4

312 86 17
                                    

හැමෝටම හොරෙන් එකපිට දවස් හතරක් ම යුන්ගි පල්ලියේ පියානෝවෙ ඒකාධිපත්‍ය පැතිරෙව්වා. හිතේ තියෙන හැම දුකක්ම, හැම කලකිරීමක් ම, හැම පසුතැවීමක් ම වගේම හැම සතුටක් ම, හැම බලාපොරොත්තුවක් ම දිය කරලා පියානෝ යතුරුවලට මුදා හරිද්දි සමහර වෙලාවට දුක්බර, උදාසීන වාදනයන් දිග හැරුණා. තවත් සමහර වෙලාවට ආවේගශීලි, උද්වේගකර වාදනයන් මැවුණා. ඒ වගේම ඇතැම් විටෙකදි ප්‍රීතිමත්, ආකර්‍ෂණීය වාදනයන් පැතිරුණා. මේ කොයිවිදියෙ වාදනයක් වුණත් අවසානයේ දී තමන්ගෙ හිතට සැහැල්ලුවක්, සැනසීමක් දැනෙන්නෙ ඇයි කියල යුන්ගි දැනගෙන හිටියෙ නෑ.

බලය, ගෞරවය, පැළැන්තිය, ධනය වගේ ලොකු දේවල් පස්සෙ දුවන්න වුවමනාවක් යුන්ගිට තිබුණෙ නෑ. ජීවිතේ තියෙන ඇත්තම සතුට හොයාගන්න සරල දේවල්වලින් පුලුවන් කියල යුන්ගි දැනගෙන හිටියා.

පුංචි කාලෙදි අහසෙ පායන දේදුන්නක් දිහා බලලා, තාලෙට වහින වැස්සක තෙමි තෙමී සෙල්ලම් කරලා හිත පිරෙන්න සතුටු වෙන අය ම වැඩිහිටියො වෙද්දි ඒ දේවල් අමතක කරන්නෙ ඇයි? වැරැද්ද අපි සතුට හොයන්න තෝරගත්ත දේවල්ද? එහෙම නැත්තං අපි වැඩිහිටියො වෙන එකද?

ළමා වියේ දී මනස තුළ තියෙන නිර්මාණශීලී සහ සංවේදී හැඟීම් කාලයත් එක්ක මනසින් ඉවත් වෙලා කෘත්‍රිම වගේම තරඟකාරී අදහස් ඔළුවට පුරවගත්තම සමාජය විසින් ඔයාව නියම වැඩිහිටියෙක් විදියට පිළිගන්නවා. ඒ සමාජ සම්මතයන්වලට පිටින් ගියාම ඒ කෙනාව පිස්සෙක් විදියට ලේබල් කරනවා.

"මේ ලෝකෙ කාටවත් පිස්සු නෑ, සම්මතයි කියල සමාජය පිළිගන්න දේවල්වලට එරෙහිව යන කෙනා පිස්සෙක් කියල සමාජය ම කියනවා."

Sound of Magic කතාවෙ මායාකාරයාගෙ වචන යුන්ගිට මතක් වුණා.

යුන්ගි සැහැල්ලුවෙන් හිනාවෙන හැම වෙලාවකම ඒ දිහා ඈත ඉඳලා බලාගෙන ඉන්න ජිමින්ගෙ හිතේ තියෙන දුක, කණස්සල්ල හිරු දුටු පිණි වගේ අතුරුදහන් වෙන්නෙ කොහොමද කියන එක ජිමින් දැනගෙන හිටියෙත් නෑ.

ඒ වගේම පියානෝ යතුරු එක්ක කාර්‍යබහුල වුණු යුන්ගිට ටිකෙන් ටික තමන්ගෙන් දුරස් වෙන, තමන්ව මගහරින ජිමින්ව නොපෙනුණේ වාසනාවකටද අවාසනාවකටද කියන්න මං දන්නෙත් නෑ.

Moon Flower | YoonMin | ✅Where stories live. Discover now