15 කොටස

80 14 0
                                    

හිතපුවත් නැති විදිහට , එක කෝල් එකක් මගේ ජීවිතේම වෙනස් කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ....

Flashback

"හෙලෝ? "

"Ku... Kukka?? "

"I miss you pahani.... "





කාලෙකට පස්සේ මට මගේ කියන  හැඟීම දැනෙනවා...  අහස ගොඩක් අඳුරු වෙලා හීන් පොදයක් යද්දි, එයාර්පෝට් එකෙන් මම මාව ගන්න ආපු කැබ් එකට නැග්ගෙ මගේ ගාර්ඩ්ස් ලට මුවා වෙලා... වැරදිලා හරි ෆෑන් කෙනෙක් දැක්කොත් කියලා මම mask එකකිනුයි cap එකකිනුයි මගේ මූණ වහගෙන හිටියේ....

මට පුරුදු පාර...
වෙනදට ොඩි ළමයි පාර පුරා ක්‍රිකට් ගහනවා..අද පාර කෙළවරම එල්ලලා තිබ්බ සුදු කොඩි දැක්කම මගේ හිත මහ මූසල හැගීමකින් පිරිලා ගියා... මේ පාර පුරා මං කී සැරයක් ඔමින්දි යි ඉනීෂායි සෙනාරි එක්ක සෙනාංශා ගේ ගෙදර යන්න අැද්ද...
පාර මුල හරියෙදි ම මම මගේ මැනේජර් කරන්ඩ වෙලා guard එක හරවලා හොටෙල් එකට යැව්වා, මොකද මට එතනට ගිහිල්ලා හැමෝගෙම අවධානය ගන්න ඕන නැති නිසා...


හැමදේම වෙනස් වෙලා...

මං යද්දි අවුරුදු ගානක් තිස්සේ දකින්න  ආස කරපු ඒ රූපේ ඉන්නවා..මගේ පිස්සි මම එනකම් බලන් ඉදලා... එයා හිටියේ එයාගේ bf ගේ අතේ එල්ලිලා... සෙනාංශා... විහගිත් හිටියා... ඔමින්දි ගේ අතේ එයාගේ අලුත ඉපදුන බබා...
මට කලින් ලංකාව ට අාපු ඉනීෂායි සෙනාරි යුහාසායි එතන හිටියා.... අායිත් අපි ඔක්කොම එක තැනකට එකතු වෙලා...  ඇස්වල කඳුළු බේරෙද්දි මමත් එයාලා ගාවට යන්න හැරුනා...

එ්ත් මං නැවතුනෙ මිනිස්සු පිරිලා හිටිය නිසා...එ්ක දැක්කම මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා... මං අමතක කරපු අතීතය.... අායිමත්.... හැමෝම ...

එයාත් හිටියා...
කලින්, එ් කාලේ සෙනාංශා ටයි මටයි පාඩම් කියලා දුන්න බංකුවේ එයා ඉදන් හිටියේ... තනියම නෙමෙයි,
පුංචි රෝසමලකුත් අතේ තියන් එයා අහස දිහා බලාගෙන හිටියේ....

මගේ මැණික....

අායිත් මාව පන පිටින් පුච්චන්න පටන් අරන් මගේ ඒකපාර්ශවික අාදරය...
















සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now