19 කොටස

82 15 0
                                    

මං එයාට කිව්වා.. මං පහනි ට අාදරෙයි කියලා...

මාව පුදුම  කරන ගමන් එයාගේ ඇස් වලින් එක කඳුළු බිංදුවක් වත් වැටුණේ නෑ ... එ්ත් ඒ වෙනුවට එයා හිනා උනා..
එයා ඇහුවා මගෙන් ,

"දැන්ද කියන්නේ මං මෙච්චර කල් බලන් හිටියේ ඔයාම කියනකං..කමක් නැහැ දැන් හරි කිව්වනේ.. "

"ඔයාට කේන්ති නැද්ද මං මෙච්චර කල් රවට්ටපු  එකට... " මං අැහැව්වා..

"අනේ නැ.. මටත් සමාවෙන්න ,  මමත් ඔයා ව රැවැට්ටුවා..මමත් අවුරුදු පහක් තිස්සේ එකම කෙනෙක්ට විතරයි අාදරේ කලේ..අනේ මට සමාවෙන්න..මං අසරන වුනා..මගේ පවුලේ අයට ලොකු ඕනකමක් තිබ්බා මං ඔයාව මැරි කරනවා දකින්න..මට..මට සමාවෙන්න..එ්කයි මං ඔයාව පාවිච්චි කලේ..මං එයාල ඉස්සරහ රඟපෑවේ මම ඔයාට කැමතියි වගේ..අපි දෙන්න අතරෙ අාදරයක් තියෙනවා වගේ.. මට සමාවෙන්න.. මං  මං.. අාදරේ දෙනුවන් ට විතරයි.. අපේ.. අහ් අපේ.. අම්මලා එයාට කැමැති නැ.. එයා දුප්පත් නිසා.. එ්කයි මේ හැමදේම... "

කලින් හිනා වුන එයා දන ගහන් අඩන්න ගත්තා.. මට පුදුමයි මං මෙච්චර කල් රූකඩයක් වෙලා තියෙන්නෙ .. කමක් නෑ, මට එයාට වෛර කරන්නත් බෑ ...එයාලා ආදරේ කරේ.. මේ ලෝකේ ආදරේ කරන එක වැරැද්දක් නෙමේ...
මමත් කරේ ආදරේ කරන එක ..
ඒත් මං ආදරේ කරේ මට නොලැබෙන තරුවකට...

තරුෂි මගෙන් උදව්වක් ඉල්ලුවා.. මට ඒ වෙලාවේ හිතුණා එයාගෙන් අහන්න ඇයි ඔයා මෙච්චර ආත්මාර්ථකාමී කියලා...  ඒත් මට එක අහන්න බෑනේ..මොකද ඔ්නේම මනුස්සයෙක් ආදරේ ඉස්සරහ ආත්මාර්ථකාමි.. එ්ක සාමාන්ය දෙයක්..

එයාව මැරි කරන්න!

ඔව්.. එයාව මැරි කරලා, අවුරුදු දෙකකින් විතර ඩිවෝර්ස් වෙමු ලු... එතකොට අම්මලා සැක කරන්නේ නැති වෙයි ලු.. ඊට පස්සේ එයා දෙනුවන් එක්ක රට යනවා ලු.. මටත් කැමති කෙනෙක් බදින්නලු.. හහ්. බදින්න?
පහනි එ් කාලේ වෙද්දි එයාගේ හිත වෙන කෙනෙක්ට දීලා හිටියේ නැත්නම් මටත් මගේ අනාගතේ ගැන හිතන්න පුළුවන් වෙයි... එ්ත් මහ ලොකු බලාපොරොත්තු තියාගන්නේ නෑ ... මොකද මේ වෙනකම් මගේ ජීවිතේ වෙලා තියෙන හැමදේම, හරියට නිකන් දෙවියෝ මාව මැද තියාගෙන කැරම් ගහලා වගේ... බේරෙන්න තියන හැම පැත්තම කපල දාල..  මාව තනි කරලා..මාව කොටු කරල...මාව අසරණ කරලා...



දවස් ,සති, මාස ගෙවිලා ගියා..
මං අද කසාද බඳිනවා... ඒකත් මගේ හිතේ පොඩි වත් ආදරයක් නැති කෙනෙක් ව... මං මගේ පනටත් වඩා ආදරය කරන කෙනා ඉස්සරහම. ... හිතන්න ඔයාලට මේ වගේ වුනොත් කොහොමද හිතෙන්නේ...මටනම් මේ දැන් වුණත් පිහියකින් ඇනගෙන මැරෙන්න පුළුවන්..ඒ තරම් මගේ පපුව රිදෙනවා.. මාව තනි වෙලා වගේ..මගේ මුළු ඇඟම පණ නැති කරන තරම් ඔලුව කැක්කුමක් තියෙනවා ඊයේ දවසෙම වොෂ් රූම් එකට වෙලා අඩලා... කොල්ලෝ අඩන්නේ නැද්ද? හහ්... අැයි උන් මිනිස්සු නෙමෙයිද?  ඇයි උන්ට තියෙන්නෙත් හිතක් නෙමෙයිද?  හැඟීම් නෙමෙයිද? කෙල්ලෝ විතරද අාදරේ ඉස්සරහ අසරණ වෙන්නෙ ?

මගේ මැණික අද හරිම ලස්සනයි... බෝනික්කියක් වගේ... පුලුවන් නම් මං මේ දැන්ම මේ පෝරුවෙන් පැනලා එයාවත් උස්සන් පැනලා යනවා මේ  අභ්‍යවකාශය කොනටම කාටවත් හොයාගන්න බැරි වෙන්න. ..

එතකොටයි මං දැක්කේ මං මෙච්චර කල් පහනි ගේ bf කියලා හිතන් හිටපු කොල්ලා මගේ නංගි ගේ අනිත් යාලුවා, යුහාසා ගේ අතේ එල්ලිලා එනවා... මං.. මං.. මං නිරුත්තර යි... මං මොනාද කියන්නේ දෙවියනේ.. දෙවියෝ! හහ්.. තමුන් මාව කෑවා... මගේ මැණික අහිංසක විදියට හිනා වෙවී හිටියා.. මං දිහා බලන්... අනේ මැණික... ඔහොම හිනා වෙන්න එපා... මාව  පිටින් පුච්චනව වගේ... පෝරුවේ චාරිත්‍ර ඉවර වුන ගමන් මං කළේ වොෂ් රූම් එකට ගිය ඒක..මට ටිකක් තනි වෙන්න ඕනා වුනා..ටිකක් නෙමෙයි ගොඩක් ..මං කරපු ලොකුම මෝඩ වැඩේ ගැන හිත හිත පසුතැවෙන්න ඕන වුණා...මට මාව මරා ගන්න ඕන වුනා... මට මාවම එපා වුනා...

මගේ මැණික රට ගියා...

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now