🎯2

351 89 4
                                    

??ඕං රීං කට්ටු කට්ටු
    චිමියා දැන් මට්ටු මට්ටු

🔮🔮🔮🔮🔮🔮🔮🔮

සුරූපි,සුන්දර,සුකුමාල තරුනයෙක් මෙලෙස මායා වදන් පවසමින් මායාවක් කිරීමට උත්සාහ ගන්නෙ තමන් ට හමුවුන අලුත් මිතුරාටයි.

??අයියෝ ඒ පාරත් වැරදීනේ අප්පා😕ඔයා තමා හැමදේටම වැරදී.මෝඩ මැජික් යශ්ටිය.

තොලුත් නොපිට පෙරලගෙන එසේ තමන්ගෙ මැජික් යශ්ටියට බැන වදින ඒ තරුනයා දෙස අනිත් තරුනයා බලා සිටියෙ කලකිරුන ස්වරූපයෙන්.
කිමද යත් පසුගිය සති දෙක පුරාවටම සිදු වූ මේ මැජික් යශ්ටිය සම්බන්ධ සිද්දි සියගනනකට මුහුන දීමට ඔහුට සිදු වුන නිසා.

??අයියෝ කුමරුනි.අපි වෙනත් දවසක ඔය මායාවන් අත් හදා බලමු.දැනට මේ ආහාර ගන්නකෝ.

තරුනයා එසේ ඇමතූයේ මායාවන්හි නිරතව සිටි කුමාරයාටයි.

??අයියෝ චිමී.බලන්නකො අදත් වැරදුනානේ.මෙහෙම කෝමද මන් අර රොබින් හුඩ් කියන මංකොල්ලකාරයව අල්ලගන්නෙ😫

🐥අයියෝ ටේහ්‍යුන් කුමරුනි.රොබින් හුඩ්ව අල්ලගන්න නගරයේ හැමතැනම සෙබලු යොදවලානේ ඉන්නෙ.ඒ නිසා ඔබ ඒ ගැන වද වියයුතු නැහැනේ.ඇරත් රොබින් හුඩ් මංකොල්ලකාරයෙක් වුවත් ඔහු හිත හොද අයෙක්

🐯ආ චිමී.ඔබ කෙසේද ඔහු ගැන එසේ හොද පවසන්නෙ? ඔහු රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් රැගෙන පලා යනවා.එය නැතිද රාජාද්‍රෝහී ක්‍රියාවක් වනුයේ?

🐥මගේ කුමරුනි හොදින් අසන්න.ඔබ සිතන්නෙ බෝගම් කුමරු හොද යහපත් පාලකයෙකු කියාද? කිසිසේත් නැහැ.ඔහු කරනුයෙ අහින්සක ජනතාවගේ මුදල් අයුතු ලෙස සූරා කෑමක් පමනයි.පසුව ඔහු එසේ සූරා කෑ ධනය කිසිවෙකුටත් ගැනිමට නොහැකිවන සේ භාණ්ඩාගාරයේ රදවනවා.ඉදින් කෙසේද ඔහු රාජ්‍යට හිතකර පාලකයෙකු වන්නෙ?

🐯නමුත් ඊට කොහින්ද රොබින් හුඩ් නැමැත්තා සම්බන්ධ වනුයේ?

🐥කුමරුනි.ඔබ දුටුවේ එදා ඔහු සහ ඔහුගෙ සගයා මාලිගාවෙ භාණ්ඩාගාරය කොල්ල කෑ අයුරු පමනයි.නමුත් මා ඊට එහා ගියදෙයක් දුටුවා.දන්නෙහිද ඔහු ඒ පැහැර ගත් ධනය ට කුමක් කරනුයේද කියා

චිමී නැතහොත් ජිමින් එසේ විමසද්දි කුමරු ටේහ්‍යුන් හිස දෙපසට වැනුවා.

🐥ඔහු ඒ පැහැරගත් ධනය සියල්ලක්ම නගර මධ්‍යයට රැගෙන ගොස් දුප්පත් ජනතාව අතර බෙදා දෙනවා.ඔහු හෝ ඔහුගෙ සගයා නැහැ එයින් පවුමක් හෝ තබාගනුයේ.ඉදින් රජමාලිගාවට ඔවුන් මංකොල්ලකාරයෝ වුවත් නගරවාසීන්ට නම් ඔවුන් හැමදාමත් වීරයෝ.

🐯ඕඕ..එසේ නම් මේ රොබින් හුඩ් පිටුපස සැගවුනු කතාවක් තිබෙනවා.කෙසේ නමුත් මගෙ මතයට අනුව නම් ඔහු සොරෙක්ම තමයි.සොරකම නම් සොරකමමයි එය කෙසේ කොයි අයුරින් සිදු කලත්

ජිමින් පැවසූ දේවල් හොදින් අසාගෙන සිටියත් බුද්දිමත් කුමරුගෙ රාජකීය උඩගුබව ඉස්මතු වූ නිසා ඔහු කැමති වුනේ නැහැ රොබින් හුඩ් සාධාරණ පුද්ගලයකු යැයි සිතීමට.

🐥ඔබට කෙසේ තේරුන් කරන්නද කියා මට නම් නෑ වැටහෙනුයේ.දිනෙක මා ඔබව නගරයේ සංචාරයක් සදහා රැගෙන යන්නම්.ඔබම තේරුම් ගනී එවිට

🐯ම්ම් අපි බලා සිටිමුකො එහෙනම්.රො.බි.න්.හු.ඩ්

සුරතල් කුමාරයා එලෙස රොබින් හුඩ්ගෙ නම අකුරින් අකුර ශබ්ද කලේ නපුරු නමුත් සුරතල් බවක් මුහුනට ආරූඪ කර ගනිමින්.

Vote,Comment plz😊❤️

Denu_Nim

Robin Hood🎯|🐰🐯|Short Story(Completed)✔Where stories live. Discover now