7

285 90 15
                                    

-"ෆාදර්, මට ජිමින්ව මුණගැහෙන්න ඕනෙ"

හොයන්න පුළුවන් හැම තැනකම හොයලත් හොයාගන්න බැරි වුණ තැන යුන්ගි ජිමින්ගෙ තාත්තගෙන් අහන්න තීරණය කළා.

-"මගෙ දරුවෝ, ජිමින් දැන් මෙහෙ නෑ. එයා ගියාට පස්සෙ එයාව හොයාගෙන ආවෙත් ඔයා විතරයි."

යුන්ගි පරක්කුයිද?

හීන මාලිගා හැම එකක්ම බිමට සමතලා වුණා හා සමාන හැඟීමක් යුන්ගිගෙ හිතේ උඩු දිව්වා.

-"එ...එයා කොහෙද? මෙහෙ නෑ කිව්වෙ? කොහෙද ගියෙ එයා."

-"එයා දැන් ඉන්නෙ ශාන්ත පීතර දේවස්ථානෙ. එයා එහෙ ඉගෙන ගන්නවා. එයාට කාලෙක ඉඳලා ලොකු ආසාවක් තිබුණා එහෙ යන්න. ඒ වුණත් මෑතකදි එයාට එහෙ යන්න අවස්ථාවක් ලැබිලත් එයාට ඕන වුණේම මෙහෙ නවතින්න. මමත් බල කරන්න ගියෙ නෑ ඉතින්. දවස් දෙකකට කලින් එයාම තමයි මට ඇවිත් කිව්වෙ යන්න ඕනි කියල."

-"කොහෙද ඒක තියෙන්නෙ?"

-"දේවස්ථානෙද? සෝල්වල..."

-"ස්තූතියි ෆාදර්. මං ගිහින් එන්නම්."

-"අහ් පොඩ්ඩක් ඉන්න. තව ටිකෙන් අමතක වෙනවා."

පියතුමා තමන්ගෙ පසුම්බියෙන් තුනට හතරට නවපු කඩදාසියක් පිටතට ගන්න විදිය යුන්ගි දැක්කා.

-"මේක ජිමින් දුන්නෙ, යුන්ගි ඇවිත් එයා ගැන ඇහුවොත් දෙන්න කියල."

පියතුමා කඩදාසිය යුන්ගිගෙ අතේ තද කළා.

* * * *

යුන්ගි,

ඔයා මාව මුණගැහෙන්න ආවෙ හදිස්සියකට නෙවෙයි කියල මං හිතනවා. මේ ලියුම කියවද්දි මං ඉන්නෙ ඔයාගෙන් ගොඩක් ඈතක. පියානෝ තරඟයෙන් හොඳ පුවතක් අහන්න ලැබෙයි කියල මං බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාටයි එල්සාටයි මං සුභ පතනවා.

තව දෙයක්, ඔයා මගෙ 'රහස' පරිස්සම් කරන්න වුවමනාවට වඩා මහන්සි වෙන්න එපා. ඒ ගැන අමතක කරන්න උත්සාහ කරන්න. ඒක ඔයාට පහසුවක් වෙයි. මගෙ හිතේ ඔයා ගැන කිසිම අමනාපයක් නෑ. මං හිතනවා ඔයත් එහෙම වෙන්න ඇති කියල. නිතරම හිනාවෙලා ඉන්න උත්සාහ කරන්න. ඔයා නොදන්නවා වුනාට ඔයාගෙ හිනාව ගොඩක් ලස්සනයි.

ජිමින්.

* * * *

-"තාත්තා, මං සෝල් යනවා."

29-05-2022

GeeSh_☔

Moon Flower | YoonMin | ✅Where stories live. Discover now