🍯 7 🍯

62 14 5
                                    

දවස් දෙකක්ම ගෙදරට වෙලා රෙස්ට් කරපු හෝසොක් බදාදා ස්කූල් ආවෙ ඒ වෙද්දීත්  කකුල් දෙක යම්තාක් දුරට හොද අතට හැරිලා තිබ්බ හින්දා..ජැකි උදේම හෝසොක්වයි කුකීවයි ස්කූල් ගේට් එක ගාවින් ඩ්‍රොප් කරලා ගියේ හවසටත් එයාලව පික් කරන්න එනවා කියලා හෝසොක්ට කියලාමයි...

හෝසොක් ජන්කුක්වත් ඉස්සර කරන් ස්කූල් එකට එද්දි දැක්කෙ පාන්දරම ඩියුටි වලට බැහැලා ඉන්න හෙඩයි වයිසයි...

"මුන් දෙන්නා මෙතන නැති වෙලාවක් නැනෙ බන්..පාන්දර 5ට ස්කුල් ආවත් ටේයියයි අර පොල්කාවයියයි ගේට් එක ගාව.."

"සිරාවටම...සිකියුරිටි අයින් කරලා මුන්දෙන්නට ඒ ජොබ් එක දුන්නා නන් තමා ගැලපෙන්නෙ..."

හෝසොක් ජන්කුක් එක්ක ඩියුටි ඉන්න ටේටයි යුන්ගිටයි කෝචොක් කර කර හිමින් හිමින් උන් ඉන්න පැත්තට ආවා..

"ගුඩ් මෝනින් හියොන්ලා.."

මෙච්චර වෙලා හෝසොක් එක්ක එකතුවෙලා අරුන් දෙන්නගෙ පතුරු ඇරිය කුකී දත කට මැදලා හෙන අහිංසක වොයිස් එකකින් කතා කරද්දී හෝසොක්ටම පුදුම හිතුනා...

"ගුඩ් මෝනින් මල්ලිලා.."

"ගුඩ් මෝනින් ටේ හියොන්..."

යුන්ගි අත්දෙකත් බැදන් උගුඩුවා වගෙ ස්කුල් එක ඇතුල්ට යන අනිත් ලමයි දිහා බලන් ඉද්දි ටේහියුන් පැනලා කොල්ලො දෙන්නට ගුඩ් මෝනින් කිව්වා..

"ආ හෝසොක්..."

හෝසොක් ටේට අත වනන් කුකීයගෙ කරට අතක් දාන් ක්ලාස් රූම් පැත්තට යද්දී  ටේ ආයෙ කතා කල හින්දා හැරිලා බලද්දී හෝසොක් දැක්කා යුන්ගි ටේට ලංවෙලා මොනවා හරි කියනවා...යුන්ගිගෙ පනිවිඩයක් දෙන්න තමා ටේ කතා කරන්නෙ කියලා  හෝසොක්ට ඒකෙන්ම තේරුනා...ආයෙත් හැරිලා යන්න හිතිලත් වැදගත් දෙයක් කියන්න කතාකලාද දන්නැති හින්දා , හෝසොක් ඕන දෙයක් වෙන්න කියලා ආයෙ ගේට් එක ගාවට ආවා...

"ඇයි හියොන්..."

හෝසොක් ටේලා දිහා බලන් කතා කරද්දී යුන්ගි ඇස් උස්සලා හෝසොක් දිහා බැලුවා..එකපාරටම ඒ බලපු බැල්මට හෝසොක්ව ගැස්සිලා ගියා කියලා යුන්ගි දැක්කා වගෙම හෝසොක්ටත් දැනුන හින්දා කොල්ලා ඉක්මනට ටේ දිහා බැලුවෙ ලැජ්ජාව වහගන්න...

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now