1

424 93 26
                                    

මාසෙ පළවෙනි ඉරිදා දවස. යුන්ගි ගොඩක් සතුටින්. පල්ලියේ උදෑසන දේව මෙහෙයට සහභාගි වෙන්න තාත්තගෙන් අවසර අරගෙන ආව ඔහු දේව මෙහෙය අවසානයේ දී පල්ලියේ ලොකු පියානෝව අසළට ඉගිල්ලුණා.

මේ මාසෙට ඉරිදා දවස් පහයි. ඒ කියන්නෙ යුන්ගිට වැඩිපුරත් දවසක් තියෙනවා. සතුට දෙගුණ තෙගුණ වෙලා යන්න ඒ මදිද?

පියානෝව අසළ තිබුණු කුඩා ආසනයට යුන්ගි තමන්ගෙ බර දරාගන්න ඉඩ දුන්නා. පපුව පිරෙන්න ගත්ත නිදහස් හුස්මකට පස්සෙ ඔහුගේ පෝසිලේන් පැහැති දිගු සිහින් ඇඟිලි පියානෝ යතුරු උඩ දුවන්න පටන් ගත්තා. 'The Promise' ගීතයේ ස්වර යුන්ගිගේ ඇඟිලි තුඩුවලින් වාදනය වෙද්දි ඔහුගේ දකුණු පාදයත් ඒ රිද්මයටම චලනය වුණා.

වාදනය අවසානයේ දී දෑස් අරිද්දි වචනවලට පෙරළන්න බැරි තරමෙ සැහැල්ලුවක් යුන්ගිට දැනුණා. ජීවිතය සම්පූර්ණ වෙන්න නම් යුන්ගිට පියානෝවක් අවශ්‍යයි. පියානෝවෙන් ඈත් වුණු යුන්ගිගෙ ජීවිතය අසම්පූර්ණයි. ඔහු පියානෝව එක්ක බැඳිලා හිටියෙ ඒ විදියට.

ඈතින් පාක් ජිමින් එන විදිය යුන්ගි දැක්කෙ අහම්බෙන්. ආයෙමත් ගෙදරට යන්න තවත් ටික වෙලාවක් ඉතුරු වෙලා තිබුණත් යුන්ගි ඉක්මනට නැගිට්ටෙ ජිමින් එක්ක සාමීචියේ යෙදෙන්න වුවමනා නොවුණු නිසා.

පල්ලියේ පියතුමාගෙ එකම පුතා වුණු ජිමින්, පුංචි කාලෙ ඉඳලම ආගම දහම එක්ක හැදී වැඩුණු නිසාම ද කොහෙදෝ ගොඩක් අහිංසක වගේම කරුණාවන්ත චරිතයක් වුණා. මවගෙන් උරුම වුණු නිල් ඇස් දෙකත්, ප්‍රිය මනාප පෙනුමත් ජිමින් තුළ තිබුණු කඩවසම් බවට ලොකු හේතුවක් වුණා.

දැනට සති දෙකකට විතර උඩදි යුන්ගිටත් ජිමින් කියන්නෙ පල්ලියේ පියතුමාගෙ පුතා වුණු තරුණ කොල්ලා වුණත් ඒ හැමදේම වෙනස් වුණේ ජිමින්ගෙ හිතේ තමන් ගැන ඊට එහා ගිය අදහසක් තියෙනවා කියල යුන්ගි තේරුම් ගනිද්දි. ජිමින් ගැන ඒ විදියෙ අදහසක් යුන්ගි තුළ නැතිවුණත් යුන්ගිට වුවමනා වුණේ නෑ ජිමින්ට ඒ ගැන කියල රිද්දවන්න. ඒ නිසාම තමන්ගෙ එක හැසිරීම් මාත්‍රයකින්වත් ජිමින්ට බලාපොරොත්තු ඇති වෙන විදියට වැඩ කරන්නෙ නෑ කියල යුන්ගි  හිතාගත්තෙ ඒ කාලෙමයි.

තමන්ව දැකලත් නොදැක්ක ගානට ඇවිදගෙන යන යුන්ගිව දකිද්දි ජිමින්ගෙ ඇස් දිලිසෙන්න ගත්තෙ කඩා හැලෙන්න පොර කන කඳුළු බින්දු හුඟක් නිසා. කඳුළු පටලය ජිමින්ගෙ දර්ශන පථය අවහිර කළා. ඒ නිසා ඈතට යන යුන්ගිගෙ රූපය දිහාවට ඇස් අලවගෙන තියාගන්න එක ඔහුට අපහසු වුණා. ජිමින් වේගයෙන් ඇහිපිය ගැහුවෙ යුන්ගිගෙ දසුන මගහැරගන්න ලෝබකමකින්.

-"ප්‍රතික්‍ෂේප කරන්න එපා මාව..."

සිහින් හඬකින් පිටවුණු ජිමින්ගෙ වදන් නෑසෙන තරම් දුරකට ඒ වෙද්දිත් යුන්ගි ගිහින් හිටියා.


ප්‍රතික්ෂේප වෙන එක ගොඩක් වේදනාසහගතයි.

Thank you for the new cover JO7JJJ  ❤️‍U always surprise me n this gives me professional vibes 🙈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you for the new cover JO7JJJ  ❤️‍U always surprise me n this gives me professional vibes 🙈

27-04-2022

GeeSh_☔

Moon Flower | YoonMin | ✅Where stories live. Discover now