🍯 9 🍯

57 12 7
                                    

ඩොනේෂන් එකෙ වැඩ එක්ක හිරවෙලා හිටිය නිසා ප්‍රැක්ටිස් වලට මේ ටිකෙ ලොකු අවදානයක් දෙන්න ටේට බැරි උනා...
ඇත්තටම හෝසොක් ක්ලබ් එකෙ හැමදේම බලල කරන හින්දා ටේට ඉස්සර වගෙ ලොකුවට කරදර වෙන්න දෙයක් තිබුන් නැති තරම්...අද හෝසොක් එන්න වෙන්නැ කියලා කී එක ජන්කුක් අතෙ එවලා තිබ්බ නිසාත් ටුනමන්ට් ලග නිසාත් ටේ උදේම ඇවිත් චේන්ජ් කරන් ටෙනිස් කෝට් එකට ආවා...

එද්දි ස්කුල් එකෙ කවුරුත්ම නොහිටියත්  ටික වෙලාවක් යද්දී එක්කෙනා දෙන්නා එන්න ගද්දි ක්ලබ් එකෙ අනිත් මෙම්බර්ස්ලත් ටෙනිස් කෝට් එක පැත්තට ආවා...

ටිකක් ප්ලේ කරපු ටේ යුජින්ට ප්ලේ කරන්න දීලා යුජින් අතේ තිබ්බ වතුර බෝතලෙත් බිබිම අනිත් මෙම්බර්ස්ලා වාඩිවෙලා හිටිය හරියට එද්දි දැක්කෙ පාරෙන් එහාපැත්තෙ නවත්තපු කාර් එක හේත්තුවෙලා ටෙනිස් කෝට් එක දිහා ඇස්පිය නොහෙලා බලන් ඉන්න තරුනයව...ඒ හරියෙ තියෙන්නෙ එච්චර උස නැති තාප්පයක් නිසා ටෙනිස් කෝට් එක හොදටම පාරට පේනවා...ටේ ඒ පැත්ත බලනවා දැක්කම ඒ මනුස්සයා හොදට ටේ එක්ක හිනා උනා..ඒ මනුස්සයා ශේඩ්ස් දාලායි ටේත් හිටියෙ මහන්සියෙනුයි නිසා ටේට ඒ කව්ද කියලා ලොකුවට ඔලුවට ගියෙ නැ...හිනා උන එකටත් වඩා ටේට හිතට ප්‍රශ්නයක් උනෙ මේ වෙහිකල් එක...ටේට මතක විදියට ටේ මෙතන ප්‍රැක්ටිස් ඉන්න ගොඩක් දවස්වලට ඒ කාර් එක පැයක් විතර එතන නවත්තලා තියෙනවා ටේ දැකලා තියෙනවා...ඒත් ඒ කවුද කියලා ටේට ගානක් නැ...ටේ පලවෙනි වතාවට ඒ මනුස්සයා වාහනෙ බැහැලා ඉන්නවා දැක්කෙ අද උනාට ටේට ඒ හැඩහුරුව , වාහනෙ ගැන ටිකක් හිතද්දි ඒ කව්ද කියලා අදුන ගන්න එච්චර අමාරු උන්නැ...

"මං පොඩ්ඩක් අරහෙට ගිහින් එන්නම්.."

"හරි හියොන්.."

ඒ මනුස්සයා හිනා උනත් ටේ එයා එක්ක හිනා නොවී එතන හිටිය මෙම්බර් කෙනෙක් අතට යුජින්ගෙ වතුර බෝතලෙත් දීලා ගිහින් පාරට නොපෙනෙන පැත්තෙ තිබ්බ ක්ලබ් බිල්ඩින් එකට මුවා වෙල හිමිට ඒ පැත්තට ඇහැ දැම්මෙ තවත් ඌ බලනවද බලන්න...

ටේ ගිය ගමන්ම වගෙ එයා ටිකක් වටපිට බලලා වෙහිකල් එකට නැගලා යන්න ගියෙ ටේට මුකුත් හිතාගන්න බැරුව ඔලුව බිල්ඩින් වෝල් එකට තියාගද්දි...

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now