chapter 4

1.5K 320 21
                                    

"ජන්කුක් මොකද ඔය කන අල්ලගෙන කරන්නේ?" ටේහ්යුං ඇහුවේ කාමරේ කෙලවරකට වෙලා කන අල්ලන් කුටු කුටුගාන ජන්කුක්ගෙන්... ටේහ්යුංගේ වොයිස් එක ඇහෙනවත් එක්කම ජන්කුක් බය නොවුනා නම් ඒක බොරුවක්! ජන්කුක් ටේහ්යුං දිහා බැලුවේ කියන්න හොද බොරුවක් කටට එන්න කියලා දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලමින්...

"මොකෝ ඈ... තමුසෙ කරපු දේවල් මදි වෙලාද දැන් කන අල්ලන් නටන්නේ?" ටේහ්යුං ඇහුවේ ඇති උන සාධාරණ බය නිසයි...

"ආ මේ කනද? මේ මේ තමුසෙ නිසා තමා සේරම නපුරෝ...?" එක පාරටම ජන්කුක් එයාගේ කනත් අල්ලගෙන කෑ ගහන්න ගත්තාම ටේහ්යුං බය උනා... තව මොන මොන මරාල පාත් වෙයිද කියන බය ටේහ්යුංව මේ වෙද්දී සම්පූර්ණයෙන්ම වෙලාගෙන ඉවරයි...

"මේ මං මොනා කරාද ඒ පාර?"

"ඇයි ඇයි තමුන් මගේ කන ලග ඉදන් කෑ ගහලද කොහෙද මගේ කන සිදෙනවා දැන්"

"මං කෑ ගැහුව එකක් නෑ... තමුන් කරන ජරා වැඩ වලට දෙවියො දඩුවම් දීල වෙන්න ඇති... හොද වැඩේ" ජන්කුක් දිහාවට ඇගිල්ලකුත් දික් කරන් ටේහ්යුං හිනා උනාම මෙච්චර වෙලා බොරුවට තරහින් උන්න ජන්කුක්ට ඇත්තටම තරහ ගියා...

"නපුරා... කෙනෙක්ට කරදරයක් උනාම හිනා වෙන දුෂ්ටයා..."

"හරි දැන් මං මොකක්ද කරන්න ඕන?"

"මාවත් එක්කන් යන්න... ගිහින් මට බෙහෙත් අරගෙන දෙනවා"

"මට බෑ තමුසෙට ඕන නම් ගන්නවකෝ...අනික තමුන් මගේ සේවකය මිසක් මං තමුසෙගෙ සේවකය නෙවෙයි හරිද?"

"හුවෑ... ඔම්මා මේ නපුර මට බනිනෝ..."

"කෑ නොගහා ඉන්නවා මල වදේ මං එක්කන් යන්නම්... ඒත් ජන්කුක් ආපහු ඔය වචනෙ මගෙ ඉස්සරහ කියන්න එපා" තරහව මිශ්‍ර උනු දුකකිනුයි ටේහ්යුං ඒ කතාව කිව්වේ...

"නපුරට නපුර කියන්නෙ නැතුව මං මොකක් කියන්නද?"

"නපුර කියන එක නෙවෙයි... ඔම්ම කියන නම"එහෙම කිව්ව ටේහ්යුං තවත් එතන නොඉද වොශ්රූම් එකට යන්න ගියත් ජන්කුක් කතා කරාම නැවතුනා...

"ස-සර්"

"ලෑස්ති වෙලා එනවා යනව නම්" ජන්කුක් කතා කරන්න උත්සාහ කලත් ටේහ්යුං ඒක ගනන් නොගෙන වොශ්රූම් එකට ගියා... ටේහ්යුංට අදින්නයි කියලා ඇදුම් වගයක් තෝරල තිබ්බ ජන්කුක් එයාටත් ඇදුමක් ඇද ගන්න පහලම තට්ටුවේ තිබ්බ සේවක කාමරේකට ගියා... ටේහ්යුං එලියට බැහැලා කා එක ලගට එද්දී ජන්කුක් ඇවිත් ටේහ්යුං ලගින් හිට ගත්තා... ජන්කුක්ගෙන් බේරුමක් නෑ කියලු හිතුව ටේහ්යුං අන්තිමට ජන්කුක්වත් එක්කන් යන්න තීරණය කලා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now