🎯4

291 82 1
                                    

ටේහ්‍යුන් කුමරු යනු නොටිංහැම් හි කිරුල හිමි බෝගම් කුමරුගෙ මවගේ පාර්ශ්වයෙහි නෑදෑයෙකුගේ පුත්‍රයෙක්.
ටේහ්‍යුන් ගෙ  දැඩි ඇවිටිල්ල මත බෝගම් ටේහ්‍යුන් ව නොටිංහැම් වෙත ගෙන්වා ගන්නෙ යටි අරමුනක් ද ඇතුවයි.

ඉතින් ඒ අයුරින් තමා ජිමින් සති දෙකකට පෙර ටේහ්‍යුන් ගෙ නිත්‍ය සේවකයාටත් වඩා ලැදි වූ මිතුරෙක් වූයේ.

ටේහ්‍යුන් ඉදිරියේ යහපත් පාලකයෙකු ලෙස හැසිරෙන බෝගම් කුමරු තම සැබෑ ධනය ට කෑදර වූ චරිතය සගවා ගැනීමට මහත් වෙහෙසක් දරනවා.

ටේහ්‍යුන් කුමරු නොටිංහැම් වෙත පැමින දැනට සති දෙකක් පමන වෙනවා.
ඔහු පැමිනි දිනයේම රොබින් හුඩ් සහ යුන්ගි ද රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑමට යනවා.

එහිදී තමා ජන්කුක් සුන්දර ටේහ්‍යුන් කුමරු ව දකින්නෙ.
ඇත්තෙන්ම තප්පර දෙකකටත් පමන අඩු කාලයක් තමයි ජන්කුක් ට ටේහ්‍යුන් ව දැකගන්න ලැබෙන්නෙ.නමුත් දුරින් වුවත් දුටු ඒ සුන්දර රුව සති දෙකක් තිස්සෙ මතක තබාගැනීම ට ජන්කුක් සමත් වෙනව.

එසේ සිදුවුන අහඹු හමුවීමෙන් පසු ජන්කුක් ටත් නොදැනුවත්ව  ඔහු ටේහ්‍යුන් ට පෙම් බදිනවා.

ඉතින් ඔහුට අවශ්‍ය වුනා ටේහ්‍යුන් ව සමීපව දැකීමටත් ඔහු හා කතා කිරීමටත්.


🐥ඉතින් ජන්කුක් කියන්නෙ දැන් ඔයා ටේහ්‍යුන් කුමාරයාට ප්‍රේම කරනවා කියලද?

🐰මන් හිතන්නෙ එහෙම තමා😒❤️

🐥එහෙනන් මේක දැනගත්තම ඔයා කලබල වෙන්නෙපා හරිද

🐰ම්-මොකද්ද? එයා අර ඔටුනු බෝගමාට කැමතීද

🐥ආහ් අයියෝ නැහැ.ටේහ්‍යුන් කුමාරයා කොහොමත් බෝගම් කුමාරයාට නම් කැමති නෑ.හැබැයි ඉතින් එහෙමයි කියල එයා රොබින් හුඩ් ට කැමතිත් නෑ😪

පසුව ජිමින් ඔහු හා ටේහ්‍යුන් සමග පෙරදීඇති වූ සංවාදය ඔවුන් දෙදෙනාටත්  පැවසුවා

🐱කණගාටුයි මිත්‍රයා.කුමරු උබට නම් කැමති වෙන්නෙ නෑ.අපි ආපහු යමු

යුන්ගි ජිමින් ගෙ තොල් මත හාදුවක් තබා නැවතත් යාමට සැරසෙද්දී ජන්කුක් ගේ මුවෙන් නැගුනෙ සරදම් සිනහවක්

🐰උබල හිතන්නෙ කුමාරයා මට කැමති වෙන්නෙ නෑ කියලද? එහෙනන් මම දන්නවා එයා මට කැමති වෙන විදිහට වැඩ කරන්න

🐱ජන්කුක් මට උබේ ඔය හිනාව වැඩිය අල්ලන්නෙ නෑ

යුන්ගි කිව්වෙ කාලයක් තිස්සෙ ආශ්‍රය කල තමන්ගෙ මිතුරාගෙ කූඨ උපක්‍රම පිලිබද මතකාවර්ජනය කරමින්.

