few days later
වෙලාව උදේ නවයට විතර ඇති.පාන්දර හිරු කිරන රූස්ස ගස් අස්සෙන් seoul නගරය වහගෙන තිබුනි.seoul වලම ලස්සන අතුරු පාරක අයිනේ තිබුනු විශාල ගෙදරක සූයා ජීවත් උනේ.
"ටක්.. ටක්.."
"කව්ද ?"
"ආහ් ඔම්මා සූයා ඉන්නවද?"
"ආ නම්ජුන් එන්න ඇතුලට.ඉන්න මම සූයට කතා කරන්නම්."
"සූයා මෙන්න යාලුවෙක් ඇවිල්ලා."
"ආහ් සූයා."
"නම්ජුන්.කිව්වෙත් නෑ එනවා කියලා."
"ඔම්මා ඔයාගෙ අවසර තියනවා නම් මම සූයා එක්ක ජුශීලගෙ ගෙදර යන්නද?"
"ඇයි ඒ හදිස්සියක්ද නම්ජුන්"
"ආහ් නෑ ඔම්මා final exam එකත් ලගයිනෙ ඒකයි පොඩ්ඩක්"
"ම්ම්ම්ම් හරි එහෙනම් යන්නකො ගියාට කමක් නෑ.පරිස්සමින් ගිහින් එන්නකො සූයා."
"සූයා ලෑස්ති වෙලා එන්නකො මන් එලියට වෙලා ඉන්නම්."
"හරි ජූන් මන් ඉක්මන්ට ලෑස්ති වෙලා එන්නම්."
සූයා ලෑස්ති වෙලා එනකන් නම්ජුන් එයාගෙ කාර් එකට හේත්තුවක් දාගෙන හිටියා.
කෙල්ලෙක් උනත් සූයාට ලෑස්ති වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ.
"ඔම්මා මන් ගිහින් එන්නම්."
"හරි සූයා පරිස්සමින්."
"නම්ජුන් යමු අපි."
සූයයි නම්ජුන්නුයි දෙන්නත් එක්කම නම්ජුන්ගෙ කාර් එකට නැගලා ජුශීගෙ ගෙදර යන්න පිටත් උනා.
"සූයා.."
"ඔයා තාම දුක් වෙනවද?"
"ම්ම්ම්ම්ම්"
"හරි අපි ඒ ගැන කතා නොකර ඉමු sorry සූයා මන් හිත රිද්දන්න නෙවෙයි එහෙම ඇහුවේ."
"අනේ කමක් නෑ ජුන්.තවත් රිදෙන්න දෙයක් නෑ.උපරිම රිදිලා තියෙන්නෙ."
"ඕවා ගැන හිතන්න නෙවෙයි සූයා දැන් තියෙන්නෙ බලන්න exam එකට තව දවස් කීයද?අපි කොහොමහරි exam ගොඩ දාමු බං."
විනාඩි ගානකට පස්සෙ නම්ජුන්ගෙ කාර් එක ජුශීගෙ ගෙදර මිදුලට ආවා.
YOU ARE READING
●┃ I MISS YOU ┃● [completed]
Fanfiction"දන්නවද සූයා මන් මීට කලින් ආදරේ මොකක්ද කියලා දැනගෙන කාටවත් ආදරේ කරලා නෑ.ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට කියලා දුන්නෙ ඔයා.හිතක් පපුවක් නැතුව හිටපු මට හැගීම් කියන දේ ගෙනත් දුන්නෙ ඔයා.කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් උනු මට මුලු ජීවිතේටම බලාපොරොත්තු ගොන්න...