🍯 1 🍯

290 43 23
                                    

"මොකෝ හියුන් හදිස්සියෙම අප්පා එන්න කිව්වෙ...කියන්න තියෙන දෙයක් උදේ යන්න කලින් කියන්න එපැයි...බලන්නකො මට ස්කූල් යන එකත් මිස් උනා..."

හෝසෙයොක් නෝක්කඩුවෙන්ම මෙන් වාහනය ඩ්‍රයිව් කරන ජින්ට දොස් කිව්වෙ තරහා එයා පිටින්ම යවමින්...

"ඕකේ ඉතින් තරහා ගන්න දෙයක් නෑනෙ...අනික කොහොමත් ඔයා හෙට ඉදන් ඒ ස්කූල් එකට යන්නැ.."

ජින් එහෙම කිව්වා විතරයි හෝසෙයොක් එක්වරම ජින්ගෙ පැත්තට හැරුනේ තරහින් මූණත් රතු කරන්..

"ඔහොම බලන්න එපා...මං ඇත්ත කිව්වෙ..."

"දැන් ස්කූල් යන එක නැවත්තුවම මං ටෙනිස් ප්ලේ කරන්නේ කොහොමද ? ඔයාටත් අංකල්ට වගේම ඕන ඉක්මනට මාව මාෆියාකාරයොයි කරන්නද? "

හෝසෙයොක් කියවගෙන කියවගෙන ගියෙ ජින්ට කට අරින්න අවස්ථාවක්වත් නොදී...

"බැනලා ඉවරද..?"

"...................................."

"හෝසෙයොකා මේ බලන්න දරුවෝ...ඔයාට පිස්සු ද...මටවත් අංකල්ටවත් ඕන නැ ඔයාව මාෆියා ෆිල්ඩ් එකට ගන්න...ඔයා ඉගනගන්න..අනික කව්ද කිව්වෙ ඒ ස්කූල් එකේන් අයින් කරා කියලා ඔයා ස්කූල් ගිහින් ඉවරයි කියලා.."

"එහෙනන්...?"

"ඔයා අර පෙරෙදා ස්කූල් එකේදි ගැහුව ලමයාගෙ ගෙදරින් ඇවිත් ඊයේ අප්පාව හම්බෙන්න... ඔයාගෙ ප්‍රින්සිපලුත් කතා කරලා කියලා ඔයාව ස්කූල් එකෙන් අයින් කරන්න වෙනවා කියලා...ඒ හින්දා අප්පා ඊයේ ඔයාව එකෙන් අයින් කරලා එයාගෙ ස්කූල් එකටම ඔයාවත් ගත්තා...ඔයාට එහෙදිත් ටෙනිස් ප්ලේ කරන්න පුළුවන්..."

"අනික මේ බලන්න හෝසෙයොක්...ඔහොම මුරණ්ඩු වැඩ කරන්න එපා අලුත් ස්කූල් එකේදී හොදද...ඒක අප්පට හොද නෑනෙ...දන්නවා නෙ අප්පා ගොඩක් කරදර වෙනවා ඔයා ගැන..."

හැමදේම කියලා අන්තිමට ජින් කරපු ඉල්ලීම හින්දා හෝසෙයොක්ගෙ හිතේ කේන්තිය ටිකක් නිවුනා...එයා දන්නවා හියුන්, අප්පා,ජැකී අංකල් මොනදේ කරත් ඒ හැමදේම කරන්නේ එයාගෙම හොදට බව...ඔම්මා නැති උන දවසෙ ඉදන් ඒ තුන්දෙනාම එයාව පරිස්සම් කලේ මලක් වගෙ...ඔම්මා මැරුනේ කොහොමද කියලාවත් හෝසෙයොක්ට ලොකු මතකයක් නැ..එතකොට හෝසෙයොක්ට අවුරුද්දක් විතර...හෝසෙයොක් කියන්නේ අම්මාගෙ ආදරේ විදින්න බැරි උන දරුවෙක්...ජින් හියුන්ට නම් එතකොට අවුරුදු 5ක් විතර හින්දා එයාට පොඩි පොඩි මතක කීපයක් ඔම්මා එක්ක තිබ්බා...ජින් හියුන් හෝසෙයොක්ට කියපු විදියට අප්පා , ජැකි අංකල් මාෆියා නායකයො වෙන්න ලොකුම හේතුව වෙලා තියෙන්නේ ඔම්මා මරණයලු...ඔම්මාගෙ මරණයෙන් අවුරුදු 4කට පස්සෙ අප්පා ඒ මිනිමරුවව හොයන් විනාශ කරලා තියෙනවා..එදායින් පස්සෙ තමා එයා මාෆියා ෆිල්ඩ් එකෙන් අයින් වෙලා ප්‍රින්සිපල් කෙනෙක් වෙලා තියෙන්නේ...ඒත් පවුලේ ආරක්ශාව වෙනුවෙන් ජැකී අංකල් දිගටම මාෆියාවල ඉදලා තියෙනවා.. පසුකාලීනව අවුරුදු 19 වෙද්දී අප්පාගෙ ලොකු කැමැත්තකින් නොවුනත් අපේ හියුනුත් අංකල් එක්ක මාෆියා ෆිල්ම් එකට ගියා...
හෝසොක්ට තාමත් අවුරුදු 18යි..අප්පා නන් හෝසොක්ට කියන්නේ හියුන් වගෙ නොවී ඔම්මාගෙ හීනේ හැබෑ කරන්න ටෙනිස් ප්ලේයර් කෙනෙක් වෙන්න කියලා...අප්පා හෝසොක්ට කිව්ව විදියට ඔම්මත් ඉස්සර ටෙනිස් ප්ලේයර් කෙනෙක්ලු...ඉගෙනගන්න ආස නැත්තත් කොල්ලා ආසාවෙන් ස්කූල් යන්නෙ ඔම්මාගෙ හිනේ හැබෑ කරන්න ඕන හින්දා...

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now