chapter 20

1.4K 288 51
                                    

"අප්පා ඇයි ටේට කියන්න එපා කියන්නේ ඇත්ත... නම්ජූන් හියුන් දන්නවනේ ඒ දේවල් ඇයි මගේ හියුන්ගෙන් හංගන්නේ?" ජන්කුක් ටේහ්යුංට කියලා එක දවසක් නිවාඩු අරගෙන එයාගේ ගෙදර ආවා... වෙනදට රෑට ජන්කුක්ට ගෙදර එන්න පුලුවන් උනත් දැන් ජන්කුක්ව රෑට මිනිස් ගිරේකට අහුවෙලා තමයි නිදියන්න වෙන්නේ... ඉතින් ජන්කුක් ටේගේ තුරුලෙන් ඈත් වෙලා එන්න අමාරුයි...

"ජන්කුක් තේරුම් ගන්න ඔයාව දැනටමත් අහු වෙලා ඉවරයි ඒක නිසා තාමත් ඔයා මේ දේ රහසක් විදිහට තියා ගන්න ඒක ඔයාට වගේම ටේහ්යුංටත් හොදයි" මිස්ටර් ජෙයොන් කරුණු පැහැදිලි කරා...

ඇත්තටම ජන්කුක් දැන් වෙනදට වඩා ගොඩක් පරිස්සම් වෙන්න ඕනා... මොකද මිස්ටර් ජෝයන්ග්ගේ ඇස් නිතරම එයා වෙතට යොමු වෙලයි තියෙන්නේ... ඇරත් ජන්කුක්ගේ ඇත්ත තත්වේ දැන ගත්තාම ටේහ්යුං 'හානේ මගේ පුංචි කරදරකාරයා රහස් පොලීසියේද? මට හරිම ආඩම්බරයි' කියලා බදාගනී කියලා කොහෙත්ම විශ්වාස කරන්න බෑනේ... මොකද ටේහ්යුං ඉක්මනට තරහ යන ඒ වගේම ඒ වෙලාවට කරන දෙයක් හිතා ගන්න බැරි කෙනෙක්... එයා තරහ ගිහින් කෑ ගැහුවොත් සේරම හබක් තමයි... ජෙයොන් කියන දේ ඇත්ත උනත් ජන්කුක්ට නම් ඕන උනේ තවත් බොරු නොකර ඇත්ත කියන්න මොකද ඒ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්... එයා දැන් බොරු කරන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට...

ජන්කුක් නිහඩව බලාගෙන උන්නා... තවමත් එයාලට ඕන කරන දේවල් ලැබිලා නෑ... ඒත් නම්ජූන්ගේ වැඩේටත්, ටේහ්යුංගේ වැඩේටත් ඕන කරන දේවල් ලැබිලා ඉවරයි... එයාලට දැන් පුලුවන් ජෝයන්ග්ට විරුද්ධව නැගිටින්න... ජෙයොන් පවුල කතා කර කර ඉද්දී එකපාරටම ගෙදර ඩෝ බෙල් එක වැදුනා... මේඩ් කෙනෙක් ගිහින් දොර ඇරියාම අහලා පුරුදු කටහඩක අයිතිකාරයෙක් කතා කලේ මුලු ජෙයොන් පවුලගේම ඇගේ මයිල් කෙලින් කරලා...

"මිස්ටර් ජෙයොන් ඉන්නව නම් කියනවද කිම් ටේහ්යුං ඇවිත් ඉන්නවා කියලා" ටේහ්යුං කිව්වාම මේඩ් ජෙයොන් ලගට ආවා... ජන්කුක් හැංගෙන්න තැන් හොය හොය හැම තැනම දුවනවා...

"මෙතන බලන්න"

"මගේ පස්ස එලියේ මෙතනට රිංගුවොත්"

"මෙතන යටට යන්න"

"ඔම්මා මං කූඹියෙක් නෙවෙයි"

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now