chapter 31

1.3K 291 59
                                    

"ඔයා ඉක්මනටම ඇවිත්, ගෙදර නේද උන්න කිව්වේ?" යුන්ගි විනාඩි 10 කින් විතර ආව එකට ජිමින් කිව්වා... මුකුත් නොකිව්ව යුන්ගි ඇවිත් ජිමින්ට ඉස්සරහින් ඉදගත්තා...

"හම්බුනාද?" ජිමින් ඇහුවේ එයා දිහා බලාගෙන ඉන්න යුන්ගිගෙන්... යුන්ගි කලින් දවසට වඩා සතුටින් ඉන්න එක ජිමින්ට ප්‍රශ්ණයක් උනත් අහන්න ගියේ නෑ... මොකද යුන්ගි සතුටෙන් නම් එයාටත් සතුටුයි...

"හම්" කෙටි උත්තරක් දුන්න යුන්ගි කොල කෑල්ලක් ජිමින් ඉන්න පැත්තට විසික් කලා... වැටෙන්න ගියපු කොල කෑල්ල කොහොමෙන් හරි අල්ලගත්ත ජිමින් උණ්ඩි කරලා තිබ්බ කොල කෑල්ල යුන්ගිටත් ඔරවලා දිග ඇරියා... ජිමින්ගේ හුරතල් වැඩ වලට ලාවට හිනා උන යුන්ගි ජිමින් බිබී උන්න ජූස් එක අරගෙන උගරක් බිව්වා... යුන්ගි කරපු වැඩේ ලාවට වගේ දැක්ක ජිමින්ගේ කම්මුල් රතු වේගෙන එද්දී එයා කොල කෑල්ලට අවදානය දුන්නා...

"What- මේ මොකක්ද? ඔයා මාව විහිළුවකට ගත්තද ආ..." ජිමින් තරහෙන් ඇහුවේ හිස් කොල කෑල්ලක් විතරක් තිබ්බ නිසා...

"ඉතින් ඕක තමයි result එක, මට කෑ ගහලා වැඩක් නෑනේ" ජූස් එකෙන් තවත් උගුරක් බිව්ව යුන්ගි ගානක් නැතුව කතා කලා...

"ඒත් ජන්කුක් කියලා කෙනෙක් නැත්නම් ටේට ආදරය කරේ කවුද?"

"ඕකෙ තියෙන්නේ ලී ජන්කුක් කියලා කෙනෙක් නෑ කියලා නැතුව ජන්කුක් නෙවෙයි" යුන්ගි හිතාමතාම ජිමින්ව පැටලුවා...

"මේ මින් යුන්ගී තේරෙන්න කියනවද?"

"හරි අපි මෙහෙම හිතමු, ලී ජන්කුක් නමින් කෙනෙක් මේ සියවසේම කොරියාව තුල ඉදලා නෑ... අන්න ඒකයි උත්තරය" යුන්ගි ජිමින්ට උත්තර දුන්නා...

"එතකොට එයා බොරු නමකින්ද උන්නේ? ආහ් ඒ කියන්නේ එයා මහ බොරුකාරයෙක්... ටේව රවට්ටලා ඌ කොහේ හරි පනින්නැති... ශිට්" ජිමින් තදින් මේසෙට ගහන ගමන් යුන්ගි කියපු දේ හරියට නොතේරුන තැන කෑ ගැහුවා...

"හම් ඔයාට උදව්වක් විදිහට දෙයක් පෙන්නන්නද?"

"මොකක්ද?"

"ආ මේක බලන්නකෝ..." යුන්ගි සාක්කුවෙන් එයාගේ පෝන් එක අරගෙන ලොක් එක ඇරලා Gallery එකේ තිබුන පවුලේ ඡායාරූපයක් ජිමින්ට පෙන්නුවා...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now