5

289 88 22
                                    

පියානෝවක්...!

කාලෙකට කලින් ගොඩක් ආදරණීය රැකවරණයක් යටතේ ඉන්න ඇති කියල හිතන්න පුළුවන් පියානෝවක්, මේ මොහොත වෙනකල් කාගෙවත් බැල්මක්වත් නොවැටෙන අඳුරු කාමරයක තනිවෙලා.

යුන්ගිගෙ ඇඟිලි පියානෝ යතුරුවල තනි මකන්න හිටිය දූවිලි තට්ටුව නොසලකා ම ඒ උඩින් දිව්වා.

හදිසි වාදනයක් වුණත් හුඟ කාලෙකට පස්සෙ තමන්ගෙන් කෙනෙක් ප්‍රයෝජනයක් ගත්ත එක ගැන පියානෝවත් සතුටු වුණු බවක් පෙනෙන්න තිබුණා.

යුන්ගිට තිබුණු ලොකුම ප්‍රශ්නෙ, "තාත්තා දන්නවද මේ ගැන?"

සමහරවිට යුන්ගි කල්පනා කරමින් හිටිය ප්‍රශ්නය ඒ තනිවුණු කාමරයටත් තේරෙන්න ඇති. යුන්ගිගෙ දැහැන බිඳිලා යන විදියට රාක්කෙ තිබුණු පොතක් බිම වැට්ටුවෙත් ඒ හින්දම වෙන්න ඇති.

තිගැස්සුණු යුන්ගි නිකමට වගේ වැටුණු පොත අතට ගත්තෙ ඒ ලැබුණු ඉඟිය වටහාගෙනදෝ නොගෙනදෝ කියල මං දන්නෙ නෑ. ඒ වුණත් ඒ පොත ඇතුළෙන් වැටුණු පරණ කළු සුදු ඡායාරූප කිහිපය යුන්ගිගෙ ඇහැගැටුණෙ නම් දෛවෝපගත සිදුවීමක් විදියට කියල මට ස්ථිරවම කියන්න පුළුවන්. නැත්තං අවුරුදු ගාණක් තිස්සෙ යුන්ගිගෙන් වසන් කරන්න උත්සාහ කරපු දේවල් මේ විදියට අහම්බෙකින් වුණත් යුන්ගිට දැනගන්න ලැබෙයිද?

යුන්ගි ඡායාරූප එකින් එක වෙව්ලන දෑතින් එහා මෙහා හරවමින් බැලුවෙ තමන්ගෙම ඇස් දෙක පවා විශ්වාස කරන්න තිබුණු දෙගිඩියාවෙන්. ඒ කාමරයේ තිබුණෙ මළානික ආලෝකයක් වුණත්, ඡායාරූප කළු සුදු ඒවා වුණත්, ඒවා කොයිතරම් පරණ වුණත් ඒවායෙ හිටියෙ තමන්ගෙම තාත්තා වුණු මින් මහත්මයා බව අඳුරගන්න යුන්ගිට අමුතුවෙන් සාක්කි ඕනි වුණේ නෑ.

ප්‍රශ්නෙ තිබුණෙ එතන නෙවෙයි. ප්‍රශ්නෙ වුණේ ඒ හැම ඡායාරූපයකම තාත්තට අමතරව මීට මොහොතකට කලින් යුන්ගිට හමුවුණු පියානෝවත් හිටිය එක. ඒ සමහර ඡායාරූපවල තාත්තා පියානෝව වාදනය කරමින් ඉන්න විදියත් යුන්ගි දැක්කා.

"තාත්තත් ඒ කාලෙ සංගීතයට වගේම පියානෝ වාදනයට කැමැත්තෙන් හිටිය නම් ඇයි දැන් අකමැති?"

Moon Flower | YoonMin | ✅Where stories live. Discover now