chapter 35

1.2K 291 38
                                    

"කොහොමද මිස්ටර් ඇලෙක්ස්, ඔයා මොකද මේ බය වෙලා වගේ?" ජන්කුක් ඇහුවේ තමන්ගේ මූණ දිහායි එයාලව වට කරගෙන ඉන්න පොලිස් නිලධාරීන් කණ්ඩායම දිහායි මාරුවෙන් මාරුවට බලන යූජන්ගෙන්... ඇත්තටම ඒ මොහොතේ යූජන්, මිස්ටර් හැන් දෙන්නාම මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන නිසා ටිකක් කලබලෙනුයි උන්නේ... ජන්කුක්ගේ කණ්ඩායමේ පොලිස් නිලදාරීන් මේ වෙද්දී ගෙදර පිටි පස්සේ ඉදලා මිස්ටර් කිම්වයි, මිසිස් කිම්වයි ඒ වගේම අතකට වෙඩි වැදිලා උන්න මිස්ටර් ජෝයන්ග්වයි හොයාගෙන...

"ආහ් ඔයා බලන්නේ මේ අය කොහෙන්ද කියලද? බය වෙන්න එපා එයාලා අහසින් පාත් උන අය නෙවෙයි මගේ අය" ජන්කුක් එහෙම කියලා ආපහු හිනා උනා...

"ගේම් ගහන්න පුලුවන් ඔයාලට විතරයි කියල නම් ඔයාලා හිතා ගන්න ඔය ගොල්ලෝ තමයි ලෝකෙ ඉන්න මෝඩම සෙට් එක කියලා... මොකද තමුන්ලට වඩා හොදට අපි ගේම් ප්ලේ කරනවා" යූජන් එයාගේ තුවක්කුව හොබීගේ ඔලුවට තියාගෙනත්, මිස්ටර් හැන්ගේ තුවක්කුව මාරුවෙන් මාරුවට ජන්කුක් දිහාටත් අනිත් අය දිහාටත් ගියේ එයාලගේ කලබලගතිය මූණෙන් පෙනෙද්දී...

"මුලින්ම ඇලෙක්ස් හෝ යූජන් ඔයා මතක තියාගන්න ඔයාලගේ කේස් එක බාරගත්තේ එසේ මෙසේ ටීම් එකක් නෙවෙයි ඊගල් ටීම් එක කියලා... තොරතුරු හොයද්දී දැනගන්න ඇති නේ අපි කරල තියෙන වැඩ එහෙම-" ජන්කුක් කට කොනින් හිනා උනා... ඒ හිනාව ඇතුලේ 'උබ අද ඉවරයි' කියන හැගීමයි තිබ්බේ...

"තමුන්ට බෑ මාව හිරකරගන්න, මං කොරියන් කෙනෙක් නෙවෙයි මං ඕස්ට්‍රේලියන් කෙනෙක් ඉතින් තමුසෙට බැහැ කොහෙත්ම මට මාන්චු දාන්නවත්" යූජන් එයාගේ එකම තුරුම්පුව විදිහට එයාගේ පුරවැසිභාවය යොදාගත්තත් ජන්කුක්ගේ එක සංඥාවකින් ඉස්සරහට ආව ඕස්ට්‍රේලියන් පොලිස් ඇදුමින් සැරසුනු දෙන්නා නිසා යූජන් කලබල උනා...

"පුංචි ටීම් එකක් එක්ක ඔයාලව අල්ලන්න එද්දී නිකමට හිතුනේ නැද්ද ඊගල් ටීම් එක මොකක්හරි හොද කෑමක් ඔයාලට ලෑස්ති කරයි කියලා... මං ඒ කෑම එකට මිරිස් වැඩිපුර බෙදන්න තීරණය කරේ මගේ මිනිස්සුන්ව උබලා නිරපරාදේ තුවාල කරපු වෙලෙයි..." ජන්කුක් කියන දේවල් අහගෙන උන්න ජින්, නම්ජූන්, ටේහ්යුංටත් පුදුම හිතුනා... ඔව් ඇත්තටම ජන්කුක්ගේ ප්ලෑන් එක දැනගෙන උන්නේ ඉතින් එයයි හොබී විතරයි නේ...

PERSONAL TROUBLEMAKER|TK|✔Where stories live. Discover now