#4

1.9K 389 5
                                    

"හියුන්ලා!!! "

ජන්කුකා දූවගෙන ඇවිත් ජිමිනව බදාගත්තෙ ජින් ජන්කුක්ගෙ ඔලුව අතගානකොට ඒත් මේ සහෝදර ප්‍රේමේ දැකලා තේහියුන්ග් ඇස් රෝල් කලා

"ඔයාලා දවසම මෙතන ඉන්නද යන්නෙ"

තේහියුන්ග් අමුතු විදිහට කිව්වම ජින්, ජිමින් ඔක්කොමල බැලුවෙ මූට මොන යකා ගහලද කියලා.

"එයාට මක් වෙලාද."
මෙච්චර වෙලා ජන්කුක්ගෙ කම්මුල් ඇද ඇද හිටපු නම්ජුන් තේහියුන්ග් දිහා බලලා කියද්දි ජින් නම්ජුන් දිහා බලලා උරහිස් ඇකුලුවෙ දන්නෑ කියල කියන්න.

කට්ටියම ගේ ඇතුලට ආවා..යුංගියනම් කලින්ම ඇවිත්නේ...ජන්කුක් ඉදගත්තෙ ජිමිනුයි ජිනුයි මැද්දේ.

"මං බොන්න මොනා හරි හදන් එන්නම්"

තේහියුන්ග් එහෙම කියල එතනින් ගිහාම හැමෝම ජන්කුක් පැත්තට හැරුනෙ තේහියුන්ග්ට ගහල තියෙන සන්නියෙ අගමුල හොයාගන්න..

"මොකක්ද කුකී අර යකාට වෙලා තියෙන්නේ "

ජින් ජන්කුක්ගෙ මූනට එබිලා කියනකොට නිදං හිටපු යුංගිත් අස් ඇරල බැලුවෙ ඇත්තටම හේතුව දැනගන්න

"අනේ මංදා හියුන්ලා මම කිව්වෙ ලීසවත් ගෙන ගත්තට කමක් නෑ නේද කියල විතරයි "

ජන්කුක් එහෙම කිව්ව ගමන් අනිත් ඔක්කොමලා ඔලුවෙ අතගහගත්තා..
මොක්කද තේහියුන්ග් ලීසාට කැමති නෑ කියන එක ජන්කුක් නොදන්න අනිත් හැමෝම දන්න රහසක්






To be countiniud 🍀

අදම මේක ඉවර කරනවා....❤️

Zoom Class ✔️Where stories live. Discover now