18 කොටස

79 13 0
                                    

කාලේ හරිම වේගෙන් ගියා... මං කැම්පස් තේරුනා... තරූ.. අහ්, අැත්තටම මට එයා ගැන හැගීමක් නැ... එ්ත් එයා එ්ක දැන දැන මගේ අැගේම එල්ලිලා ඉන්නේ හරියට කූඩැල්ලෙක් වගේ.. මං අාදරේ මගේ මැණිකට.. පහනි.. පහනි සිංහවංස... මගේ මුලු ජිවිතේ ම වෙලා... එ්ත්, මං පරක්කු වැඩිද කොහෙද... කලින් වගේ එයා හැම වෙලාවෙම අපේ ගෙදර අාවේ නැ... මගේ ig, Facebook පෝස්ට් වලට පිස්සු වෙන් වගේ ලයික් කරේ නැ... මං හිතන්නේ එයාට එ ලෙවල් ලග නිසා පාඩම් කරනවා... මං එහෙම හිතා ගත්තා... එ්ත්,
එදා මං කැම්පස් ලෙක්චර් එක ඉවර වෙලා, මගේ පාර්ට් ටයිම් ජොබ් එකට යන ගමන් හිටියේ... නංගි කිව්වා පහනි පාඩම් කරන්න යුහාසා ගේ ගෙදර යනවා කියලා.. මාත් එක එක දේවල් හිත හිත බයික් එක ස්ටාර්ට් කරද්දි දැක්කේ පාර එහා පැත්තෙ පහනි ඉන්නවා... එ්ත්, එකපාරටම කොල්ලෙක් දුවගෙන අැවිත් එයාගේ අතට ටෙඩි බෙයාර් කෙනෙක් දීලා තව මොකක්ද බැග් එකකුත් දුන්නා.. පහනි... මගේ මැණික එ කොල්ලා එක්ක ලස්සනට හිනා වුනේ මාව ගිනි ගොඩකට අත අැරලා.. එ් අස්සේ තරුෂි එකදිගට කෝල් කරනවා.. මට කේන්ති... අැයි මෙච්චර මං අවාසනාවන්ත...

මං හිටියේ පිස්සුවෙන් වගේ.. එකපාරටම පපුවෙන් ආපු වේදනාව දරාගන්න බැහැ...පිස්සුවෙන් වගේ හිටපු මම, වේගෙන බයික් එකේ නැගලා ගියේ අඩුම ගානේ කොහේ යනවද කියලවත් නොදැනයි..  පැයක් විතර වේගෙන් මම ඔහේ පාරවල් ගානේ යන්න ඇති..ඒත් එක පාරටම ආපු එලියත් එක්ක මගේ ඇස් නිලංකාර වුණා, මට මතක තිබ්බේ එච්චරයි...

අැස් පියවිලා, ඇඟ පණ නැති වෙලා වගේ දැනුනෙ..  කවුරු හරි කතා කරන සද්දයක් මට හොදටම ඇහුණා ..ඒත් මට නැගිට ගන්න බෑ..මාව පොළොවට තියල තද කරනවා වගේ දැනුනෙ..ඔලුවෙන් වෙන් ලොකු කැක්කුමක් ආවා...එ්ත් එකපාරටම මගේ තොල් වලට සීතලක් දැනුනා.. හිත සන්සුන් වෙන කටහඬක් මගේ ඔලුව පුරා දෝංකාර දුන්නා. .
මං අැස් අරින කොට ලග හිටියේ අම්මා... තව ගොඩක් දෙනෙක් හිටියා... මගේ පවුල... ඩොක්ටර් කිව්ව විදියට මට විටින් විට පැනික් අැට්ටෑක් එන්න පුලුවන්.. මං බැලුවේ පහනි කෝ කියලා.. එයා නැ.. අැත්තටම  එයා ට මාව වැඩක් නෑ..එ්ත් මං... මං මගේ පනට ගොඩාක් අාදරෙයි..
තරූ ගෙන් මං අැහැව්වා කවුද මං ගාව හිටියේ කියලා.. මට අැහුන කට  හඬ ගැනත් මං එයාගෙන් ඇහුවා,  එයා කියපු විදිහට ඒ එයා ..මේ දවස් ටිකේම මං ගාව ඉඳලා තියෙන්නේ එයා..ඒත් මට එයා ගැන හැඟීමක් නැහැ..එයා මට හොඳ යාළුවෙක් විතරයි...

මට දැනුන වේදනාව මම හැම මොහොතකම එයාව දකිද්දී ඇස්වලින් එයාට කිව්වා ,කවුද දන්නේ ..වැරදිලා හරි එයාට එ් භාශාව තේරුනොත්.. එයා මට අාදරේ කරයි නේ... එහෙම හිතලා හැම මොහොතකම එයාට ම පේ වුන මගේ හිත මං අමාරුවෙන් හදා ගත්තා.. මං රස්සාව ක් කරන්න ගත්තා... මගේ සුදුසුකම් ඉහටත් උඩින් තියෙන නිසා මට එ් කම්පැනි එකේ සීනියර් මාර්කටින් මැනේජර් වෙන්න පුලුවන් වුනා පොඩි වයසෙන්ම..

තරුෂි ගේ පවුලේ අයට ඉක්මනින් වෙඩින් එක ගන්න ඔ්නෙලු.. යකු.. මං කොහොමද වෙන කෙනෙක් ට අාදරේ කර කර තව කෙනෙක් ව බදින්නේ... මං අැත්ත කිවවා තරුෂි ට..

මං එයාට කිව්වා.. මං පහනි ට අාදරෙයි කියලා...

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now