🍃 Chapter 3 🍃

207 42 6
                                    

few days later
"හායි ජුනියො"

"ආහ් සූයා...කොහෙද මේ යන්නෙ?"

"ජිමින්ව දැක්කද?"

"ආආආආ...ජිමිනා....නම්..ම්ම්ම්....නෑ බං දැක්කෙ නෑ."

"ඒක නෙවෙයි යුන්ශිව දැක්කද?"

"නෑ බං මාව හම්බෙන්නත් එනවා කිව්වා අද මන් මේ බැලුවෙ තාම නෑනෙ.මන් හිතුවෙ ඔයත් එක්ක කොහේ හරි යන්න ඇති කියලා."

"මන් එක්ක කොහේ යන්නද බං ඒකි?"

"එහෙනම් කොහේ යන්න ඇතිද?"

"මන් කොහොමද බං උබේ ගෑනි ගිය දිහාව දන්නේ?."

"එහෙනම් මම කොහොමද බං උබේ මිනිහා ගිය දිහාව දන්නෙ?"

"එහෙනම් මම කොහොමද බං උබේ මිනිහා ගිය දිහාව දන්නෙ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"හරි හරි ජුනෝ..මන් නිකන් කිව්වෙ."

දෙන්නටම පුදුමයි කවදාවත් නැතුව මේ දෙන්නා පරක්කු උන නිසා.අනික දෙන්නම එකම දවසෙ මෙහෙම වෙන්න හේතුව...?

few moments later

"හායි සූයා..හායි ජූන් බේබ්"

"හේයි යුන්ශි ජිමින්ව දැක්කෙ නැද්ද ?"
සූයා තරමක් කලබලෙන් වගේ ඇහුවේ.

"හායි තමයි.කොහෙද ළමයො මෙච්චර වෙලා ගිහින් හිටියෙ.මන් බය උනා.යන දිහාවක කියලා යන්න තිබුනනෙ.බලන්න දැන් වෙලාව කීයද කියලා.තව ටිකක් වෙලා බලලා අපි දෙන්න එන්න හැදුවෙ යුන්ශි ඔයාලව හොයන්න."

නම්ජුන් කියාගෙන කියාගෙන ගියේ යුන්ශිගෙ මේ නුහුරු ප්‍රමාදය නිසා.

"මම යාලුවෙක්ගෙ ගෙදර ගියා නම්ජුන්.එයාගෙ ඔම්මා හොදටම අසනීප වෙලා.ගිහින් බලලා ආවා නැත්තන් හරි නෑනෙ."

"ඉතින් මාත් එක්ක යන්න තිබුනනෙ යුන්ශි ඇයි මට කිව්වෙ නැත්තෙ.?"

"දැන් හරිනෙ නම්ජුන් කලබල වෙන්න එපා.මන් ආවනෙ.ම්ම්."
යුන්ශි එහෙම කිව්වේ නම්ජුන්ගෙ හිතේ තිබුනු කලබල ගතිය නැති කරන්න.

"නම්ජුන්..."

සූයා හිස් හඩකින් එහෙම කිව්වෙ ජිමින් තාමත් නැති නිසා.

"ඕ කියන්න සූයා"

"ජිමින්!"

"අම්මටසිරි මූ කොහේ ගියාද?කෝල් එකක්වත් දාලා බලමුද?."

"මගේ ෆෝන් එක ගෙනාවෙ නෑනෙ නම්ජුන්.ඒක කැඩිලා."
සූයා එහෙම කිව්වම යුන්ශි ටිකක් තිගැස්සුනා.

"යුන්ශි ඔයාගෙ ෆෝන් එක...."

"ආහ් මේ... ඒක...ඒකෙ battery low වෙලා on වෙන්නෙවත් නෑ."

සූයට කියලා ඉවර කරන්නවත් උනේ නෑ යුන්ශි මැද්දට පැන්න ගමන්ම කිව්වා.

"ආහ් ඒකට කමක් නෑ.මගේ එක තියනවනෙ මම මැසේජ් එකක් දාන්නම් බය වෙන්න එපා සූයා.ඉන්නකො."
නම්ජුන් එහෙම කියලා කලිසම් සාක්කුවෙ තිබුන එයාගෙ ෆෝන් එක අරන් ජිමින්ට මැසේජ් එකක් දැම්මා.

"මන් ගෙදර ආවා බං ලොකු හදිස්සියක්.උබලා ගෙදර පලයන්.අපි වෙන දවසක සෙට් වෙමු.සූයට කියන්න කලබල නොවී පරිස්සමින් ගෙදර යන්න කියලා."

විනාඩි කීපයකට පසු නම්ජුන්ගෙ ෆෝන් එකට ජිමින්ගෙන් ආව මැසේජ් එක තමයි ඒ.නම්ජුන් සූයටත් යුන්ශිටත් ඒ ගැන කිව්වා.

"අනේ ජූන්...මට බයයි අපි යමුද ජිමින්ලගෙ ගෙදර...ඇයි දන්නෑනෙ..?"
සූයා හොදටම බය වෙලා

"නෑ නෑ බය වෙන්න එපා සූයා ඔයා ගෙදර යන්න.අපි බලන්නම් මොකක් හරි නේද නම්ජුන්."
යුන්ශි එහෙම කිව්වෙ ඉක්මන්ට සූයාව ගෙදර යවන්න ඕනි නිසා.

"ඔව් සූයා ඔයා ගෙදර යන්න."

"ජූන් ඒත්."

"සූයා කියන දේ අහන්න.දැන් ඔයා යන්න මන් බලාගන්නම්."

"ම්ම්ම්ම්ම්ම් හරි."

"හරි අපි යමු එහෙනම්.පරිස්සමින් යන්න සූයා.එන්න බබා අපිත් යමු."

යුන්ශි එහෙම කියලා නම්ජුන්ගෙ අතින් ඇදගෙන කලබලෙන් එතනින් පිට උනා.

සූයා දහ අතේ කල්පනා කර කර ගෙදර යන්න ගියත් හිතකින් නෙවෙයි.ජිමින් ගැන ලොකු බයකින් ගියේ.සූයට හිතුනෙ ආපහු හැරිලා ජිමින්ගෙ ගෙදර යන්නමයි.ඒත් ජිමින් කියන දේට කවදාවත් සූයා පිටුපෑවෙ නෑ.ඒ තරමටම එයා ජිමින්ට අවන්ක උනා.

ගෙදර ගියත් සූයාගෙ හිත එක අරමුනකට ගන්න ලේසි උනේ නෑ එක පැත්තකින් ජිමින් ගැන.අනිත් පැත්තෙන් යුන්ශිගෙ අමුතු හැසීරිම් ගැන.....

-----------------------------------------------------------

මේක ගැනත් මොනා හරි comment කරන්න vote කරන්න අමතක නොකර 💜💜

●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now