🎯1

631 102 4
                                    

මෙය හුදෙක් මා විසින් සත්‍ය කතාවට අනුව නිර්මාණය කරගන්නා ලද්දක් බවත්,මෙහි දැක්වෙන කිසිදු චරිතයක් සත්‍ය නොවන බවත් පවසමි.❗

🐰Jungkook
🐱Suga
🐯Prince Taehyung
🐥Jimin
🐵Prince Bogum

??ආආආආඅහ්හ්හ් මට ඒ කුමාරයා ඕනේඒඒඒඒ😫

හවස් යාමයෙහි ශර්වුඩ් වනන්තරය දෙසින් ඇසුනු දෙසවන් දෙබෑ කරවන සුලු ඒ ශබ්දයට අසල ගස්වල ලැගුම් ගෙන සිටි පක්ශීන් ද,කෑම සොයා ගිය මුවන්,හාවුන් සහ ගෝනුන්ද ඉතා වේගයෙන් ශබ්දය නෑසෙන තරමක් දුරට පියඹන්නත්,දුවන්නත් වූයේය.

??ඒයි මෝඩයා.ඔය කටවහගන්නව.පේන්නෙ නැද්ද උබේ කටහඩේ කර්කශ බව හින්දම සත්තු පැනල දුවනව

මහ හඩින් කෑගැසූ තරුනයාට තවත් තරුනයෙකු එසේ ප්‍රතිවදන් දුන්නේ මදක් නොමනා ස්වරූපයෙන්.

??අනේ යුන්ගියා.මට ඒ කුමාරයාව ගෙනත් දියන්කෝ

එසේ ඔහු යුන්ගි නමින් ඇමතුවෙ ඔහුට එහා පසින් සිටි ඔහුගෙ ප්‍රාණසම මිතුරාටයි.

🐱ජන්කුකා.උබට මේ මොකද වෙලා තියෙන්නෙ😐.දවසක් දෙකක් දැකපු එකෙක් වෙනුවෙන් මේතරම් නැහෙන්න

ඔව්.ඒ ජන්කුක්.

එසේත් නැතිනම් නොටිංහැම් නගරවාසින් දන්නා පරිදි සුප්‍රසිද්ධ මංකොල්ලකාර රොබින් හුඩ්.

ඉතින් මේ සුප්‍රසිද්ධ මංකොල්ලකාරය මේ තරම් කෑගහන්නෙ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්නයක් වෙන්න ඇති.

🐰යුන්ගියා.එහෙම කියන්න එපා.දවසක් දෙකක් නෙවේ මනුස්සයෝ දැන් සති දෙකකට ත් කිට්ටුයි.උබට ගනන් බෑ කියල මන් මොනව කරන්න ද මෝඩයෝ😒

🐱අහ් ඕනෙ එකක්.දැන් උබට මොකද්ද වෙන්න ඕනෙ.

🐰ම්-මට එකම එක පාරක් එයාව හම්බවෙන්න ආසයි බන්

🐱උබට තේරෙනව බන් ඒක අපිට අල්ලන්න බැරි අත්තක්.ඒ හින්දා බලාපොරොත්තු අතෑරගනිම්

🐰යුන්ගියා උබ මගේ යාලුව නේද? අනේ බන් උබෙ අර කොට පාත්ත පැටියට කියල මට එයාව හම්බවෙන්න අවස්තාවක් අරන් දියම්.

🐱ඒයි ඒයි.හරියට කතා කරහන් හරිද😪
මට හිතාගන්න බෑ මුලු නගරෙම කොටින්ම මාලිගාවම හොල්ලන් ඉන්න උබද මේ නාහෙන් අඩන්නෙ කොල්ලෙක් ඉල්ලල කියල

🐰උබට ඒකෙන් වැඩක් නෑනේ යුන්ගියා.කියපු දේ කරහන්කො.

🐱උබ නම් හරි වදේ බන්.ශෙරිෆ් ට අහු වෙලා හිරකූඩුවෙ ලගින එක මීට වඩා හොදයි උබට කපුකම් කරනවට වඩා.

යුන්ගි එලෙස නෝක්කාඩුවට මෙන් පවසා ඔහුගෙ ආයුධය වූ මුගුරත් රැගෙන මාලිගය දෙසට පියමනින්න වුනා

ඊට පිටුපසින් සුප්‍රසිද්ධ රොබින් හුඩ් නොහොත් අප්‍රකට ජන්කූක් ත් ඔහු පසින් ඇදුනෙ ඔහුගේ දුන්න ද අතට ගනිමින් මදක් තෘප්තිමත් සිනහවක් පාමින්.



Vote,Comment & Share plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now