🍃 Chapter 7 🍃

147 35 1
                                    

කාලය ටික ටික ගෙවිලා ගියා school එකේ final year exam එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාලය ටික ටික ගෙවිලා ගියා school එකේ final year exam එක.

සූයා,ජුශී,නම්ජුන්,ජිමින්,යුන්ශි මේ හැමෝම මේ exam එක ලියන්නයි ඉන්නේ.

"අවුරුදු 13ක මහන්සියෙ අන්තිම ප්‍රතිඵලය අද තමයි ඔන්න."

ජුශී එහෙම කිව්වෙ ලොකු සතුටකින්.

"අදින් පස්සෙ ඉතින් මේ යාලුවො සීසීකඩ නේද?"

සූයාට නම් දුකයි.එයා school ගියේ හරිම ආසාවෙන්.

"සූයාට නම් අපිව අමතකත් වෙයි"

නම්ජුන් එහෙම කිව්වෙ සූයාගෙන් සැනසිලි දායක උත්තරයක් බලාපොරොත්තුවෙන්.

"ඒකිට අපිව අමතක වෙන්න තරම් මොනාද නම්ජුන් මතක තියා ගන්න තියෙන්නේ."

"අමතක වෙන්නෙ ඇයි දෙයියනේ.මෙච්චර එකට හිටපු අය."
සූයා එහෙම ඇහුවේ නම්ජුන්ගෙ විකාර ප්‍රශ්නෙට වෙන කියන්න දෙයක් නැති නිසා.

"නෑ නෑ මන් නිකන් කිව්වෙ ඉතින් අපිට වඩා ලගින් හිටපු අයව සූයා අමතක කරේ ඉතින්."

සූයාට කට උත්තර නැති උනා.සූයා ඔලුව පැත්තකට හරවලා බිම බලා ගත්තත් සූයා තාම ජිමින්ව අමතක කරලා නෑ.අවුරුදු කීපයකට කලින් සූයව සුවපත් කරපු ජිමින්ගෙ ආදරේ දැන් සූයව රිද්දනවා.ජිමින් එක්ක ගෙවුනු හැම මොහොතක්ම සූයාගෙ හදවතේ රිදුම් ඇති කරා.

"නම්ජුන්.මේ ලමයව ආපහු අවුස්සන්නද හදන්නේ."
ජුශී නම්ජුන්ගෙ ශර්ට් එකේ කොනකින් ඇදලා සූයාට ඇහෙන්නෙ නැති වෙන්න රහසින් කිව්වා.

"මට කාවවත් අමතක කරන්න ඕනි නෑ ජූන්.ජීවත් වෙන ටික කාලෙදි අපේ ජීවිතේට ආව ගිය මිනිස්සු අපිට පාඩම් උගන්නපු මිනිස්සු දුකේදි සතුටෙදි ලගින් හිටපු මිනිස්සු හයියක් වුනු මිනිස්සු වට්ටන්න හදපු මිනිස්සු මේ හැමෝගෙම මතක තියෙන්න ඕනි.ඒවා මතක තියන තරමටම තමයි තැනකට ගිහින් දවසක ආපහු තමන් ආපු පාර දිහා බලලා නිහතමානී සතුටක් ලබන්න පුළුවන්.තමන් ආවෙ මොන වගේ පාරකද කියන එකයි දැන් ඉන්නෙ කොතනද එතන ගැන සතුටු වෙන්න පුළුවන් එතකොටයි."

හිටගෙන හිටපු නම්ජුනුත් ඉදගෙන හිටපු ජුශීත් ගල්පිලිම දෙකක් වගේ කට ඇරන් සූයාගේ මේ සාවදාන වදන් අහන් හිටියේ බන අහන උපාසකයො දෙන්නෙක් වගේ.

"අපි යමු නේද වෙලාවත් කිට්ටුයි exam පටන් ගන්න."
සූයාම එහෙම කිව්වේ එයාට එතනින් ඉක්මන්ට යන්න ඕනි නිසා.

"ආආආආ ඔව් ඔව් අම්මෝ යමු තව ටිකක් වෙලා මෙතන හිටියොත් අපිත් රහත් වෙයි."
ජුශී එහෙම කිව්වේ සමච්චලයට හිනා වෙන ගමන්.මොකද සූයා මෙච්චර පරිනත උනේ කොහොමද කියන එක ජුශීට පුදුමයක්.

"ආහ් හරි හරි අපි යමු exam ඉවර වෙලා ආපහු හම්බෙමු"
නම්ජුනුත් එහෙම කියලා තුන් දෙනත් එක්කම exam hall වලට ගියේ ආපහු හමු වීමේ බලාපොරොත්තුවෙන්.

9:00 a:m

-----------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-----------------------------------------------------------

comment කරන්න vote කරන්න අමතම නොකර 💜💜

●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now