුණ ෆොටෝ එකක්. එකක හිටියේ පිරිමි ළමයි දෙන්නෙක්ව තුරුල් කරගත්තු ගෑනු කෙනෙක්. ඒකේ එක පිරිමි ළමයෙක්ගේ මූණ මැදින් ෆොටෝ එක ඉරිලා තිබුණා. අනික් බාගේ හිටියේ අර පිරිමි ළමයයි වෙන පිරිමි කෙනෙකුයි.

මම සුක්කානමේ ඔළුව ගහගත්තා. නළා සද්දෙන් වටපිට පිරෙද්දි මම ආයෙත් ඔළුව ඉස්සුවා. 

'ඔය ඉන්නේ මමයි මගේ අයියයි තාත්තයි. ඔය ගෑනු කෙනා තාත්ත‍ගේ ඉස්කෝලේ කාලේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ප්‍රෙග්නට් වෙලා හිටියේ ඔය ෆො‍ටෝ එක ගනිද්දි. ඒ ළමයා මගේ තාත්තගේ. හරියටම කිව්වොත් ම‍ගේ අර්ධ සහෝදරි.'

සෙහස්නාරා මං දිහා බලන් හිටියේ මාව කන්න වගේ. 'ඔයා කියන්නේ මම ඔයාගේ නංගි කියලද?'

මම ඇස් දෙක පියාගත්තා. 'ඒක තමයි මම මෙච්චර වෙලා කියන්න හැදුවේ.'

'කෝ මගේ අම්මා දැන්?' එයා ඇහු‍වේ හොටු බේරෙන නහයත් එක්ක.

'මම දන්න තරමින් ඔයාව හම්බෙද්දි එයා මැරුණා. අවුරුදු දෙකක් විතර ඔයාව තාත්තා බලාගෙන තියෙනවා යාළුවෙක්ගේ දුවෙක් කියලා. ඒත් ඊට පස්සේ මගේ අම්මා ඇත්ත හොයාගෙන මාවයි අයියවයි නංගිවයි තාත්තවයි දාලා ගිහින්. ඒකේ තරහට තාත්තා ඔයාව හදාගන්න දීලා අලුතෙන් කසාද බැඳලා.' 

ඒ ටික කිව්වට පස්සේ තමයි මට නෝ‍ට් වුණේ ඒ කිව්ව ටික අවුරුදු පහළවක ගෑනු ළමයෙක්ට දරාගන්න අමාරුයි නේද කියලා.

මම සෙහස්නාරා දිහා බැලුවා. එයාගේ ඇස් වල තිබ්බේ හිස් බැල්මක්. ෆොටෝස් දෙක එයාගේ උකුලට වැටිලා තිබුණා.‍

මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා. මම දේවල් කිව්වා ඉක්මන් වැඩිද කියලත් මට හිතුණා.

කාර් එකේ පිටිපස්සේ තිබුණ මගේ ෆෝන් එක අතට ගත්තු මම සෙහස්නාරාගේ හදාගන්න අම්මට කෝල් කළේ එයා මාත් එක්ක ඉන්නවා කියලා කියන්නයි.

මෙච්චර කාලයක් එයාගේ ගෙදර අයත් එක්ක මම කතා බහ කරලා හිටියා. තාත්තාට එයාව කොච්චර පෙන්නන්න බැරි වුණත් මටයි අයියටයි හිතුණේ නෑ එයාව නිකන්ම අත ඇරලා දාන්න.

අපි දෙන්නා පුළුවන් විදිහට එයාව බලා ගත්තා.

ඒත් දැන් එයා මෙතන ඉන්නවා. මම සේරම කියපු නිසා මුකුත් ‍නොකර ඔහේ බලාගෙන.

එයාගේ මූණේ තිබුණේ බය හිතෙන තරම් හිස් බැල්මක්.

මම එහා පැත්තට බැහැලා ගිහින් පැසෙන්ජර්ස් සීට් එකේ දොර වැහුවා. වහලා වාහනේට නැගලා වාහනේ ස්ටාර්ට් කළා.

'මම හිතන්නේ...' මම කිව්වේ එයා උත්තර නොදෙන බව දැන දැනමයි. 'අපි ගෙදර ගියොත් හොඳයි.'


___________

Mevanma after revealing everthing - 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mevanma after revealing everthing - 

Photograph | A BL story?Where stories live. Discover now