12 කොටස

95 14 2
                                    

හරිනේ... නිදහසේ ඉන්න හිතුවා විතරයි අර සමහර කරුම හොඳම යාලුවෝ විදිහටත් එනවලු නේ... හිහි..
මගේ පන වගෙ ඉන්න හොඳම යාළුවෝ එදා ඉදන්ම මාව  තේරුම් ගත්ත හැම වෙලාවෙම මාව පරිස්සම් කරපු මගේ ආරක්ෂකයෝ. ..
ඔමින්දි සැරයි... එයාගේ හිතේ අනුකම්පාව ගෑවිලාවත් නෑ..එහෙත් එයා මට දෙන ආදරේ ,අම්මා කෙනෙක්ට විතරයි දෙවැනි වෙන්නේ..
ඉනීෂා... මගේ නංගි බබා... නංගි බබා කිව්වට වෙලාවකට එයා අක්කා වගේ..හරිම ආදරණීයයි...මං ගැන හොයලා බලන්නේ හරියට මං එයාගේ දරුවෙක් වගේ.. සෙනාරි..මගේ පිස්සු ලුසී...
සහෝදරියක් වගේ...ජිවිතේ  අපි වැටෙන තැන් වලදී නැගිටින්න ඕන විදිහ මම තේරුම් ගත්තේ එයාගෙන්... දැන් ඔයාලා  හිතනවා ඇති මට පිස්සු කියලා ...මෙච්චර වැඩිහිටියෝ ඉද්දි මං මගේ වයස පොඩි කෙල්ලෙක් ගෙන්,මේ දේවල් ඉගෙන ගත්තෙ කියලා...ඒත් අමතක කරන්න එපා එයත් මං වගේ..එක වයස දෙන්නෙක්ට තම-තමන් අඳුර ගන්න එක හරිම පහසු වැඩක් ...මට ලොකු ලොකු අයගේ ලොකු ලොකු කතා අහනවට වඩා, මගෙම වයස කෙනෙක් දිහා බලලා ඉගෙනගන්න එක හරිම පහසුයි...
යුහාසා... මගේ සෝල්මේට්... ව්හෝ... දන්නවද... එයා මායාකාරයක්... මගේ කොන්ඩේ කැරලි කැරලි තියෙන තලෙලු මායාකාරී... එයාට මගේ අැස් දෙක දිහා බලලා මං හිතන දේ කියන්න පුලුවන්... එ් නිසා මං ගොඩක් වෙලාවට එයාගෙන් හැංගෙනවා විහගි ගේ අස්සේ... මගේ අක්කා... මං  ඔ්නෙම කුප්ප වැඩක් සෙනාරි සෙනංශා එක්ක කරලා අාවාම මාව ඔමින්දි ගෙන් බේරගන්නේ එයා... අපි එක පවුලක්...

ඔමින්දි මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා... විහගි මගේ ඔලුව අතගෑවා... ඉනීෂා ,යුහසා මගේ දෙපැත්තේ ඉදන් මාව සැනසුවා... සෙනාරි? කුරුලු පැටියෙක් වගේ අැවිත් අපි ගාවට වෙලා තුරුල් වුනා.. එතනට අඩු සෙනාශා විතරයි..
ඉතින් එයත් "එයාගේ අයියාගේ" වෙඩින් එකේ කට්ටිය dancing floor  එකට යනකන් ඉදලා අැස් වල කදුලු පුරවන් අැවිත් අෑතින් හිටගෙන හිටියා...
එ් පිස්සි හිතනවා ද දන්නේ නැ මේ දේවල් ඔක්කොම වුනේ එයා නිසා කියලා... පිස්සි...

"සොරි.. "

"මොකා? "

"සොරි.. මේ දේවල් ඔක්කොම වුනේ මං නිසානේ! "

පැනපු ගමන් ඔමින්දි එයාට ලොකු ටොක්කක් අැන්නා... ( හැබැයි රිදුනේ ඉනීෂා ට)

"පිස්සි... මොංගලි... "

"යාහ්.. එයාට බනින්න එපා... " විහගි ඔමින්දි ට සැර කලා...

"කුක්කො! "

"බෙට්ටි? "

"මෙහේ එන්න මැණික... "

කිසි දෙයක් වෙනස් වෙලා නැ.... අපිට දැන් 21...එ්ත් අර අවුරුදු 11 දි අැතිවුන යාලුකම අදටත් තියෙනවා... එකම වෙනස,
එදාට වඩා අද වැඩියෙන් අපි බැදීලා... හෙට ඊටත් වඩා වැඩියෙන් බැදෙයි... කිසි වෙනසක් නම් නැ...














සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now