chapter 9

1.2K 289 15
                                    

"කොහෙද මනුස්සයෝ මකබෑවිලා උන්නේ? අපි කොච්චර බය උනාද? ජින් හියුන් හොදටම බැනුනුත් ඇහුවා උබව දාලා ගෙදර ආවා කියලා..." යුන්ගී ජන්කුක්ගේ ඇගට කඩා පැන්නේ ජන්කුක් ගෙදරට ඇතුල් වෙන්නත් කලින්... මොකද ඊයේ කිම් මැන්ශන් එකට ගියායින් පස්සේ ජන්කුක්ගේ පෝන්, ඩිවයිසස් සේරම ඕෆ්... ජින් කතා කරපු වෙලෙත් ජන්කුක් වචනයක්වත් කිව්වේ නැති එකට කට්ටියම බය උනා... මොකද ජෝයන්ග් එහේ!!!

"ආහ් මගේ කන යුන්ගියා... බලපං ලේත් එනවද මංදා" ජන්කුක් බර බරේ දැම්මේ සිද්දිය මග අරින්න...

"තෝ නම් කියයි ආන්ටි උබව හොයන්න යන්න ලෑස්තිත් උනා බොහොම අමාරුවෙන් නතර කර ගත්තේ" යුන්ගී ඊයේ රෑ මිසිස් ජෙයොන් නටපු නාඩගම් වලින් එකක් කිව්වා...

"කෝ දැන් කට්ටි- මට කියන්න එපා පොලීසියේ ඇන්ට්‍රියක් දාන්න ගියා කියලා" ජන්කුක් කිව්වේ එයාගේ පවුලේ අය ඒ වගේ දෙයක් කරන්න 70% වගේ ප්‍රතිශතයක් තියෙන නිසා... අප්පා උන්නොත් විතරක් ඒක නවතී...

"නෑ ආන්ටි නිදි ඊයෙ රෑම කවුරුත් නිදි නෑ... මං මේ එන්න හැදුවේ ටිකක් බලන්න ඇත්තටම මොකක්ද උනේ? ඇයි අරක ඕෆ් කරේ?"

"ඒක ඕෆ් වෙලා මං දන්නෙ නැහැ... මමත් ඊයෙ බිව්වනේ ඉතින් නින්ද ගියා... බය වෙයි කියල හිතුවෙ නෑ" ජන්කුක් කිව්වේ වැරැද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගේ ඔලුවත් කස කස

"බය වෙයි කියලා හිතුවෙ නෑ... අනේ මගේ කට උබ දන්නවනේ ජෝයන්ග් ආව කියලා ඉතින් අනි බය නොවී ඉන්නේ කොහොමද?" යුන්ගී බැන්නාම ජන්කුක්ටත් තේරුනා එයාලා හුගක් තමන් ගැන බය වෙලා කියලා... ඒත් එයාලට කියන්න බෑ සිද්ධ උනු කිසිම දෙයක්!!!

"හරි හරි දැන් වැඩක් නෑ මට මහන්සී" ජන්කුක් ආපහු ප්‍රශ්නේ මග ඇරියා...

"කෝ කිම්ගෙ පුතා?"

"එයා මැන්ශන් එකේ මට මහන්සී හවස් වෙලා මං ආපසු යනවා කට්ටියට කියන්න මං ආව කියලා" ජන්කුක් එහෙම කියාගෙනම උඩට ගියා...

"හම්" යුන්ගී එහෙම කියලා ගියේ කට්ටියට ජන්කුක් ආව විත්තිය ගැන කියන්න...

කාමරේට ගියපු ජන්කුක්ට ඕන උනා කෑ ගහලා අඩන්න... පලවෙනි වතාවට එයා කෙනෙක්ට කැමති වෙන්න ගත්තත් ඒ කෙනා තමන්ට slut කෙනෙක් කියලා කතා කරා... ජන්කුක්ට ඕන උනා ටේහ්යුංට හොයාගෙන ගිහින් ගහල එන්න ඒත් ජන්කුක් අසරණයි... රාජකාරියක් අතර එයාට බෑ හැගීම් වලට මුල් තැන දෙන්න... ජෝයන්ග්ව අල්ල ගන්න නම් තව දුරටත් ජන්කුක් කවුද කියන එක ටේහ්යුංගෙන් පවා හංගන්න ඕනා... ඉතින් ටේහ්යුං නොදැන ජන්කුක්ගේ හිත හුගක් රිද්දුවා...

PERSONAL TROUBLEMAKER|TK|✔Onde histórias criam vida. Descubra agora