9 කොටස

92 17 2
                                    

"අපේ වෙඩින් කාඩ් එක නංගි.... ඔයා අනිවාර්යයෙන්ම එන්න ඔ්නේ සුදු.... "



















මගේ සරීරයෙන් ප්රමාණය ඉක්මවා ගිය බලයක් දැනෙද්දි මගේ හදවතට එ්, වෙනුවෙන් ප්රතික්රියා කරන්න බැරි වුනා..

අක්කා විනාඩි ගානක් කියවලා කියවලා ගියා...

මං එතනම හිටියා... නිශ්චල වැව දිහා බලන් හිටියා... තත්පරේකට හිතුනා දුවගෙන ගිහින් එ්කට පනින්න .... බෑනේ... මං පොරොන්දු වුනා නේ වෙඩින් එකට යනවා කියලා... එතකන් ඉවසලා ඉන්නවා.. හෑන්ඩ්ෆ්ර‍ි දෙක අරන් මං සිංදුවක් දැම්ම...


දවසක් එ්වි අපිත්..
අපේ හීන වලට යාවී....
එ් හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් අැති...


"ගත්ත දලුමුර ඉන්න නෑයෝ පිරිවරා දෙව් මංගලම්...
පෝරුවෙන් බැස යන්න දෙවියනි දෙන්න අවසර මංගලම්..... "



අශ්ටක මගේ කන් වල රැව් දුන්නා...
පෝරුවේ ලස්සනට සරසපු මල් වැල් යටින් මට පෙනුනේ මගේ පන මගේ අැස් දිහා බලන් ඉන්නවා... හ්ම්.... එයාට 25....එදා අක්කා වෙඩින් කාඩ් එක දුන්නයින් පස්සේ මං සෙනංශාව වැඩිය හම්බෙන්න ගියේ නැ... එයාම අපේ ගෙදර අාවෝත් මිස අපි හම්බඋනේ නෑ. ..

මාස තුනකට පස්සෙ ....මම අද උදේම නැගිටලා ලස්සනම ලස්සන ලා නිල් සාරියක් ඇද ගත්තා.... පැත්තට කොණ්ඩේ ගෙතුවෙ වෙනදා වගේ හැඩ වැඩ දාන්න මගෙ හිත දුන්නේ නැති නිසා...

අයියගේ අැස්... අනේ මන්දා... හැගීම් ගොඩකින් පිරිලා... හැබැයි අයියා සතුටින් නෙමෙයි හිටියේ.... අවුරුදු 8 ඒකපාර්ශවිකව එයා වෙනුවෙන් ම හදවත් සින්නක්කරේට ලියලා සේප්පුවක දාපු මට එයාගේ අැස්වලින් එයාගේ හැගිම් පවා තේරුම් ගන්න පුලුවන්...

අක්කා ලස්සනයි... ලා කහ ගල් අල්ලපු ඔසරියකින් එයා හැඩවෙලා හිටියේ... පෝරුව... ව්හාාා... ලස්සන කහ මල් වලින් සරසලා... මුලු හෝල් එකම කහ කොල පාටින් සරසලා...

අයියා මං දිහා බලනවා... අැස් වලින් වෙනදටත් වඩා ලොකු කලකිරුනු පාටක් පිරිලා... අැස්වල කදුලු...
මං හිතන්නේ මේ එයාගේ වෙඩින් එක නිසා වෙන්න අැති... එ් සතුටු කදුලු වෙන්න ඔ්න... මං... අහ්.. නැ එක්කෝ එපා... මට හිතුන කදුලු පිහදාන්න... එ්ත් මට, අයිතියක් නැනෙ....
මං වැඩිය ලගට ගියේ නැ...හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතලා මං හිනා වෙලා හිටියා... හිනා වෙලා? අහ් ඔව්...
හොදටටටට දත් ටික පේන්න හිනා වෙලා හිටියා...

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now