🎯9

262 83 7
                                    

🐰ඔබතුමාගෙ ආදරය මට දෙන්න පුළුවන් ද කුමරුනි?

🐯ම්-මොකක්??

🐰මෙහෙමයි කුමරුනි.මන් කෙලින්ම කතාව කියන්නම්කො.මන් ඔයාව මුලින් ම දැක්කෙ තත්පර කීපයක් විතරයි.හැබැයි ඒ දැකපු මොහොතේ ඉදන්ම මන් ඔයාට ආදරේ කරා.ඉතින් මේ රොබින් හුඩ්ගෙ නින්දත් හොරාගත්තු ඒ කුමාරයාව මගේම කරගන්න මන් හුගක් ආසයි.

🐯ඔ-ඔබ පවසන්නෙ ඔ-ඔබ මට ප්‍රේම කරන වග ද?

🐱ඔව් කුමරුනි.ඒක සහතික ඇත්තක්.මූ හැමවෙලේම කුමාරයා ගැනමයි කතාව.මට අහන් ඉදල ම ඇති වෙලා

යුන්ගි කීවෙ මුල ඉදන්ම මේ රාජකීය ප්‍රේම වෘතාන්තයේ අවසානයක් දකින්න බලන් හිටිය නිසා.

🐯ඒ-ඒත් මන්..

🐰හදිස්සි වෙන්න එපා කුමරුනි.ඔයා හිතල බලල මට කියන්නකො
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

දින තුනකට පසු…………

🐯ආආආආආආආආආආ රොබින් හුඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්

🐥අහෙම්..කුමරුනි.සද්දෙ අඩු කරොත් හොදයි.නැත්තන් ශෙරිෆ් කලබල වෙන්න පුළුවන් රොබින් හුඩ් මාලිගාවට පැනල කියල.

🐯ජිමිනී..අනේ බලන්නකො.රොබින් හුඩ් මට කුමක් හෝ දෙයක් කරල වගෙයි.ඇයි මට නිරතුරුව ම ඔහුවම මතකෙට නැගෙන්නේ😢

🐥ඔහෝ.දැන්වත් පිලිගන්න කුමරුනි.ඔබතුමා රොබින් හුඩ්ට ආදරය කරනවා.එයයි සත්‍යය.

🐯කුමක් නැහැ.එය විය නොහැකියි.ඒ අශීලාචාර මංකොල්ලකාරයාට මා නම් නැහැ පෙම් බදින්නෙ😐

දින කිහිපයකට පසු.....

🐯ජිමිනි.අප දැන්ම යා යුතුයි අර රොබින් හුඩ් ව මුනගැහෙන්න

🐥ඕ.දැන්වත් ඔබට වැටහුනා ඒ ඇති.මා බලා සිටියෙ කෙදින ඔබ ඔහුව මුනගැසීමට යයිද කියා

🐯වදන් අවශ්‍ය නැහැ.ඉක්මනින් යමු.බෝගම් භාණ්ඩාගාරයේ ඇත්තේ.

කුමරු ටේහ්‍යුන් සහ ජිමින් දින ගනනකට පසු නැවතත් ශර්වුඩය වෙත පිවිසියා.පෙරදින මෙන් අද නම් ටේහ්‍යුන් කුමරුට කිසිදු බියක් ඇති වූයේ නැහැ.

එදා මෙන්ම අදත් රොබින් හුඩ් ගසක අත්තක වාඩි වී සිටිද්දි ජිමින් ටේහ්‍යුන් කුමරුටත් හොරා පිටුපසින් පැමිනි යුන්ගි සමග විල් තෙරට පිය මැන්නෙ ඔවුන් දෙදෙනාට කාලය ලබා දෙමින්.

🐱ඔයා හිතන්නෙ ටේහ්‍යුන් කුමරු ජන්කුක් ට කැමති වෙයි කියල ද

🐥දැනටමත් කුමාරයාගෙ නින්ද නැති වෙලා තියෙන්නෙ රොබින් හින්දා.කුමාරයා අනිවාර්යයෙන්ම රොබින්ට ආදරෙයි.

🐰ම්ම් චූටි කුමාරයා ආවෙ එදා මන් ඉල්ලපු දේ ගැන සලකල බලලද

රොබින් ගස උඩ හිදියදීම බිම වුන් ටේහ්‍යුන් කුමරු වෙත කතා කලා.

🐯ඔව්.මන් ලග ඒකට උත්තර තියෙනවා.

🐰හ්ම්ම්.එහෙනන් කියමුකො බලන්න ආඩම්බර පුන්චි කුමාරයෝ.

🐯එහෙනම් මාවත් ඔතනට ගන්නකෝ🥺

ටේහ්‍යුන් කුමරු ගේ සුරතල් බස් හමුවේ වෙඩරු පිඩක් මෙන් දියවී ගිය රොබින් හුඩ් එක්වරම බිමට පැන ටේහ්‍යුන් කුමරුගේ සිහින් ඉග වටා තම දෑත් පටලා ඔහුව තමා අසලට ඇද ගත්තා.

🐰එහෙනන් බලන් ඉන්න කුමරුනි

එසේ මිමිනු රොබින් හුඩ් එක්වරම තමන්ගෙ අනිත් දෑතින් ඊතලයක් මුදා හරින විට රොබින් ද ටේහ්‍යුන් ද එක්වරම ඊතලයේ වේගයෙන්ම ගසේ ඉහලට ඇදී ගියේ ඊතලය දුන්න හා සම්බන්ධ ව තිබුන ලනුව හේතුවෙන්.

ක්ශනිකවම සිදු වූ දේ නිසා ටේහ්‍යුන් තම දෑස් පියාගත්තද ඇත්තෙන්ම ඔහු දෑස් පියවා ගත්තේ දැනුන බිය නිසාද නැතහොත් රොබින් හුඩ්ගෙන් ඔහු ලද ස්පර්ශය නිසාද යන්න නම් දන්නේ ටේහ්‍යුන් ම පමනයි.

Vote,Comment & Share plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now