2

337 88 13
                                    

-"යුන්ගි, ඔයාව මුණගැහෙන්න කෙනෙක් ඇවිත්."

යුන්ගි හිටියෙ කෑම කන ගමන්. මේ වෙලාවෙ තමන්ව හමුවෙන්න විද්‍යාලයට ම ඇවිත් ඉන්නෙ කවුද කියල හිතන අතරෙ ඔහු කෑම පිඟානෙන් ඔලුව ඉස්සුවා.

තාත්තා වෙන්න බෑ. මොකද යුන්ගි දන්නවා තමන්ගෙ තාත්තා ගොඩක් සෙනඟ ගැවසෙන තැන්වල රැඳෙන්න ඒ තරම් කැමත්තක් දක්වන්නෙ නෑ කියල.

යාලුවෙක් වෙන්නත් බෑ. ඇයි කිව්වොත් හමුවෙලා කතා කරන්න තරම් යාලුවො යුන්ගිට හිටියෙ නැති නිසා.

එහෙනම් කවුරු වෙන්න ඇතිද මේ?

හිත හිත ඉන්න එක පසුවට කල් තියලා යුන්ගි මේසයෙන් නැගිටලා ගියෙ ඉතුරු වෙලා තිබුණු බිත්තර පළුව කටට ඔබා ගන්න අතරෙ.

-"ජිමින් ඔයා?"

ඇවිත් ඉන්නෙ ජිමින් කියල දැක්කම යුන්ගිට කකා ආව බිත්තරෙත් හිර වුණා.

යුන්ගිගෙ කටහඬ ඇසුණු සැනින් ජිමින් අසුනින් නැගිටලා ඔහුට ආචාර කළා. තවමත් ජිමින් ඇවිත් ඉන්නෙ ඇයි කියලා හිතන ගමන් හිටි නිසා පෙරළා ආචාර කරන්නත් යුන්ගිට අමතක වුණා.

-"ඔයා මොකටද මාව හම්බෙන්න ආවෙ? ඒකත් මගෙ යාලුවො ඉන්න තැනටම? එයාලා මොනා නොහිතයිද?"

නොහිතපු වෙලාවක අහන්න ලැබුණු යුන්ගිගෙ කෑකොස්සන් හඬින් ජිමින් මදක් තිගැස්මට පත් වුණා.

-"ඇත්තටම යුන්ගි... මං ආවෙ ඔයාව හමුවෙන්න නෙවෙයි."

යුන්ගිගෙ මුහුණ බලාගෙන ඉඳිද්දි අඳුරු වෙලා ගියා. කාපු කෑම වමාරලා ඇඟ සැහැල්ලු කරගෙන පියවි ඇසට පේන්නෙ නැති පුංචිම පුංචි වැලි කැටයක් ගානට ජිමින්ගෙ ඇස් මානෙන් අතුරුදහන් වෙලා යන්න එයාට වුවමනා වුණා.

-"අහ්ම්...මේ......මං කිව්වෙ, දන්නැද්ද ඉතින් පොඩ්ඩක්..."

යුන්ගිගෙ එකිනෙකට පැටලැවුණු වදන් ජිමින්ට සිනහවක් ඉපදෙව්වා.

-"හරි, මං ඔයාව මුණගැහෙන්න මෙතනට නොආව එක ඇත්තයි. ඒ වුණත් දැන් ඔයාව හම්බුණානෙ... ඉතින්...."  ජිමින් තමන්ගෙ වචන ඇද්දා.

-"ඔව්, ඉතින්?"  යුන්ගි ප්‍රශ්න කළා.

-"මේක බලන්න."  ජිමින් සිය ගමන් මල්ලෙන් පිටතට ගත් අත් පත්‍රිකාවක් පෑවා.

Moon Flower | YoonMin | ✅Where stories live. Discover now