🎯7

274 82 5
                                    

සියල්ලම සිදුවන්නෙ රොබින් හුඩ් ගේ සැලැස්මට අනුව බව දැනගත් ජිමින් අති සාර්ථක රංගනයකින් ඊට දායක වෙන්න අමතක කලේ නැ.

🐥ටේහ්‍යුන් කුමරුනි!!!මොවුන් ඔබව අල්වා ගත්‍තෝතින් ඔබට පිහිට පතන්නට සිදු වන්නෙ රොබින්ගෙන්ම පමනයි.ඒ නිසා දුවයන්න!!!!

තමන්ගෙ රංගනය ඕනවටත් වඩා වැඩි බව තේරුන ජිමින් නිශ්ශබ්ද ව සිටියේ බිය වී මුලු ගැන්වී සිටින ටේහ්‍යුන් කුමරු දෙස ද බලමින්.

🐯එ-එන්න එපා ල්-ලගට.ම්-මන් ම්-මන් ඔයාලව අතුරුදහන් ක්-කරනවා.

බියෙන් වුවත් තම කුමර ආධිපත්‍යය රැක ගැනීමේ අරමුණින් කුමරු මංකොල්ලකාරයන් වෙත දරුනු බැල්මක් හෙලුවත් ඔවුන් නොවේ පසු බැස්සේ.

එක්වරම මංකොල්ලකාරයෝ දෙදෙනා කුමරුව අල්වා ගැනීමට ඉදිරියට පනිනවාත් සමගම ටේහ්‍යුන් කුමරු ද තම දෑස් තදින් වසා ගත්තේ දැන් නම් බේරීමට මගක් නොමැති බව වටහා ගනිමින්.

....
....
....
....
....
....
....
....


නමුත් කිසිවක් සිදු වූයෙ නැහැනේ???



"සුන්දර කුමරුවනි දෑස් විවර කරන්න ඔබේ."

ටේහ්‍යුන් කුමරු හට ඇසුනෙ මදක් රලු නමුත් දෙසවනට ප්‍රිය වූ කටහඬක්.ඒ මොහොතේම තවමත් දෑස් වසා හුන් කුමරුට දැනුනේ තම අතේ පිටි අත්ල මත යම් සිසිල් දෙයක් තැවරෙනවා වගේයි.

සෙමින් සෙමින් දෑස් විවර කල බැලූ ටේහ්‍යුන් කුමරු දුටුවේ තම පිටි අත්ල සීරුවට සිපගන්නා රොබින්හුඩ් නමැති ඔහු අකමැතිම පුද්ගලයායි.

නමුත් රොබින් හුඩ්ගෙ දෑස් තුල අතරමං වී යාමත් සමගම කුමරු ට එක් ක්ශනයකටවත් සිහි වූයෙ නෑ එ ඔහු අකැමැති පුද්ගලයා යන වග.

නැවත වරක් කුමරුගෙ පිටි අත්ල සිප ගත් රොබින් හුඩ් කුමරුට ඒ අයුරින් ම සිටින්න යැයි උපදෙස් දී සටන් බිමට බට සෙබලෙකු සේ අර මංකොල්ලකාරයින් දෙසට යන්නට වුනා.

මේ වන විටත් ලිට්ල් ජෝන් ඔවුන්ගේ සැලැස්මට අනුව ජිමින් ව බේරගෙන තිබුනා.

ජිමින් ටේහ්‍යුන් කුමරු අසලට ගොස් ඔහුගේ හස්තය තදින් අල්වා ගත්තේ කුමරු බියවී ඇතැයි සිතමින්.

🐥දුටුවනෙ කුමරුනි..රොබින් හුඩ් ඔබව බේරාගත්තා.

ජිමින් සීරුවේ ටේහ්‍යුන් කුමරු ගෙ කනට කර කර මුමුනද්දී ටේහ්‍යුන් කුමරු බලා සිටියෙ පලපුරුදුකාරයෙකු මෙන් මංකොල්ලකාර තරුනයන් සමග සටන් කරනා රොබින් හුඩ් දෙසයි.










එය සැලැස්මක්.

ලිට්ල් ජෝන්,රොබින් හුඩ් සහ ඔහුගේ සගයන්  පමනක් ම දැන සිටි.

රොබින් හුඩ් සහ ලිට්ල් ජෝන් රාජකීය සෙබලුන්ව නොමග යැවූ අතරේ රොබින්ගේම සගයින් පැමින ජිමින් සහ කුමාරයාව පැහැර ගැනීමට උත්සහ කලේ රොබින්ගේ අන පරිදියි.

මෙහිදී රොබින් හුඩ් ට අවැසි වූයේ කුමාරයාව පැහැර ගැනීමට යාමේදී වීරයෙකු සේ ඉදිරිපත් ව කුමාරයා ව බේරාගෙන ඔහුගෙ සිත් දිනාගැනීමයි.

ඉතින් සියල්ලම රොබින් හුඩ්ගේ සැලැස්මට අනුවම සිද්ද වුනා නම් නිසැකයෙන්ම එහි ප්‍රතිඵලයත් ඔහු අපේක්ශා කල අන්දමින් ම තිබිය යුතු නොවේද?

ඔව්.මෙවරත් රොබින් හුඩ්ගෙ සැලැස්ම සාර්ථකයි.

කුමරුන් රොබින් හුඩ් වෙත සිත් බැදීමේ පලමු පියවර සාර්ථක වූවා..


Vote,Comment & Share plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now