************************************
සරත් ඍතුවේ සුපුරුදු පරිදි ගෙවී යන තවත් එක් දවසක්.seoul නගරයම රාජකාරීවල.මන්මාවත්,කාර්යාල,උද්‍යාන මේ හැම තැනකම නිහඩබව බිදින්න මිනිසුන් පස් හය දෙනෙකු හෝ හිටියා. බැහැගෙන යන ඉරේ එලිය හං ගගේ වතුරට වැටිලා ගං දිය නිල් තැඹිලි පාට වී තිබුනි.ගං ඉවුරෙ දෙපැත්තෙ මල් වලින් පිරුනු චෙරිබ්ලොසම් ගස්.ඒ ගස් යටම ලෑලි බංකුවලින් ලස්සන කරලා තිබුනේ ගං ඉවුරේ නිහඩ බව බිදින්නමද මන්දා.
ලා රෝස පාට තොල්,සිංහලෙන් කිව්වොත් නෙලුම් පෙති වගේ හීනි ඇස්,ඒ ඇස් වහගෙන තිබුනු ලා දුඹුරු පාටට හුරු කොන්ඩෙ,සීතලට රතු වෙලා තිබුනු කියුට් නහය වැඩි උසක් නොතිබුනත් බැලූ බැල්මට කඩවසම් නමුත් හුරතල් තාරා පැටියෙක්ගේ පෙනුමක් තිබුනු තරුනයෙක්,ඔව් එයාගෙ නම ජිමින්.බංකුවේ වම් කෙලවරේ.
එතකොට දකුනු කෙලවර..නෑ එතන හිස් නෑ..
තරමක් සිහින්මුත් හැඩ සිරුරක්,ඉනෙන් පහලට තිබුනු කඩාහැලෙන කොන්ඩෙ,තරමක් දිග ඇස් පිහාටු,දුඹුරු ඇස්,දිගටි නොවුනත් ලා රෝස තොල් පෙති,තරමක් දිගටි නහයත් කෙහෙරැලි වැටිලා තිබුනු කෙල්ලගේ මූනට අමුතු පෙනුමක් ගෙනාවා.ඇය නමින් සූයා.
.
.
.
.
.
.
.
."ඇයි එදා දැක්කෙ නෑ වගේ ගියේ ජිමින්?"
"සූයා මන් හිතුවෙ එතන ඔයා ඔම්මත් එක්ක හිටියා කියලා"
"ම්ම්ම්ම් මන් ඔම්මත් එක්ක කොහෙවත් යන්නෑ කියලා ඔයා නොදන්නවා නෙවෙයිනෙ නේද ජිමින්"
"හරි සූයා.. ඒත්.. මේ අහන්න..මන්.."
"නෑ නෑ ජිමින් මට මොකුත් අහන්න ඕනි නෑ.මට තේරෙන්නෙ නෑ ඇයි ඔයා මෙහෙම කරන්නෙ?මන් මොකක්ද කරේ ඔයාට?ඇයි ඔච්චර පලිගන්නෙ මගෙන්?"
"පලිගන්නවා නෙවෙයි මැනික.... මන් ඔයාගෙ හිත රිද්දන්න හිතුවෙ නෑ සුයා
I am so sorry මන් කවදාවත් ඔයාට රිද්දන්න හිතුවෙ නෑ මට ඕනි උනේ හැමදාම ඔයාගෙ සතුට දකින්න ඒත්..""ඔව් ඒත්..එහෙනම් ඇයි එහෙම කරේ..කියන්න ජිමින් කියන්න ඇයි කල්පනා කරන්නෙ?තේරුමක් නෑ තවත් මේ ගැන කතා කරලා please මාව තවත් රිද්දන්න එපා ජිමින්.මන් යනවා."
"සූයා මන් ඔයාට බොරුකරේ නෑ.මට ඔයාව රවට්ටන්න ඕනි උනෙත් නෑ.මන් කියන දේ අහන්න සූයා please."
