🍯 3 🍯

216 34 21
                                    

"කවුද මේ හෝසෙයොක්...මට ඇයි එයා ගැන මෙච්චරටම හුරු බවක් දැනෙන්නේ...අනේ මන්දා...මේ කොහෙවත් යන කොල්ලෙක් හින්දා මගෙ හිතේ සැනසීමයි නැති වෙන්නෙ..😒"

යුන්ගි ඊයේ දවසමත් කල්පනා කරලා , උදේ පාන්දර ඉස්කෝලේ එන ගමනුත් කල්පනා කලෙ අලුතින් ආවා ළමයා ගැන...අලුතින් ආව ළමයා නිසා යුන්ගිගෙ හිතෙ සැනසීම නැත්තටම නැති වෙලා...වෙනදට මොන ප්‍රශ්න තිබ්බත් නින්ද යන යුන්ගිට ඊයේ ඉදන් ඒකත් නැ...මේ වික්ශිප්ත සිතුවීලි නිසා යුන්ගි හිටියේ තමන් ගැනම තරහින්...

"ගුඩ් මෝනින් යුන්ගියා..."

යුන්ගි ක්ලාස් රූම් එක ඇතුලට යනකොටම ෆයිල්ස් වගයක් දිගැරන් උදේම වැඩ පටන් අරන් හිටිය ටේහියුන් හයියෙන් කැගැහලා ආයෙත් ෆයිල්ස් අස්සට රිංගුවා..

"ගුඩ් මෝනින් ටේ..."

යුන්ගි බෑග් එක ටේබල් එක උඩින් තියලා ටේහියුන් ගාවින් වාඩිඋනා...

"මොකෝ මේ උදේම වැඩ ?"

"අපේ ටෙනිස් ක්ලබ් එකේ ඉන්න ළමයින්ගෙ ඩීටෙල්ස් ඉල්ලුවා කෝච්...මේ ඒ ටික හදනවා බන්..."

ටේහියුන් ගොඩක් ඩීටෙල්ස් ලියලා ඉවරයි තව තිබ්බෙ ෆයිල්ස් පහ හයක් විතරයි..ටේහියුන්ට උදව් කරන්න හිතන් යුන්ගි ෆයිල්ස් ටික අරන් ඒවා බලන්න ගත්තා...

"මේ යුන් උබ ඩියුටි යනවාද ? "

"යන්න ඕන...තාම 6.30යි නෙ...මේක ටික ඉවර කරලා දෙන්නම යන්...😁"

"තැන්ක්ස් යුන්ගියා...😁"

ටේහියුන් හිනාවෙවි ආයෙත් ලියන්න පටන්ගත්තා..යුන්ගි ෆයිල්ස් චෙක් කරකර ටේහියුන්ට ලියන්න ඕන ඩීටේල්ස් කියෙව්වා...ඔය ෆයිල්ස් චෙක් කරන අතරෙ අහම්බෙන් වගෙ යුන්ගිගෙ අතට ආවෙ හෝසෙයොක්ගෙ ෆයිල් එක...
යුන්ගි නිකමට වගෙ ඒක ඇරලා බැලුවා..

යුන්ගි නිකමට වගෙ ඒක ඇරලා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now