🍯 10 🍯

53 9 21
                                    

"කොහෙද යකො මේ පාන්දර යන්නෙ...අද ඉරිද..."

ජන්කුක් ඇස් පොඩි කර කර ඇදෙන් වාඩිවෙලා කන්නාඩිය ඉස්සරහට වෙලා කොන්ඩේ හදන හෝසෙයොක්ගෙන් ඇහුවා...

"අද ගර්ල්ස් ටෙනිස් ටීම් එකෙ ප්‍රැක්ටිස් තියෙනවා ඕයි උදේ..."

"එතකොට උබ හෙට ඩොනේෂන් එකෙ වැඩ ටික කරන්න යන්නැද්ද අද , ඕක බදාගත්තෙ..."

"මං ඒකට 1න් පස්සෙ එන්නන් කිව්ව..."

හෝසෙයොක් ප්‍රැක්ටිස් වලට ඕන කරන දේ ඔක්කොම බැක්පැක් එකට දාන් ආයෙත් කන්නාඩිය ඉස්සරහට ආවා...අද ඉරිද හින්දා  හෝසෙයොක් ඩාක් බ්ලූ ශෝට් එකට වයිට් ටීෂර්ට් එක ඇදලා ඒකටම මැච් වෙන්න ඩාක් බ්ලූ nike ඩෙක් දෙකයි nike හෙඩ්බෑන්ඩ් එකයි Wrist බැන්ඩ් එකයි ඩ්‍රස් කරලා හිටියෙ...ටෙනිස් කිට් එකට හෝසෙයොක්ගට තිබුන එකපාරක් දැක්කොත් ආයෙ බලන්න හිතෙන අමුතු හොට් ඇන්ඩ් හැන්ඩ්සම් ලුක් එකක්...

"ම්ම් ම්ම්ම්...පරිස්සමෙන් පලයන්.."

"හරෙ..."

හෝසෙයොක් රැකට් එකයි බැක්පැක් එකයි අරන් රූම් එකෙන් එලියට යද්දී ජන්කුක් ආයෙත් බෙඩ්ෂීට් එක ඔලුවෙ ඉදන් පොරවන් ඇදට වැටුනා...

හෝසෙයොක් ස්කූල් එකට එද්දිත් ගැල්ලමයි කීප දෙනෙක්ම ප්‍රැක්ටිස් ඇවිත් හිටියෙ...හෝසෙයොක් එයාලට ලැස්ති වෙන්න කියලා ගිහින් ටෙනිස් ක්ලබ් බිල්ඩින් එක අන්ලොක් කරලා ප්‍රසිඩන්ට් රූම් එකෙන් එයාගෙ බැක්පැක් එක දාලා රැකට් එකයි වතුරබෝතලෙයි අරන් ටෙනිස් කෝට් පැත්තට ආවා..කට්ටිය එනකන් හෝසෙයොක් ටේට ටෙක්ස්ට් එකකුත් දැම්මා දවල්වෙලා එනවා කියලා...අද ස්කුල් එකෙ කට්ටිය නැති හින්දා කම්මැලිකම ගිහින් පොඩි එනර්ජි එකක් එන්නත් එක්ක හෝසෙයොක් ගෙනාව JBL එකෙන් මියුසික් එකක් ප්ලේ වෙන්න දාලා ටෙනිස් කෝට් එකට ආවා..

යුජින් , දෝයන්ග් , හෝසෙයොක් තුන්දෙනා ඇරෙන්න අද හිටියෙ ඔක්කොම වගෙ ස්කූල් එකෙ 10,11,12 ග්‍රේඩ්ස්වල ගර්ස්ලා..හෝසෙයොක්ලගෙ වයසෙන් හිටියෙ එකම එක ගර්ල් කෙනෙක් විතරයි...ස්කූල් එකෙ ගර්ල්ස් ටෙනිස් ටීම් එක මෙ ලගදි හදපු නිසා එයාලාගෙ ප්‍රැක්ටිස් කරෙම කෝච් මැඩම්...ඒත් හෙට ටූනමන්ට් එකෙ වැඩ එක්ක මැඩම් බිසී...එහෙමයි කියලා ප්‍රැක්ටිස් වැඩ නවත්තන්න මැඩම් හරි අකැමැති...ඒ නිසයි අද ගර්ල්ස් ටීම් එක ප්‍රැක්ටිස් වැඩ ටික හෝසෙයොක් ඇතුලු කොල්ලො දෙන්නට භාරදුන්නෙත්...කෝච් මැඩම්ගෙ ගෝලයන්ගෙ ඉන්න විස්වාසවන්තම හා දක්ෂම ගෝලයො අතරෙ හෝසෙයොක් , දෝයන්ග් , යුජින් ඉහලින්ම ඉන්න නිසා මැඩම් ඕනම දෙයක් දෙපාරක් නොහිතා භාරදෙනවා හෝසෙයොක්ලට...

I'm Your Honey... ✿|•SOPE•Where stories live. Discover now