- HIKIZ 3 -

1.9K 393 70
                                    

කැරකෙන පුටුවේ එහාටයි මෙහාටයි කැරකි කැරකි ඉන්න තරං කෙයාන්ට ජොලි වැඩක් වෙන ඇත්තෙම නැති තරං.. ඔෆිස් පීරියඩ් එකේ මේ වෙලාව තමා මිනිහා ෆ්‍රී එකේ ඉදගෙන සිංදු අහන වෙලාව.. කැරකි කැරකි... ගෙදරින් එන්න කලිනුත් සහන්ස එක්කලා හොද අඩව්වක් අල්ලලා ආවේ මිනිහා..

'' ටීරිං ටිරීං.. ටිරීං ටිරීං..... ''

ඒ වෙන මක්කාවත් නෙවේ කෙයාන්ගේ මේසේ උඩ තිබ්බ ලැන්ඩ් ෆෝන් එක.. කම්පැනි එකේ වැඩවලට විතරක් මිනිහා පාවිච්චි කරපු ෆෝන් එක... දෙපාරක් හිතන්නැතුව කෝල් එක ආන්සර් කරලා කනේ තියාගන්න ගමන් කොල්ලා පුටුවෙන් වටයක්ම කැරකුණේ කකුල් දෙක මේසේ උඩින් තියාගෙන...

'' හලෝ.. ගුඩ් ඊව්නින්..  '' කෙයාන් හඩ ගැඹුරු කරලා ඇහුවේ වීදුරු දොර පාස් කරගෙන ගියපු කෙල්ලට ඇහැකුත් ගහන ගමන්... ඒත් සද්දයක් නෑ,. මේ කියපු එකාට ඒක ඇහිලා නැද්ද මන්දා..

'' හලෝ..? '' කෙයාන් ආයෙත් ටිකක් විතර නොඉවසිල්ලෙන් කිව්වේ එයාට කෝල් කරකර වද දෙන කෙනා මොකාද කියලා බලාගන්න..

'' කැන් අයි ස්පීක් ටු මිස්ටර් කෙයාන් ?  '' එහා පැත්තෙන් ඇහුනේ ගැඹුරු හඩක්..

'' යස්.. ඉට්ස් හිම් ස්පීකින්.. '' කෙයාන් හිතට දැනුන අමුත්ත එක්ක කිව්වේ කකුල් දෙක පහළට අරගෙන පුටුවේ හරිබරි ගැහිලා වාඩි වෙන ගමන්.. එහා පැත්ත නිහඩයි... නිහඩතාවේ කෙයාන්ව තව තව කලේ මිනිහා රිසීවරේට ලයින් එකේද කියලා තව පාරක් බලද්දි....

'' පුතා.. ''

ඒ එයා... කෙයාන්ගේ මූණ පුරා අකුණක් ගහලා වගේ හැගීමක් ඇතිවෙලා ගියේ අතේ තිබ්බ රිසීවරේ අතහැරිලා යද්දි... තත්පර කිහිපයක් හොදටම ඇති ඒ වචන ටිකේ අයිතිකාරයා කවුද කියලා එයාට අදුරගන්න... කෙයාන් වෙව්ලන අත්දෙකින්ම රිසීවරේ අල්ලගත්තේ තොල් දෙක පුළුවන් තරම් තද කරගෙන..

'' හූ ඉස් දිස් ? '' කෙයාන් ඇහුවේ එයාගේ නොවෙනස් වෙන ගැඹුරු හඩින්.. එයාට මේ කතා කරන්නේ කවුද කියලා එයාට අමුතුවෙන් කියලා දෙන්න ඕන උනේ නැහැ..

'' යු අ ඩැඩී,. '' කෙයාන් බලාපොරොත්තුවෙන් ඉදිය උත්තරය ඒ විදියට ලැබුණාත් එයාගේ මූණේන් පෙනුනේ නෝන්ඩි හිනාවක් විතරයි...

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now