"මේ හොදටම ඇති ජිමින්.මන් යනවා."
සූයා එයාගෙ ඔඩොක්කුවෙ තිබුනෙ බෑග් එක එල්ලගන්න හදනවත් එක්කම ජිමින් සූයගෙ වැලමිට ලගින් තද කරන් අල්ල ගත්තෙ ජිමින්ගෙ හිතේ සූයට කියන්න ගොඩක් දේවල් තිබුන නිසා.
ඒත් සූයාට මේ මොකුත් අහන්න ඕනි උනේ නෑ.කාලෙකට කලින් සූයාගෙ හිත සනීප කරපු ජිමින්ගෙ වචන අද සූයාගෙ හිත කෑලි කෑලිවලට කැඩිලා බිදිලා යන්න තරම් දරුනු උනා.මේ දේවල්වලට වගකියන්න ඕනි ජිමින්වත් සූයාවත් නෙවෙයි උනත්.......?
"ජිමින් අතාරින්න please"
සූයා පිටිපස්ස හැරෙන්නෙවත් නැතුව ජිමින්ගෙ අතින් තමන්ගෙ අත ගලවගන්න උත්සහ කරා.
"සූයා...."
ගැඹුරු උනත් හදවතට තට්ටු කරන ආයාචනාත්මක හඩකින් ජිමින් සූයගෙ නම මිමිනුවේ සූයා ආපහු හැරෙයි කියලා.ඒත් සූයාට ආපහු හැරෙන්න කිසිම ඌමනාවක් තිබුනේ නෑ.
"ජිමින් එක පාරක් මන් කිව්වා අතා...රින්න...."
සූයගෙ වැලමිටේ තිබුනු ජිමින්ගෙ අත හෙමීට පහලට රූරලා අල්ලටම ආවා.
දැන් ජිමින් සූයගෙ අල්ලත් එක්කම අත තදින් අල්ලන් ඉන්නෙ.ඉර බැහැගෙන යන නිසා මුලු seoul නගරෙම සීතල වෙලා තිබුනෙ.හං ගඟ ඉවුරෙ හිටපු නිසා සූයාටත් ජිමින්ටත් තවත් සීතලයි.ඒ මදිවට නගරය හරහා හමන හුලග.මේ හැමදේම නිසා ඇති වුනු සීතල සූයාවත් ජිමින්වත් බදාගෙන හිටියෙ.ඒ උනත් දෙන්නගෙම හිත්වල ඇවිලුන ගින්දර ඒ සීතල මකන්නත් ඇති.
මේ ඔක්කොම අස්සෙ ජිමින් තාම සූයාගෙ අත අල්ලගෙන. කනට රහස් කියන ඒ සුලන් රැල්වල සද්දෙත් එක්ක සූයා කියන්න කටට ගත්ත එක ක්ශනිකවම ගිලී ගියේ කාලෙකට කලින් හිත නිවපු මතක පියස්සක සූයව අතරමන් කරමිනි.කදුලු කැට පිරුනු ඇස් දෙක තදින් වහ ගත්තෙ ඒ මතකවලට නැවත සූයව ගෙනියන්න අවසර දෙන්නාක් මෙනි.
-----------------------------------------------------------comment එකක් දාන් යන්න vote කරන්න අමතක කරන්න එපා. 💜💜
YOU ARE READING
●┃ I MISS YOU ┃● [completed]
Fanfiction"දන්නවද සූයා මන් මීට කලින් ආදරේ මොකක්ද කියලා දැනගෙන කාටවත් ආදරේ කරලා නෑ.ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට කියලා දුන්නෙ ඔයා.හිතක් පපුවක් නැතුව හිටපු මට හැගීම් කියන දේ ගෙනත් දුන්නෙ ඔයා.කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් උනු මට මුලු ජීවිතේටම බලාපොරොත්තු ගොන්න...