👤අන්න රොබින් හුඩ් මාලිගාවට ඇවිල්ලා.සෙබලුනි ඉක්මන් කරලා ඒකව අල්ල ගන්නවා.

මාලිගාවෙ සක්මන් කර කර ඉදිය ශෙරිෆ් දුටුවේ උඩු මහලේ රැදී සිටි රොබින් හුඩ් සහ ඔහුගේ සගයා වුවත් ඔහු ජිමින් ව දුටුවේ නෑ.

ෂෙරිෆ් එලෙස මහ හඩින් කෑ ගසද්දි එක් සෙබලෙක් ක්ශනිකවම මාලිගාවෙ අනතුරු සීනුව නාද කලා.

🐰ආඅහ්.මේ ෂෙරිෆ් එක්ක නම් මුකුත් කරන්න බෑනේ.හොදට අහගන්න ජිමින්.හෙට දවල් අනිවාර්යයෙන්ම ඔයා කුමරුව නගර සංචාරයකට එක්කගෙන එන්න ඕනෙ.එතනින් එහා දේවල් මායි යුන්ගි යි බලාගන්නම්.තේරුනා නේද

🐥ඒත්..

🐰ඒත් මේත් නෑ.කොහොමහරි කරන්න ඒක.යුන්ගියා ඉක්මන් කරන්න ෂෙරිෆ් ගෙ මුරබල්ලො ටික දැන් උඩු මහලට එනව ඇති.අපි යන්නම් ජිමින්

එසේ කියූ ජන්කුක් එකවරම උඩු මහලෙන් බිමට පනිද්දි ජිමින් ගෙ තොල් මතින් හාදුවක් තැබූ යුන්ගි ද ජන්කුක් ව අනුගමනය කරමින් බිමට පැන්නා.

නමුත් ඔවුන් බිමට වැටුනාද?
නැහැ.
රොබින් හුඩ් හැමවෙලේම වැඩ කරන්නෙ සැලැස්මකට අනුව.

ඔවුන් දෙදෙනා බිමට පැන්නත් වැටුනේ පිදුරු පිරුනු කරත්තය උඩට.එසේ පනිද්දි කරත්තයේ ගැට ගසා සිටි අශ්වයා මදක් කලබල වෙද්දි යුන්ගි අශ්වයාගෙ තෝන් ලනුව අල්ලා ගෙන අශ්වයා ට ඉදිරියට යෑමට සන් කලා.

(මතක් කරගන්න රොබින් හුඩ් කාටුන් එකේ එයාල අශ්ව කරත්තයේ යන විදිහ)

ෂෙරිෆ් ගේ ගෝලයෝ අශ්ව කරත්තය පසුපස ලුහුබදිද්දී ෂෙරිෆ් සිටියේ කේන්තියෙන් සහ බලාපොරොත්තු කඩවුූ මුහුනින් පලායන රොබින් හුඩ් දෙස බලමින්.

🐰අශ්ව කරත්තෙට ස්තූතියි ෂෙරිෆ්තුමනි

අශ්ව කරත්තයේ ගමන් ගන්නා අතරේදි ජන්කුක් එසේ සමච්චල් ස්වභාවයෙන් ෂෙරිෆ් ට කෑගැසුවේය.

👤ඊලග පාර මන් උබව අල්ලගෙනම තමා පස්ස බලන්නෙ.

තමාටම කේන්තියෙන් මුමුනා ගත් ෂෙරිෆ් බෝගම් කුමරු හමුවීමට ගියා.

අශ්ව කරත්තයෙන් පලා ආ රොබින් හුඩ් හා ලිට්ල් ජෝන් දෙදෙනා එය නගරයේ සිටි බඩු අදින්නෙක් වෙත ලබා දීමට කටයුතු කලා.

vote,comment plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now