04. වාහනයේ වහලේ ඔළුව ගසා ගැනීම

199 48 9
                                    

සෙහස්නාරා -

මම ප්‍රිෆෙක්‍‍ට් රූම් එක ගාව රැකගෙන හිටි‍ේ සෙසත් අයියා එක්ක මෙවන්ම අයියා එළියට එනකන්. ඒ දෙන්නා සාමාන්‍යයෙන් පැය ගාණක් ඒක ඇතුළේ මල් කඩලා තමයි එළියට එන්නේ.

මෙවන්ම අයියා එළියට එද්දි මම හිටියේ එයා දිහා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන. 

'හායි.' මම රැව්වා.

මෙවන්ම අයියා ලොකු හුස්මක් අරන් අනික් පැත්ත බලා ගත්තා. 'හායි හායි.' 

'ඉතින් අපි අදවත් කතා කරමුකෝ.'

'මොනවා කතා කරන්නද නංගි?'

මම ඇස් පොඩි කළා. 'මම ඔයාට කොච්චර කැමතිද කියන එක ගැන වගේ?'

'නංගි!' මෙවන්ම අයියා පුරුදු විදිහටම කෑ ගැහුවා.

මම අඩි දෙකක් පිටි පස්සට ගියේ සෙසත් අයියා පිටි පස්සෙන් ඇවිත් මෙවන්ම අයියගේ උරහිස උඩින් අත තිබ්බහමයි.

'ඇයි ඒ ගමන?'

මෙවන්ම අයියා සෙසත් අයියාගේ අතට තට්ටු කළා. 'ප්‍රශ්නයක් නෑ. ඔයා යන්න. මට මෙයාට කියන්න දෙයක් තියෙනවා.'

මම ඇස් පොඩි කළා. මට කියන්න දෙයක් තියෙනවා?

මේ මෙවන්ම අයියට මට කියන්න දෙයක් තියෙනවා?

සෙසත් අයියා උරහිස් අකුළලා පඩිපෙළ බැහැලා ගියා. මෙවන්ම අයියා ටිකක් වෙලා මං දිහා බලන් හිටියේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව වගේ.

ටික වෙලාවක් හිටපු එයා එක පාරට මගේ අතකින් ඇදලා අරන් පඩිපෙළ බැහැලා ඉස්කෝලේ ගේට්ටුවෙනුත් එළියට ගිහින් ළඟ ගෙදරක නවත්තලා තිබුණ එයාගේ වාහනේ ගාවට ගියා.

පැසෙන්ජර්ස් සීට් එක ගාව දොර ඇරපු එයා මට ඔළුව වැනුවා. 'වාඩිවෙන්න.'

මම අත් දෙක බැඳගත්තා. 'පිස්සුද! කොල්ලෙක් එක්ක වාහනේ ඉන්න මට පිස්සු නෑ!'

මෙවන්ම අයියා හුස්මක් පිට කරලා වාහනේ දාරෙන් ඔළුව ගහගත්තා. 'මෝඩියේ දොර ඇරගෙන වාඩි වෙන්න. එතකොට මට ඔයාගේ ඔය මෝඩ ඔළු ගෙඩිය අරන් පැනලා යන්න ඕන නැහැනේ.'

ටිකක් වෙලා කෙළ ගිලපු මම දොර ඇරගෙනම සීට් එකෙන් වාඩි වුණා.

මෙවන්ම අයියා ඩ්‍රයිවර්ස් සීට් එකෙන් වාඩි වෙලා ‍ටිකක් වෙලා ඉස්සරහා බලන් හිටියා. එයා කල්පනා කරන්න ඇත්තේ වාහනේ වහලෙන් ඔළුව ගහගන්න එක ගැන වෙන්නැති කියලා මට හිතුණා.

මගේ ඉස්සරහා තිබුණ ලොකර් එක ඇරපු එයා පෙට්ටියක් අරන් මගේ අතින් තිබ්බා.

'ඕක ඇරලා බලන්න.'

මම ‍‍යටි තොළ හැපුවේ මේ මොන අල ජංජාලයක්ද කියලා හිතන ගමන්මයි.

ඇයි බං ඉතින් තමන් කැමති කොල්ලා එක පාරටම මෙහෙම කළහම මොන මගුලක් වගේද කියලා හිතෙනවනේ.

මම පෙට්ටිය ඇරියා.

ඒක ඇතුළේ තිබුණේ ඉටි කොළේක ඔතපු කාඩ් එකක්.

මම පරිස්සමින් ඉටි කොළේ ඇරලා කාඩ් එක අතට ගත්තා.

කාඩ් එක දිහා බලපු මම ගැස්සුණේ ඒකේ තිබුණ දේ දැකලයි.

'ඔයා කවුද!' මෙවන්ම අයියා දිහා බලපු මම මැතිරුවා.


___________

___________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



Photograph | A BL story?Where stories live. Discover now