🍃 Chapter 9 🍃

164 36 3
                                    

මුලු school එකේම ළමයි අවුරුද්දකට විතර පස්සෙ school එකට ඇවිල්ලා තිබුනා.ඒ අතරෙ සූයා නම්ජුන් ජුශී යුන්ශි පේන්න හිටියත් ජිමින් පේන්න හිටියෙ නෑ.කවුරුත් ජිමින් ගැන දැනගෙන හිටියෙත් නෑ.

"ජුශී...අද ළමයි හැමෝම ඇවිල්ලද?"

"අද එන්න එපෑ ඉතින්.අන්තිම දවසනෙ."

"ඒත්....මේ......ජිමින්.......නෑ නෑ..මට මොකටද එයා ගැන.කෝහේ හිටියත් මට මොකද මොනා කරත් මට මොකටද වැඩකට ඇති දෙයක්ද.."

"සූයා.."

"ජිමින්..ජිමින්..ඔයා නේද ඒ?"

තමන් ගැනි පොඩි තැකීමවත් කෙනෙක් මත්තෙ තවත් නහින්නෙ මොකටද?එයාට එහෙම කරන්න පුළුවන් නම් ඇයි මට බැරි?සූයාට හිතුනෙ එහෙමයි.
එහෙම හරි හිත හදා ගන්න උත්සහ කරන හැම සැරේකම ජිමින්ගෙ මතකයක් හරි හිත අස්සට රිංගලා අමාරුවෙන් හදා ගන්න හදන හිත සුනු විසුනු කරේ දෛවය විසින් සූයාට සැනසීම කියන දේ හීනයක්ම විතරක් කරලා වගේ නිසා.ඒත් මේ පාරත්...නෑ මේ පාර මතකයක් නෙවෙයි..ඔව් ඒ හඩ ඇත්තටම ජිමින්ගෙ.ඒ හඩට සූයා අමන්දානන්දයෙන් එකවරම හැරෙන්න හැදුවත් මූනෙ තිබුන සතුට වෙනුවට සාවදාන කෝපයක් මවාගෙන නුහුරු බැල්මකින් සූයා ඒ හඩ ඇහුනු දිහාවට හැරුනා.

"ඇයි?"

"ඔයා තරහද මා එක්ක?"

"අනේහ් නෑ කාත් එක්කවත් තරහ වෙන්නෙ මොකටද මන්?මගේ පාඩුවේ ඉන්නවා එච්චරයි."

අනේ මැනික එහෙම නොකර ඉන්නයි තිබුනේ.දුක හිතුනෙ නැද්ද මන් විදවයි කියලා.බය හිතුනෙ නැද්ද මම පිස්සෙක් වෙයි කියලා.ලෝබ හිතුනෙ නැද්ද මාව අතාරින්න.ලැජ්ජ හිතුනෙ නැද්ද වෙන කෙනෙක්ගෙ හිතක ඉඩ හොයන්න.ඔයා එහෙම නොකරා නම් අද වෙනකොට කොච්චර සතුටින්ද අපි දෙන්නා.ආපහු එන්න කියන්නත් බෑ මට තව විදවන්නත් බෑ.ඒ උනත් මන් තාම ආදරෙයි ඉස්සර තරම්ම.ඒ ක්ශනයෙ මේ වගේ දාහක් සිතුවිලි පහල උනත් ඒ එකක්වත් එක හුස්මක වෙනසකින්වත් ජිමින්ට දැනෙන්න දුන්නෙ නෑ.ඒකෙන් ජිමින්ට වෙන්නෙ නරකක්මයි කියලා සූයා දැනන් හිටියා.

"ම්ම්ම්ම්ම්ම් ඔයා තරහින් නෑ කිව්වට මන් දන්නවා."

සූයා මොකුත් නොකිය ඇස් අස්සෙ හැන්ගිලා තිබුනු කදුලු කැට හන්ගලාම තියා ගන්න වෙර දරමින් අහක බලා ගත්තේ ඔයා ඕනිදෙයක් හිතා ගන්න කියනවා වගේ.

●┃ I MISS YOU ┃●                                                     [completed]Where stories live. Discover now