chapter 24

1.1K 280 26
                                    

"ටේ ඔයාට කොහොමද දැන්" ඇද උඩ ඔලුවත් අල්ලගෙන ඉන්න ටේහ්යුංගෙන් ජන්කුක් ඇහුවා...

"රිදෙනවා ටිකක්" ටේහ්යුං කිව්වේ ඔලුවත් අල්ලගෙනමයි...

ටේහ්යුං ඊයේ රෑ දෙපාරක්ම වමනේ කරලා එකම විකාරයක් කරලයි උන්නේ... උදේම ජන්කුක් දුන්න බේත් බිව්වත් තවමත් එයාගේ ඔලුව රදේ නම් අඩු වෙලා තිබ්බේ නැහැ... ඒත් ටේහ්යුංට ප්‍රශ්ණයක් තිබ්බා ඒ හැම පුංචි දොකටම කෑ ගහලා බනින ජන්කුක් උදේ ඉදන් හරිම නිශ්ශබ්දව එයා එක්ක හොදින් ඉන්න එක ගැන... ටේහ්යුං ඕක ගැන අහන්නත් හදලා නොඅහා ඉන්නේ ආපහු ඕක මතක් කරලා කෑ ගහයි කියලයි...

"ටේ ඔෆිස් යන්නේ නැද්ද?"

"ඔයා දන්නවද?"

"උදේ ජිමින් හියුන් කෝල් කරා..."

එතනින් එහාට ජන්කුක්වත් ටේහ්යුංවත් කතා කලේ නැහැ... ටේහ්යුංගේ ප්‍රශ්ණය ගැන ජන්කුක් දැනගත්තේ ජිමින්ගෙන්... සද්ධ නොකර ඉන්න එක තමයි හොදම විසදුම කියලා හිතුව ජන්කුක් ආපහු ඒ දේ ගැන කතා කලේ නෑ...



"කොහෙද යන්නේ?" ජන්කුක් කොහේහරි යන්න ලෑස්ති වෙනවා දැක්ක ටේහ්යුං ඇහුවා...

"මං ඔයා වෙනුවට එතනට යනවා" ජන්කුක් ටයි එක දානගමන් කිව්වා...

"ඒත්- ඔයා යන්න එපා... මං යන්නෙ නැත්නම් ඔයත් එපා" ටේහ්යුං ගිහින් සෝෆා එකෙන් ඇල උනා...

"අහන්න ටේ... ප්‍රශ්ණ හැමෝටම තියෙනවා, හැමෝම වැරදිත් කරනවා ඒත් සමාව දෙන්න හැමෝටම බෑ... ඔයා ඔය තරහවෙලා ඉන්නේ ඔයාට ඉන්න එකම සහෝදරයා එක්ක කියන එක අමතක කරන්න එපා... ඔයාට යන්න බැරි නම් මං බල කරන්නේ නෑ ඒත් ඔයාගේ හියුන් මගෙත් හියුන්... ඔයාට බැරි නම් ඔයා වෙනුවෙන් මං එතනට යනවා..." ජන්කුක් කෝට් එක දාගෙන ටේහ්යුං ලගට ආවා...

"කුකී... ඔයාට තේරෙන්නෙ නැද්ද මගේ දුක... ඔයා මගේ ජීවිතයට එද්දී මං හිටිය විදිහ අමතකද? මට කාත් කවුරුත් උන්නේ නෑ... එයා මාව දාල යන්න ගියේ මට එයාව ඕනම වෙද්දී... අඩුම එයාට කතා කරන්න තිබ්බා... ඒත් එයා මාව තනි කරලා එයා විතරක් හැංගුනා... ඔයා කියන්නේ ඒ වගේ දේකට එයාට සමාව දෙන්න කියලද?" ටේහ්යුං වැරදි නෑ... නමුත් නම්ජූන් කලේ එවෙලේ එයාට කරන්න තිබ්බ හරිම දේ නේද?

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now