Prologue

625 97 12
                                    

අතටම දිය වෙලා ගිය කඩදාසිය දිහාවට ආයෙමත් සැරයක් බැල්මක් හෙළලා යුන්ගි ඒක පොත අස්සට දැම්මා.

ඇඩම්ස් සංගීත විද්‍යාලයේ අනුග්‍රහයෙන් නොමිලේ පවත්වන පියානෝ පුහුණු පාඨමාලාව සඳහා මින් යුන්ගි වන ඔබව තෝරාගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු.

මීට අවුරුදු හතරකට කලින් තාත්තටත් හොරෙන් අයදුම් කරපු පියානෝ පුහුණුවට අවස්ථාවක් ලැබිලත් යුන්ගිට ඒ සඳහා සහභාගි වෙන්න අවස්ථාවක් නොලැබුණේ පියාගේ දැඩි විරුද්ධත්වය නිසා. පුංචි කාලෙ ඉඳලා යුන්ගි සංගීතයට ඇළුම් කළත් මොකක්දෝ හේතුවකට යුන්ගිගේ තාත්තා වුණු මින් මහතා ඒ ආසාවට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒ මොන හේතුවකට ද කියල යුන්ගි දැනගෙන හිටියෙත් නෑ. ඒ ගැන අහපු හැම වෙලාවකම මින් මහත්මයාගෙ පිළිතුර වුණේ,

"සංගීතය අපිට ගැළපෙන දෙයක් නෙවෙයි. සංගීතය තියෙන්නෙ පහත් මිනිස්සුන්ට."

තාත්තා එහෙම කියන්නෙ ඇයි කියල යුන්ගි දැනගෙන හිටියෙ නෑ. ඒ වුණත් ඒ කාලෙදි සංගීතයට ළං වෙන්න පහත් මිනිහෙක් වුණත් කමක් නෑ කියල එයා හිතාගෙන හිටියා.

ටිකෙන් ටික ලොකු වෙද්දි සංගීතය ගැන තවදුරටත් තාත්තා එක්ක කතා කරන එක ඵලරහිත දෙයක් කියල යුන්ගි තේරුම් ගත්තා. ඉතින් එයා තමන්ගෙ සටන නවත්වලා තාත්තට අවනත වෙන්න පටන් ගත්තා. ඒ අවනත වීම සහ යුන්ගිගේ අසාමාන්‍ය නිහඬතාවය යුන්ගිව සමාජයෙන් දුරස් කරලා අබිරහස් මිනිසෙක් බවට පත් කළා. ඒ ගැන මින් මහත්මයා තරමක් දුක් වුණත් යුන්ගිව සංගීතයෙන් ඈත් කරන්න ගත්ත තීරණය ගැන ඔහු කොහෙත්ම පසු තැවුණෙ නෑ.

තාත්තගෙ අවසන් තීරණය ගැන තවත් තර්ක කරන්න නොගිය යුන්ගි තවදුරටත් තමන්ගෙ හීන පස්සෙ දුවන එක නැවැත්තුවා. නෑ....ඇත්තටම ඔහු ඒ විදියට මවා පෑවා. හැමෝටම හොරෙන් යුන්ගි සංගීතයට ළං වුණා; පියානෝවට ළං වුණා.

හැම ඉරිදාවකම නගරයේ පල්ලියට ගිය යුන්ගි පල්ලියට අයත් පියානෝව සිත් සේ වාදනය කළා. ඒ හින්දම යුන්ගිට හැම ඉරිදාවක්ම නොඉවසිලිමත් දවසක් වුණා. සතියක් ගත වෙලා ආයෙමත් ඉරිදා එළඹෙන එක යුන්ගිට සතුටක් ඇති කළා.

සතියෙ දවස් හයක් පුරාවට ම තමන්ගෙ පියාට අතිශයින්ම කීකරු නීති ශිෂ්‍යයෙක් වුණු යුන්ගි ඉරිදා දිනයට නිදහස් පියානෝ වාදකයෙක් වුණා.

සතියෙ දවස් හයක් පුරාවට ම තමන්ගෙ පියාට අතිශයින්ම කීකරු නීති ශිෂ්‍යයෙක් වුණු යුන්ගි ඉරිදා දිනයට නිදහස් පියානෝ වාදකයෙක් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


13-04-2022

GeeSh_ ☔

Moon Flower | YoonMin | ✅Where stories live. Discover now